ඔබ අත්හැරි යම් පුරුද්දක් නැවත සිදුවීම දුර්වලකමක් ලෙස සිතනු වෙනුවට කල්පවත්නා වෙනසකට යෑමේදී අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුත්තක් ලෙස සිතා කැමැත්තෙන්ම වැළඳ ගන්න. ජයග්‍රහණය නියතව ඔබ කරා එනු ඇත.
සොබාදහමේ රටාව හඳුනා ගන්න
යම් සාර්ථක කාලයකින් පසු නැවත පෙර පුරුද්දකට වැටීම සොබාදහමේ ස්වභාවයයි. සෘතු වෙනස් වීම දෙස බලන්න. ගස්වල කොළ නැතිවී ඒවා හටගන්නවා සේම අපද පසුබෑමේ වක්‍ර හරහා ගමන් කරන්නෝ වන්නෙමු. ඒවා අපගේ පෞද්ගලික පරිණාමය සඳහා අවශ්‍ය ඒවා මිස පසුබෑම් නොවේ. පසුබෑම් සහිත සොබා දහමේ රේඛීය රිද්මය අප ජීවිතය හා අපි අනාගතය වර්ධනය හා සමපාත කරගනිමු.
පසුබෑම් ඉගෙනීමට අවස්ථාවක් කරගන්න
අප පරණ පුරුදුවලට නැවත වැටෙන සෑම අවස්ථාවකදීම අපගේ චිත්තව්ගීය හා මනෝවිද්‍යාත්මක රටාවන් ගැන වටිනා අවබෝධයක් ලබාගත හැකිය. එවැනි අවස්ථාවන් අපගේ ප්රවණතා ගැන ඉගෙන ගැනීමේ අවස්ථාව ලබාදෙයි. අපව පොළඹවන්නේ කුමක්ද? ඒවායින් මිදීම සඳහා අප ප්‍රවේශ විය යුත්තේ මොනවා සමගද යන්න ගැන ඉගෙනගැනීමේ අවස්ථාවයි.
පසුබෑම් නැවත පැමිණීම සංවේදී බව සහ නිහතමානීකම වර්ධනය කරගත හැකිය අප ගැන පමණක් නොව අනෙක් අය සම්බන්ධවද සංවේදී වීමට හා නිහතමානී වීම සඳහා පසුබෑම් නැවත ඇතිවීම අපට උපකාරීවේ. මේ අවබෝධය තමුන්ගේ ප්‍රගතිය ගැන නුවවමනා සේ උසස් ලෙස සිතීමෙන් හා විනිශ්චයකට එළඹීමෙන් වැළකී වඩාත් සමබර සහ සානුකම්පික දෘෂ්ටියක් පෝෂණය කර ගැනීම සඳහා අපට උපකාරී වේ.
ප්‍රේරක හඳුනාගත යුතුය
නියම පුනරුත්ථාපනය යනු පැරණි රටාවන්ගෙන් මිදීමට කෙරෙන උත්සාහය පමණක්ම නොවේ. අප අනවශ්‍ය ලෙස ආහාර අනුභව කිරීමේ පුරුද්දෙන් මිදීමේදී අප ඉන් ලබන චිත්තවේගීය සැනසීමද ආමන්ත්‍රණය කළ යුතුය. එසේ නොකර සිදුකරන උත්සාහයෙන් අප නැවතත් පැරණි පුරුද්ද වෙතටම ඇදී යා හැකිය.
ඉවසීම සහ නොපසුබට උත්සාහය අවශ්‍යයයි
පරණ පුරුදු ඉබේ මිය නොයයි. විශේෂයෙන් ආතතිය හෝ අවිනිශ්චිත භාවය ඇතිවිට පරණ පුරුදු මතුවිය හැකිය. එහිදී ඒවා අසාර්ථකවීම් ලෙස දකිනවා වෙනුවට ඒවා අප ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ලැබුණු අවස්ථා ලෙස සිතන්න. සෑම පසුබෑමක්ම ඔබ මෙතෙක් පැමිණ ඇති දුර දෙස ආපසු බැලීමේ සහ ඔබගේ කැපවීම සහ ඉවසිලිවන්තකම පිරික්සීමේ අවස්ථාවකි.
පසුබෑම් ජයගැනීමේ උපායමාර්ග
1. අලුත් පුරුදු ඇතිකරගන්න…
පසුබෑම් වරින්වර පැමිණියත් අලුත් පුරුදුවල නොකඩවා නියැලීම තුළින් නව පුරුදු බලාත්මක කරමින් නැවත මුල සිට ඇරඹීමේ අයහපත් පුරුද්දෙන් මිදිය හැකි වනු ඇත.
2. සංවිඤ්ඤාණකව අත්විඳින්න
පෙර පුරුද්දක් ඇතිවූ විට සිහිකල්පනාවෙන් තොරව පෙර පුරුදුවලට ඇදවැටීම වෙනුවට එයට දැනුවත්ව මධ්‍යස්තව එම අවස්ථාව විඳින්න. මෙම අභ්‍යාසය වරදකාරී හැඟීම්වලින් තොරව එම පුරුද්ද අවබෝධ කරගෙන ඉන් බැහැර වීමේ මං සලසයි.
3. චිත්තවේගීය ප්‍රේරක හඳුනාගන්න
පසුබෑම් ඇතිවූ විට ඒ හා සම්බන්ධ මානසික ආතතිය, කම්මැලිකම, කළකිරීම වැනි චිත්තවේගීය ප්‍රේරක හඳුනාගන්න. ඒවා ආමන්ත්‍රණය කර හඳුනාගැනීම තුළින් අනාගතයේදී ඒවා නැවත ඇතිවීමේ සම්භාවිතාව අඩුකරගත හැකිය.
https://experiencelife.lifetime.life ඇසුරෙන්
සුනිල් අල්ගම ✍️