නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දෙවන වරටත් හැදෙන Heart Attack භයානකයි.
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දෙවන වරටත් හැදෙන Heart Attack භයානකයි.

Published May 12, 2025

හෘදයාබාධ ගැන ඇසීමට පවා අපි බියවෙමු. හදිසි මරණයක් පළමුවර ඇති නොවුණත් දෙවන වර ඇති වේදෝ යන සැකය නිසා බොහෝ අයගේ මානසික තත්ත්වය බිඳ වැටෙයි. එහෙත් ඒ ගැන දැනුවත් වුවහොත් අපට යළි ඇතිවිය හැකි අනපේක්ෂිත හෘදයාබාධයක් මගහැරිය හැකි වනු ඇත.

හෘදයාබාධයක් යනු කුමක්ද?

හෘද පේශීවල යම් කොටසකට රුධිර සංසරණය අවහිරවීම හෘදයාබාධයකට හේතුවයි. ඊට හේතුවන රුධිර කැටිය මගින් එය රුධිර පේෂියට හානි සිදුවීම හෝ විනාශ කිරීම සිදුවිය හැකියි. හෘදයාබාධයකදී දැනෙන පොදු රෝග ලක්ෂණ වශයෙන් පපුවේ ඇතිවී අත්, ගෙළ, හකු පෙදෙස, පිටුපසට හෝ ආමාශයට පැතිර යා හැකි වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාව, ඔක්කාරය, සැහැල්ලු හිසරදය, සිසිල් දහඩිය ගැලීම ආදිය සඳහන් කළ හැකිය.

කාන්තාවන් සම්බන්ධයෙන් මෙම රෝග ලක්ෂණ වෙනස්විය හැකි අතර, ඔවුන්ට වඩා මෘදු රෝග ලක්ෂණ වන වෙහෙස හෝ අජීර්ණය ඇතිවිය හැකිය. පහත සඳහන් පරිදි සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීමෙන් දෙවන වරට ඇතිවිය හැකි හෘදයාබාධයකින් අත්මිදිය හැකිය.

ආහාර

දිනපතා සමබල ආහාර වේලක් ගැනීම වැදගත්ය. එළවළු, දුඹුරු සහල්, ඕට්ස් වැනි සම්පූර්ණ ධාන්‍ය වර්ග, කුකුල් මස් හා මාළු වැනි කොලෙස්ටරෝල් අඩු ප්‍රෝටීන ආහාර ඊට ඇතුළත් විය යුතු අතර, සංතෘප්ත මේදය, ලුණු සහ සීනි පරිබෝජනය සීමා කළ යුතුය.

ව්‍යායාමය

ක්‍රමවත් ව්‍යායාම රටාවක් අඛණ්ඩව අනුගමනය කළ යුතුය. සතියකට විනාඩි 150 ක අවමයකට යටත් වූ තද වෙහෙසක් නොදැනෙන ව්‍යායාමයන්හි යෙදෙන්න. කඩිනම් ඇවිදීම, පිහිනීම හෝ බයිසිකල් පැදීම උදාහරණ වේ.

අයහපත් පුරුදුවලින් ඈත් වෙන්න

දුම්බීම සම්පූර්ණයෙන්ම නතර කරන්න. දුම්බීම හෘද අවදානම සැලකිය යුතු ලෙස ඉහළ නංවයි. ඔබට තනිවම නතර කළ හැකි නොහැකි නම් උපදෙස් පතන්න. නිර්දේශිත මාර්ගෝපදේශ පිළිපදිමින් මධ්‍යාසාරය ගැනීම මධ්‍යස්ථව කරන්න.

සෞඛ්‍ය තත්ත්වය කළමනාකරණය

දැනට පවතින සෞඛ්‍ය තත්ත්වය කළමනාකරණය කරන්න. අධික කොලෙස්ටරෝල්, දියවැඩියාව, අධි රුධිර පීඩනය යනාදිය දෙවන වරටත් හෘදයාබාධයක් ඇතිවීමේ අවදානයම තීව්‍ර කරයි. නිතිපතා කළ යුතු වෛද්‍ය පරීක්ෂණ හා ලබාගත යුතු ඖෂධ නොවරදවා සිදුකරන්න.

හෘද පුනරුත්ථාපන වැඩසටහන් (Cardiac Rehabilitation Programs)

මෙම වැඩසටහන්වලට සහභාගීවීම මගින් ව්‍යායාම, පෝෂණය සහ ආතති කළමනාකරණය තුළින් රෝගයෙන් වැළකීමට අවශ්‍ය මගපෙන්වීම ලැබේ.

චිත්තවේගීය යහපැවැත්ම (Emotional Well-being)

පළමුවරට හෘදයාබාධයක් වැළඳීමෙන් පසු ඇතිවිය හැකි මානසික කඩාවැටීම ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතුය. සහායක කණ්ඩායම් හා සම්බන්ධ වීම, උපදේශනය, ලිහිල් වීමේ ශිල්ප ක්‍රම ආදිය වැදගත්ය. රෝගයකින් පසු සුවය ලැබීමේදී ශාරීරික සෞඛ්‍ය තරමටම මානසික සෞඛ්‍යයද වැදගත් බව සළකන්න.

https://patient.info ඇසුරිනි

සුනිල් අල්ගම

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

භාග්‍යවතුන්වහන්සේ දුටුවා මෙන් පහන් සිත උපදවාගත හැකි ස්ථාන නමදින්න

May 12, 2025

දැනගත යුතුම නව අරහාදී බුදුගුණ

May 12, 2025

මහා තොරණ්වලට බයක් සැකක් නැතුව ලයිට් දෙන අක්ක නගෝ

May 12, 2025

වෙසක් පෝය ලෝකෙට ගෙනිච්ච කදිරගාමර්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?