පොඩි දරුවෝ හරියට වැඩෙන්න විටමින් වර්ග ඕනමයි. ඒ අතර විටමින් C කියන්නේ වැදගත්ම විටමින් එකක්. දරුවන්ට හැදෙන ලෙඩ රෝගවලින් මිදෙන්න, ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් C ක්‍රියා කරන්න විටමින් C අවශ්‍යමයි. ඇයි ඇත්තටම විටමින් C මේ තරම් වැදගත් වෙන්නේ?
සෙම්ප්‍රතිශ්‍යාව වළැක්වීම
ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මනා ලෙස පවත්වා ගැනීමට විටමින් C හේතු වෙනවා. අධ්‍යයන මඟින් පෙන්වා දෙන්නේ හොඳින් විටමින් C ලබා ගන්නවා නම් සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව පවතින කාලය 21% කින් පමණ අඩු කර ගත හැකි බවයි. ඒ වගේම පහසුවෙන් සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්නෙත් නැහැ.
සම නිරෝගීව පවත්වාගැනීමට
විටමින් C ගැනීම නිසා ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙනවා සේම පරිවෘත්තීය C රියා නිසි පරිදි සිදු වෙනවා. ඒ වගේම සම වියලීමකින් තොරව පවත්වා ගැනීමටත් හරිම වැදගත්. පොඩි දරුවන්ගේ සමේ තෙතමනය රැකගන්නත් ඔන්න විටමින් C වැදගත් වෙනවා.
තුවාල සුව වීමට
පොඩි දරුවො සෙල්ලම්. කරනවා. ඉතින් ඒ නිසාම වැටිල තුවාල වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මේ වැටුණු, සීරුණු තුවාල පැස වන්න දෙන්නෙ නැතුව ඉක්මනින්ම සුව කිරීමේ හැකියාව විටමින් Cවලට තියෙනවා. විටමින් C මගින් සියුම් රුධිර නහර ශක්තිමත් කිරීමට සමත්. ඒ නිසා තුවාලය පැසවන්නේ නැතිව ඉක්මනින් ම සුව වෙනවා.
විදුරුමස් රෝග
පොඩි දරුවන්ට හැදෙන විදුරුමස් රෝගවලින් ඔවුන්ව ආරක්ෂා කරන්න විටමින් C හේතු වෙනවා. බොහෝ විට දත්වල විවිධ ඌණතා ඇති වීමට පෝෂණ ඌණතා බලපානවා. ඉතින් විටමින් C නිසි පරිදි ගන්නවා නම් විදුරුමස් රෝග ඇති වන්නේ නැහැ.
යකඩ අවශෝෂණය පහසු කරනවා
කුඩා දරුවන්ගේ සිරුරට යකඩ අවශෝෂණය කිරීම සඳහා විටමින් ක්‍ී ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඒ නිසා විටමින් C තියෙන ආහාර වර්ග දරුවන්ට ලබා දීම ඉතා වැදගත්.
පිළිකා අවදානම
නිසි පරිදි විටමින් ක්‍ී ලබා ගැනීම නිසා පිළිකා අවදානම සේම කොලෙස්ටරෝල් , හදවත් රෝග ආදියෙන්ද දරුවා ආරක්ෂා වෙනවා. විටමින් Cනිතරම ශරීරයේ හිතකර කොලෙස්ටරෝල් මට්ටම නිසි ලෙස තබා ගැනීම කෙරෙහි C ක්‍රියා කරනවා. ඒ වගේම ඔක්සිකාරකයක් ලෙස C ක්‍රියා කරමින් Free Radicals හෙවත් නිදහස් ඛණ්ඩ මගින් සිදුවන හානිය වළක්වනවා.
විටමින් C තිබෙන ආහාර වර්ග…
- දෙහි, නාරං, දොඩම් වැනි පැඟිරි කුලයේ පළතුරු (Citrus Fruits)
- ස්ටෝබෙරි
- නිවිති
- බ්‍රොකලි
- බේක් කල අල
- තක්කාලි
- පේර
- කිවි
ඔබේ දරුවාව නිරෝගීව තියාගන්න පුළුවන් හැම වෙලාවේම මේ ආහාර වර්ග දරුවන්ට දෙන්න අමතක කරන්න එපා.විටමින් Cකියන්නේ දරුවාගේ වර්ධනය ඉක්මන් කරන්න අත්‍යවශ්‍ය විටමින් වර්ගයක්.
https://www.webmd.com ඇසුරෙන්
පවනි දිලේකා