නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හිසකෙස් අකලට ගැලවීයාම වැඩිපුර බලපාන්නේ පිරිමින්ටද ගැහැනුන්ටද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

හිසකෙස් අකලට ගැලවීයාම වැඩිපුර බලපාන්නේ පිරිමින්ටද ගැහැනුන්ටද

Published May 19, 2025

හිසකෙස් ගැලවී යෑම පිරිමින්ට වැඩි වශයෙන් බලපෑමක් ඇති කරන සංසිද්ධියක් ලෙසින් අප හිතුවත් එය කාන්තාවන්ටත් එක සේ බලපාන බව පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙනවා.

හිසකෙස් ගැලවී යෑමට හේතු මොනාවාද..?

යම් පුද්ගලයෙකුගේ හිසකෙස් ගැලවී යෑමට විවිධ හේතු බලපානවා. සමහර විට එය ජානමය උරුමයක් විය හැකියි. විශේෂයෙන් තටට්ය සහිත පිරිමින් සම්බන්ධයෙන් ගත් විට ඔවුන්ගේ පවුල් ඉතිහාසය තුළ තට්ටය පෑදීමට වැඩි අවදානමක් තිබෙනවා. සමහර විට විවිධ රෝගාබාධ නිසාත් හිසකෙස් ගැලවීම යෑම සිදු වෙනවා.

වයසත් සමග අපේ හිසකෙස් ගිලිහීම සාමාන්‍ය තත්ත්වයක්. තරුණ කාලයේ ඔබේ හිසකෙස්වල පැවැති පරිමාව වයසත් සමග ක්‍රමයෙන් හීන වෙන්න පුළුවන්. අපේ ජීවන රටාව වගේම හිසකෙස්වලට සත්කාර නොකිරීමත් හිසකෙස් ගැලවී යෑමට බලපාන ප්‍රධාන හේතු කීපයක් ලෙස සඳහන් කළ හැක.

හිසකෙස් ගැලවී යෑමට බලපාන හේතු අලලා මහා බ්‍රිතාන්‍යයේ සායනික හිසකෙස් සම්බන්ධ විශේෂඥයෙකු (trichologist) වන එනිතන් අගිඩි විසින් මේ පිළිබඳව අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. අපි හිසකෙස් ගැන බොහෝ දේ දන්නවා. ඒ වගේම හිසකෙස් ගැලවී යෑම ඕනෑම පුද්ගලයෙකුට, ඕනෑම වයසකදී සිදු විය හැකි බැව් ඇය සඳහන් කරනවා.

ඇමරිකාවේ පර්යේෂණ පත්‍රිකාවක සඳහන් කරන අන්දමට වයස අවුරුදු 18-29 අතර වයස් කාණ්ඩයේ පිරිමින්ගෙන් 16% ක්ද, වයස අවුරුදු 30-39 අතර පිරිමින්ගෙන් 30% ක්ද, වයස අවුරුදු 40-49 අතර පිරිමින්ගෙන් 50% කටත් වැඩි පිරිසක්ද හිසකෙස් ගැලවී යෑම පිළිබඳ තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටිනවා. කාන්තාවන්ගෙන් තුනෙන් එකක් තම ජීවිතයේ යම් අවස්ථාවක හිසකෙස් ගැලවී යෑමේ මානසික පීඩනයට පත් වෙන බැව් හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලය පෙන්වා දී තිබෙනවා.

හිසකෙස් ගැලවී යෑම ආපසු හැරවිය හැකිද…?

හිසකෙස් ගැලවී යෑම සුදුසු ප්‍රතිකාර මගින් ආපසු හැරවීමට හෝ මන්දගාමී කිරීමට හැකි වුණත් එය ජීවිත කාලය පුරාම කැපවීමෙන් කළ යුතු බැව් විශේෂඥයන් සඳහන් කරනවා. ඒ වෙනුවෙන් ඔබ විසින් කළ යුතු දේ ගැනත් ඔවුන් සඳහන් කරනවා. ඔබේ හිසකෙස් හැලෙන බැව් දැනගත් විට මුලින්ම චර්ම රෝග පිළිබඳ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත් බැව් චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආන්වල් පන්ත් සඳහන් කරනවා.

හිසකෙස් ගැලවී යෑම නිසා කනස්සල්ලට පත් බොහෝ අය “ මිනොක්සිඩිල් ” වැනි රසායනික ද්‍රව්‍ය සහිත ආලේපන හෝ කැෆේන් පදනම් කරගත් නිෂ්පාදන භාවිත කිරීමට උත්සහ කරනවා. මෙම මිනොක්සිඩිල් දියර හෝ පෙන ආකාරයෙන් භාවිත වේ. එය කෙස් මුල්වලට රුධිර ප්‍රවාහය වැඩි කරන බැව් සොයා ගෙන ඇති අතර හිසකෙස් තුනීවීම වලක්වා දිගු කෙස් වර්ධනයට ඉඩ සලසා දෙන බැව් වෛද්‍ය ආන්වල් සඳහන් කරනවා. නමුත් එයින් නව කෙස් වර්ධනයට බලපෑමක් ඇති නොකරන බවත් ඔහු වැඩි දුරට සඳහන් කරනවා.

පිරිමින් සඳහා…

විශේෂයෙන් පිරිමින් සඳහා “කීටොකොනසෝල් ” හිසකෙස් ගැලවී යෑම වැලැක්වීමට භාවිත කරනවා. විශේෂඥයින් පවසන අන්දමට එය හිස්හොරි සඳහාද ඉතා ඵලදායී ප්‍රතිකාරයකි. හිස්හොරි නිසාත් හිසකෙස් ගැලවී යෑම තව දුරටත් උග්‍ර වෙන බැව් චර්ම රෝග විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා.

මිනොක්සිල්වලට වඩා මෙම කීටොකොනසෝල් හිස්කබලේ දිලීර ආසාදන සඳහා භාවිත කරන ප්‍රධාන දිලීර නාශක ඖෂධයක්. මෙම “ කීටොකොනසෝල් ” මගින් හිසකෙස් නැතිවීමට සම්බන්ධ DHT හෝර්මෝන මටට්ම අඩු කිරීමට හැකියාවක් තිබෙනවා. හිසකෙස් ගැලවී යෑමට ප්‍රතිකාර ලබා ගත් පසුව එම කාර්යය එතැනින් අවසන් බව බොහෝ අය සිතුවත් එය එසේ නොවේ. හිසකෙස් ගැලවී යෑම ආපසු හැරවීම ජීවිත කාලය පුරා කරන කැපවීමක් බැව් පර්යේෂකයන් අවධාරනයෙන්ම සඳහන් කරනවා.

ජීවන රටාවේ වෙනස්කම්...

ඔබ නිතරම හිසකෙස් අයන් කරනවා නම් සහ තදින් ගොතනවා නම් එය හිසකෙස් කැඩී යෑමට හේතුවක් බැව් අප්‍රිකාවේ හිසකෙස් පිළිබඳ විශේෂඥ අගඩි සඳහන් කරනවා. කොණ්ඩ මෝස්තර වැදගත් නමුත් එය හිසකෙස්වලට පීඩනයක් නොවිය යුතුයි. එයින් ඔබේ හිස්කබලේ හිසකෙස් වර්ධනයට පමණක් නොව, තුවාල සුව කිරීමට සහ හිස් කබලේ සම නැවත සකස් කිරීමටත් උපකාරී වෙනවා.

අධික ලෙස හිසකෙස් විලාසිතාවන් නිසා ඇතැම් ගඅය කම්පන ඇලිෂියා (traction alopecia) සහ ඉදිරිපස ෆයිබ්රොසින් ඇලිෂියා ලෙස (fibrosing alopecia) හඳුන්වන හිසකෙස් අහිමි වීමේ තත්වයන්ටත් පත්ව සිටිනවා. මත්පැන්පානය, දුම්බීම, ආතතිය සහ සුව නින්දක් නොමැති වීම හිසකෙස් ගැලවීමේ තත්ත්වය තව දුරටත් උග්‍ර කරනු හේතු වෙනවා.

දුම්පානය නිසා රුධිරවාහිනී සංකෝචනය වන අතර එය ඔබේ අවයවවලට වගේම හිස්කබල සම්බන්ධයෙන්ද බලපාන බැව් අමතක කළ යුතු නැති බැව් පර්යේෂකයන්ගේ අදහසයි. හිස්කබල නිසි පරිදි පිරිසිදු නොකිරීම, තවත් හේතුවක්. ඔබේ හිස්කබල ලේ සහිත නම් සෑම දිනකම හෝ දිනක් ඇර දිනක් හිසකෙස් සෝදන්න. හිසකෙස් සාමාන්‍ය හෝ වියළි නම් සතියකට අවම වශයෙන් තුන් වතාවක් හෝ සේදීම වැදගත්.

හිසකෙස් බද්ධ කිරීම…

හිසකෙස් බද්ධ කිරීම රූපලාවන්‍ය ක්‍රියාපටිපාටියකි. ඒ වෙනුවෙන් ශල්‍ය කර්ම භාවිත වේ. පෙනුම පිළිබඳ ප්‍රශ්න මුල් කර ගෙන බොහෝ අය හිසකෙස් බද්ධ කිරීම වෙනුවෙන් යොමු වෙනවා. මෙය පිරිවැය ඉහළ වුණත් බොහෝ අය තම පෙනුම පිළිබඳ ඇති කැමැත්ත මත මේ හිසකෙස් බද්ධ කිරීම වෙනුවෙන් යොමු වීමේ ප්‍රවනතාවයක් පවතිනවා. එතිනන් ඇගඩි සඳහන් කරන අන්දමට මේ බද්ධ කිරීමට යොමුවීම අවසාන විසඳුම ලෙසින් සලකන්න බැහැ.

බද්ධ කිරීමකින් පසුව හිසකෙස්වලට ප්‍රතිකාර නවතා දැමුවහොත් වසර පහක් හෝ හයක් ඇතුළත ඔබේ ස්වභාවික හිසකෙස් ගැලවී ගොස් බද්ධ කළ හිසකෙස් පමණක් ඉතිරි වෙන තත්ත්වයට පත් වේ. ඒ නිසා ස්වභාවික හිසකෙස් ගැලවී යන තත්ත්වයක් දකිනවා නම් කල් නොතබා ප්‍රතිකාර ලබා ගැනීමත් ඉතාම වැදගත්.

බී.බී.සී පුවත් ඇසුරින්

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?