නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නින්දට හොර පොඩ්ඩන්ට මතක ශක්තිය අඩුවීමේ අවදානමක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නින්දට හොර පොඩ්ඩන්ට මතක ශක්තිය අඩුවීමේ අවදානමක්

Published May 5, 2025

නින්ද කියන්නේ ශාරීරික නිරෝගීභාවය පවත්වා ගන්න අත්‍යවශයම දෙයක්. දිගුකාලීනව නින්ද අහිමිවීම තුළින් මතකය අහිමි වීම වැනි තත්ත්වයන්ට ගොදුරු වෙනවා. කුඩා දරුවන්ට සුවදායී නින්ද වැදගත්. ඔවුන්ගේ මොළයේ නිසි වර්ධනයට ප්‍රමාණවත් නින්දක් අවශ්‍යයි. දෙමව්පියන් සතු වගකීමක් තමයි දරුවන් නින්දට යොමු කරවීම. ඇත්තටම කොහොමද දරුවන්ව නිදාගන්න යොමු කරන්නේ?

දරුවා නිදිකිරවීමට නියමිත වෙලාවක් තබා ගන්න

අපි ඕනෑම දෙයක් පුරුද්දක් ලෙස සිදු කිරීමේදී එය අපට නිරායාසයෙන්ම හුරු වෙනවා. ඒ නිසා Bed time  එක සඳහා නියමිත වෙලාවක් ඇති බව දරුවාට කියල දෙන්න. යමක් තේරුම් කර දීමට අපහසු වයසේ දරුවෙක් නම් දරුවාට නියමිත වෙලාවට නිදි කරවන්න හුරු කරන්න.

නින්දට පෙර ඇඟ සෝදන්න

අපි නිදාගන්න කලින් හොඳට ඇඟ සෝදගත්තොත් සනීපෙට නිදාගන්න පුළුවන්. ඇඟ හෝදන්න කම්මැලි නිසා දහඩිය එක්ක නිදාගත්තොත් සුවපහසු නින්දක් වෙනුවට අඩ නින්දක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පොඩි දරුවන් නින්දට යන්න කලින් ඇඟ සෝදන්න පුරුදු කරන්න. රාත්‍රී නිදන ඇඳුම් අන්දවන්න. පිරිසිදු වී නින්දට යාම දරුවාට පුරුද්දක් කරන්න.

නිදාගැනීමට පෙර දරුවාට අධිකව වෙහෙස වෙන සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන්න…

නිදාගන්න කලින් දහඩිය එන ක්‍රීඩා කළොත් දරුවාගේ නින්දට බාධාවක් වෙන්න පුළුවන්. සුවපහසු නින්දක් ලබන්න නම් දරුවාව නින්දට පෙර අධිකව මහන්සි වෙන ක්‍රීඩා සිදු කිරීමෙන් වළක්වන්න.

කාමරයේ අඳුරු ආලෝකයක් තබන්න

කාමරයේ ලයිට් එළිය නිදාගන්න බාධාවක් අදුරු පරිසරය සුව පහසු නින්දකට රුකුලක්. ඒ නිසා කුඩා දරුවන් නිදාගන්න පරිසරය අඳුරු ආලෝකයක් හෝ නිල් පැහැ සියුම් ආලෝකයක් සහිත පරිසරයක් විදියට සකස් කරන්න අමතක කරන්න එපා.

ළයාන්විත සංගීතයක් දරුවාට ඇහුම්කම් දීමට සලස්වන්න

ගෝෂාකාරී සංගීතය නිදාගන්න බාදාවක් වුවත් ළයාන්විත සංගීතය නිදාගන්න පහසුවක්. ඒ නිසා දරුවාගේ වයසට සුදුසු නින්දට පොළඹවන සංගීත භාණ්ඩයක් දරුවාට ඇසෙන්න සලස්වන්න.

නින්දට පෙර දරුවාට කතන්දරයක් කියල දෙන්න…

දරුවන් කතන්දර අහන්න හරිම ආසයි. ඒ නිසා නින්දට පෙර ලස්සන කතන්දරයක් කියල දෙන්න අමතක කරන්න එපා කතන්දරය රසවත් වන තරමට දරුවා නිදා ගැනීමට යොමු වීම ඉක්මන් වෙනවා.

කාමරයේ සිසිල් පරිසරයක් නිර්මාණය කරන්න

අධික සීතල හෝ අධික උෂ්ණත්වයක් සහිත පරිසරය දරුවාගේ නින්දට බාධා කරනවා. එම නිසා නිදාගැනීමට සුදුසු පරිසරයක් දරුවන්ට ලබා දෙන්න.

https://www.webmd.com ඇසුරෙන්

පවනි දිලේකා ✍️
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?