බ්‍රිතාන්‍ය ජාතික සිරිල් නෝත්කෝට් පාකින්සන් විසින් 1942 දී ලියන ලද කෘතියකින් කියවෙන ජීවිතයට ඉතා වැදගත් නීතියක් ගැනයි අද කියන්න හදන්නෙ. කාලය හරි විදිහට පාවිච්චි කරලා එදිනෙදා වැඩකටයුතු කරගන්න ආකාරය තමයි මේකෙන් කියවෙන්නේ.
මොකද්ද මේ නීතිය?
පාකින්සන් ලෝ කියන්නෙ ඔයාලගෙ එදිනෙදා වැඩ කටයුතු නිසි කාල කළමනාකරණයකින් යුතුව කරගන්න උපකාරී කරගන්න පුළුවන් ක්‍රමයක්. මේ ක්‍රමය හරියටම අනුගමනය කරන අයට තමුන්ගෙ වැඩ ක්‍රමවත්ව වගේම පහසුවෙන් කරගන්න හැකිවෙනවා.
සාමාන්‍යයෙන් දවසකට වැඩකටයුතු ගොඩක් කරන, කාර්යබහුල කෙනෙක්ට මේ ක්‍රමය සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ නීතියේ හරය තමයි යමක් කිරීමට වෙන් කරන කාලය ඒ කාර්යය සම්පූර්ණ කිරීම සඳහා යෙදවෙනු ඇතැයි කියන එකයි.
මේක කරන්නෙ කොහොමද?
මේක බොහොම සරල දෙයක්. දැන් ඔයා මොකක්හරි වැඩකට යම්කිසි කාලයක් දුන්නොත් ඒ වැඩේ ඒ කාලෙ ඇතුළත සම්පූර්ණ කරගන්නවා කියලා හිතනවා. ඔයා ඒ වැඩේ ඉවර කරන්න මාසයක කාලයක් ගන්නවා කියලා හිතුවොත් ඔයාට ඒක ඉවර කරන්නත් මාසයක් යනවා.
ඒ වගේම ඔයා කොහොමහරි ඒ වැඩේ සතියෙන් ඉවර කරනවා කියලා ටාගට් එකේ හිටියොත් අනිවාර්යෙන්ම ඔයා ඒක සතියෙන් ඉවර කරනවා. මේකට බලපාන්නෙ අපි හිතාගන්න කාලපරිච්ඡේදයයි. අපි අපේ මනසට ලබාදෙන සාදාරණ කාලය ඇතුලෙ මනස ඒ වැඩේ ඉවර කරගන්න උත්සහ කරනවා.
Parkinson’s Law එකට උදාහරණ
හිතන්න ඔයා ඔයාගෙ ගෙදර අස් කරන්න දින 30 ක කාලයක් දෙනවා. ඔයා ඒක ඉවර කරන්න දින 30 ම ගන්නවා. ඒකට පැය 3 ක කාලයක් මනසින් වෙන් කළොත් ඔයා ඒක පැය 3 න් ඉවර කරනවා.කවුරුහරි ඔයාට වැඩක් බාර දෙනවා මේක දවස් 3 න් කරන්න කියලා. එතකොට ඔයාගෙ මනසට එනවා දවස් 3 ක් තියනවනෙ ඒ වැඩේ ඉවරකරන්න කියලා. එතකොට ඔයා ඒක හෙමින් දවස් 3 ම අරන් කරනවා. හිතන්න ඔයාට ඒ වැඩේට ලැබෙන්නෙ එක දවසයි කියලා. ඔයා කොහොමහරි ඒක දවසින් කරලා ඉවර කරන්න උත්සහ කරන්නෙ නැද්ද. ආන්න එතන තමා මේ නීතිය ක්‍රියත්මක වෙන්නෙ.
යොදවන උත්සාහය හා කාලය මත අරමුණු ඉටුවන ආකාරය
අපිට සරලවම මේ නීතිය මෙන්න මේ විදියට පැහැදිලි කරගන්න පුළුවන්. අපි යම්කිසි කාර්යයක් කිරීමට යොදන උත්සාහය වැඩි නම් ඒකට වැයවන කාලය අඩු වෙනවා. ඒ වගේම ඒ කාර්යය සඳහා වැඩි කාලයක් ලැබෙනකොට ඒ සඳහා යොදන උත්සාහය අඩු වෙනවා. ඒ නිසා අපි හැමවෙලේම උත්සහ කරන්න ඕනේ අඩු කාලයකින් අදාළ කාර්යය නිම කරගන්න. එතකොට අපේ අනික් කාර්යයන් සඳහාත් කාලය ඉතුරු කරගන්න පුළුවන්.
පාකින්සන් නීතිය සාර්ථක කරගන්නේ කෙසේද?
හිතන්න ඔයාට කළ යුතුම අත්‍යවශ්‍ය දෙයක් තියනවා කියලා. ඒක අපි ගිණි දැල්ලකට සමාන කළොත් ඔයාට ඒ අවශ්‍යතාව සපුරගන්න මාසයක් තියනව නම් ඒ ගිණිදැල්ලෙ ප්‍රමාණය කුඩයි. ටික ටික දවස් ගිහින් දවස් 15 ක් වුණාම ඒ ගිණිදැල්ලෙ ප්‍රමාණය ඒ කියන්නෙ වුවමනාව සපුරගන්න හිතේ තියන අවශ්‍යතාවය වැඩි වෙනවා. ඒක හෙට වෙනකොට ඉවර කරන්න ඕනෙ කියන තැනට ආවම ඒ ගිණිදැල්ල ඒ කියන්නෙ දැවෙන ආශාව ගොඩක් විශාලයි. ඉතින් දැන් තේරෙනවද ඩෙඩ්ලයින් එක ලං වෙන්න වෙන්න, අපි අපේ වුවමනාව ඉෂ්ඨ කරගන්න තියෙන අවශ්‍යතාවය වැඩියි.
පාකින්සන් නීතිය එක නිවැරදිව භාවිතකළ යුතු අවස්ථා
මේක ගොඩක් වැදගත් කාරණාවක්. හිතන්න අපිට යම්කිසි වැඩක් තියනවා ඒක ඉවර කරන්න හරියටම මාසයක් යනව නම් පාකින්සන් ලෝ එක කියලා අපි ඒක හරියට නිම කළ නොහැකි දවස් ගාණකින් හෝ දවසකින් නිම කරනවා කියලා හිතුවට එතන මේ නීතිය සාර්ථක වෙන්නෙ නැහැ.
මොකද සත්‍ය වශයෙන්ම ඒ කාර්යය සඵලදායීව නිම කරන්න යන කාලෙට වඩා අඩුකාලයකින් ඒක නිමකරගන්න කොහොමටවත්ම බැරි නිසා.ඒ වගේම පැයකින් කරලා නිම කරන්න පුළුවන් වැඩක් සතියකින් කරනවා කියලා දාගත්තත් එතනත් මේ පාකින්සන් ලෝ එක ෆෙල්වෙලා තියෙන්නෙ. මෙතනදි ඔයාගෙ මනසින් සාධාරණ කාලයක් හිතාගන්න ඕනෙ. ඒකයි වැදගත්.
සාධාරණ කාලය නැතිනම් Deadline එක හදාගන්නෙ කොහොමද?
මේක ගොඩක් අය හිරවෙන තැනක්. තමන් අදාළ කාර්යය නිමකළ යුතු නිවැරදිම කාලය හිතින් හිතාගෙන් ඒ අනුව ක්‍රිය කරන්න ඕනේ. අපිට කරන්න තියෙන වැඩේ කැපෑසිටි එක බලලා ඩෙඩ්ලයින් එකක් දාගන්න. ඒ වගේම ඩෙඩ්ලයින් එක ඉවර වෙනකොට වැඩේ ඉවර වෙන්න ඕනෙ. මේකෙදි වැඩේ ගොඩාක් දුරට ඇදෙන්නෙ නැති විදියටත් ඉක්මනින් හා සඵලදායීව කරගන්න පුළුවන් විදියටත් දාගන්න ඕනෙ.
https://asana.com ඇසුරෙන්
පවනි දිලේකා ✍️