නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගෙදර තියෙන වාස්තුවලට පුළුවන් ඔයාව නිරෝගී කරන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ගෙදර තියෙන වාස්තුවලට පුළුවන් ඔයාව නිරෝගී කරන්න

Published May 12, 2025

අපට ඇති උතුම්ම සැපත නිරෝගීකමයි. බුදුරජාණන් වහන්සේ ආරෝග්‍යා පරමා ලාභා යනුවෙන් දේශනා කර ඇත්තේද නිරෝගී බවෙහි වටිනාකමයි. මෙලොව උපදින ඕනෑම පුද්ගලයෙක් නිරෝගීව පරමායුෂ ලැබීමට කැමැත්තක් දක්වයි. එක් දිනක් හෝ වැඩියෙන් ජීවත් වීමට බලාපොරොත්තු වන අයෙකුට තම නිරෝගී කම රැක ගැනීමට තමන් පදිංචි ස්ථානයේ පිහිටීම හේතු විය හැකි බව ඔබ මින්පෙර දැන සිටියාද?

මොහොතක් සිතන්න. ඔබ ඉදිකළ නිවසේ ආලෝකය ගමන් කිරීම අඩු මට්ටමක තිබේ නම් ඒ තුළ ඔබට නිරෝගී ජීවිතයක් කිසිසේත් බලාපොරොත්තු විය නොහැකිය. ඉර එළිය තුළ රෝග නාශක ගුණයක් ඇති බව නොරහසකි. එසේම ආපෝ, තේජෝ වායෝ, පඨවි, ආකාශ ශක්තීන්ගෙන් උපදින මිනිසාට ඉහත සඳහන් පංච භූත ශක්තීන්ගෙන් යුක්ත නිවසක් තනා එහි වැඩි කාලයක් නිරෝගීව ජීවත් වීමට හේතු වනු ඇත.

පංච මහා භූතවල නිසි ගැලපීමක් නොතිබුණහොත් වා, පිත්, සෙම් කෝපවීම් සිදුවේ. හිරු රශ්මිය මෙන් අපට ඇසට පෙනෙන ශක්තියට වඩා නොපෙනෙන ශක්තීන්ගෙන් බලපෑම් වැඩි බව හොඳින් තේරුම් ගත යුතුය. නිවසක දොර ජනෙල් හොඳින් ස්ථාන ගත කළ යුතු අතර ජනෙල් ඉරට්ටේ හා උළුවහු ඔත්තේ විය යුතුවේ. තවද උළුවහු නිසි පාදවල තැබීම මිනිසෙකුගේ ජීව ශක්තියට ප්‍රධානවම බලපායි.

උතුර හෝ ඊසාන දිශාවක තේජෝ ශක්තිය හෙවත් ගින්දර තිබීම ඉතා අශුභ වේ. එනම් ඔබගේ නිවසේ උතුර ඊසාන දිශාවල මුළුතැන්ගෙය හා ළිප තිබීම ඉතා අශුභ වේ. විදුලි මීටරය උතුර ඊසාන දිශාවට අශුභය. එය නිවැසියන්ගේ ග්‍රහ චාර්ය දුර්වල වූ අවස්ථාවල පිළිකා තත්ත්වයන් පවා ඇතිවීමට ප්‍රධානවම බලපා ඇත. පිළිකා පමණක් නොව සමහර රෝගීන්ගේ රෝග නිධාන සොයා ගැනීමට පවා අපහසු වීමට මෙම වාස්තු දෝෂ බලපානු ලබයි. තවද හිස කැක්කුම්, ස්නායු රෝග සඳහාද මෙම වාස්තු දෝෂයන් බලපානු ලබන අතර හදිසි අනතුරු තත්ත්වයන්ට මුහුණපෑමට සිදුවේ.

යම් නිවසක නැගෙනහිර දිශාවේ වතුර බොන ළිඳ ස්ථාන ගතවී ඇත්නම් බලාපොරොත්තු නොවූ අවස්ථාවල හදවත් රෝගයකින් හෝ හදිසි අනතුරකින් ජීවිත අහිමිවීම් සිදුවේ. එසේම නැගෙනහිරින් නිවසට හොඳින් ආලෝකය නොලැබෙන අවස්ථාවල නිතර සෙම් රෝග, හන්දිපත් රෝග, අස්ථි හා ශරීර අභ්‍යන්තරික රෝග ඇති කරයි. එසේ නැගෙනහිරින් නිවසට ආලෝකය ගලා ඒම සිදුනොවන අවස්ථාවල නිවෙස්වල නොපෙනෙන දෝෂවලද බලපෑම් ඇතිවේ.

ගිණිකොන දිශාවට අශුභ පිහිටීම් එනම් ගිනිකොණ දිශාවේ ළිං ස්ථාන ගත කිරීම් නිසා උෂ්ණාධික රෝග හා උෂ්ණ සමතුලනය නොවීම නිසා ඇති වන සෙම් රෝග තත්ත්වයන් ඇති කරවයි. තවද දකුණු හා නිරිත දිශා දුර්වල වූ විට එනම් වැසිකිළි නාන කාමර ආදිය මෙම දිශාවල ස්ථාන ගත වූ විට යටිබඩ, මුත්‍රාශය, වකුගඩු, අක්මාව, කොන්ද ආශ්‍රීත අසනීප හා කල්පවතින අසනීප තත්ත්වයන් ඇති වීමට හේතුවේ. විශේෂයෙන් පාද හා යටි බඩ, මුත්‍රාශය ආශ්‍රීත ශල්‍යකර්මවලට මුහුණ දීමට පවා සිදුවිය හැකිය.

යම් නිවසක බ්‍රහ්මපාදය පීඩා වීමද අසනීපවලට බලපාන ප්‍රධාන දෝෂයකි. බ්‍රහ්මපාදය නිතර පෑගෙන දිශාවක ඇත්නම් නිවසේ කුඩා දරුවන් සිටී නම් ඇදුම වැනි තත්ත්වයන් ඇති විය හැකි අතර සෙම් රෝගවලද අඩුවක් සිදුනොවේ. වැඩිහිටි අයටද හෘදයාබාධ හා පෙනහළු ආශ්‍රීත රෝගවලටද බලපෑම් ඇති කරවයි.

තවද බ්‍රහ්ම පාදයට කෙළින් නිවසේ මුදුන් යටලීය බද්ද කිරීමක් තිබුණොත් ලෙඩ රෝග වැළදී රෝග තත්ත්වය පවා සොයා ගැනීමට නොහැකිව මරණයට පවා පත්වන දෝෂයකි. එය අංශ භාගය වැනි රෝග තත්ත්වයන්ට පවා බලපෑම් ඇතිකරවයි. වහලයේ ඇතිවන බොහෝ දෝෂ ස්නායු රෝගවලට බලපානු ලබයි. ප්‍රධාන දොරට, පරාල යටලී නිසා ඇතිවන දෝෂ නිසාද ස්නායු, අස්ථි සම්බන්ධ රෝග හා අනතුරු ආදියට බලපෑම් ඇති කරවයි. ප්‍රධාන දොරෙහි උළුවහු කන් දෙකට හෝ මැද්දට පරාල හෝ යටලී වැටීම එවැනි අසනීප තත්ත්වයන් ඇති වීමට හා සිහිය අඩුවීමට පවා බලපානු ලබයි.

බ්‍රහ්ම පාදයට, නානකාමර හා පඩිපෙල් වැනි අශුභ අංගයක් එක්වූ නිවෙස්වල ජීවත් වන්නන්ට ලේ සම්බන්ධ රෝගය, හෘදය, මොළය, කොඳුඇට පෙළ ආශ්‍රීත රෝගවලට පවා මුහුණ පෑමට සිදුවේ.

මෙවැනි දෝෂයන් හඳුනාගෙන ඒ සඳහා පිළියම් යෙදීමෙන් නිරෝගී බව මෙන්ම දීර්ඝායුෂ ලැබීම් ගෙනදේ. මේ ලෝකයේ ඇති උතුම්ම සැපය වන නිරෝගී බව ආරක්‍ෂා කර ගැනීමට නිවසක් ඉදිකිරීමට පෙර සිටම මෙම වාස්තු ශාස්ත්‍රය පිළිබඳව දැනුමක් ලබාගත යුතුම වේ. ලෙඩ දුක් කරදර, බාධාවලින් තොරව ජීවිතය අර්ථවත්ව ගත කිරීමට මෙම ලිපියේ කරුණු ඔබට මහෝපකාරී වනු ඇත.

වාස්තුවිද්‍යා විශාරද නිවාස සැලසුම් ශිල්පී
සමස්ත ලංකා ශාස්ත්‍රානුකූල වාස්තු වේදීන්ගේ සංගමයේ
මාධ්‍ය ලේකම්
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
(Aloka Homes vasthu FB Page)

අර්චිත ඉඳුවර ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

භාග්‍යවතුන්වහන්සේ දුටුවා මෙන් පහන් සිත උපදවාගත හැකි ස්ථාන නමදින්න

May 12, 2025

දැනගත යුතුම නව අරහාදී බුදුගුණ

May 12, 2025

මහා තොරණ්වලට බයක් සැකක් නැතුව ලයිට් දෙන අක්ක නගෝ

May 12, 2025

වෙසක් පෝය ලෝකෙට ගෙනිච්ච කදිරගාමර්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?