ලෝකයේ ජනප්‍රියම පාන වර්ග අතරින් උඩින්ම තියෙන පානයක් තමයි තේ කියන්නෙ. කාර්යබහුල ජීවන රටාවක් ගත කරන බොහෝ දෙනා තේ පානය සඳහා හුරු වී සිටිනවා. නමුත් ඕනාවට වඩා තේ පානය කිරීම ශරීරයට එතරම් හොඳ ප්‍රතිඵල ගෙන දෙන්නේ නම් නෑ.
නින්ද නොයාම
අධික ලෙස තේ පානය කිරීම ඔබේ නින්දට බාධා කිරීමට ඉඩකඩ තියෙනවා. තේවල අඩංගු කැෆෙන් ඔබේ නිද්‍රා චක්‍රයට බාධා ඇති කරන අතර කැෆෙන් නින්දේ රටාවට බලපාන මෙලටොනින් හෝමෝනයට බාධා කරනවා. තේ පානය කිරීමෙන් විනාඩි පහළොවක් ඇතුළත එහි අඩංගු වන කැෆෙන් ඔබේ රුධිරයට ඇතුළු වී ඔබේ ශක්ති මට්ටම වැඩි කරනවා. එය ඔබේ නින්දට බාධා ඇති කරන නිසා රාත්‍රී කාලයේ දී තේ පානය කිරීමෙන් වළකින ලෙසයි පෝෂණවේදීන් පෙන්වා දෙන්නේ.
අඩු පෝශක අවශෝෂණය
ශරීරයේ කැෆෙන් ප්‍රමාණය වැඩිවීම ඔබේ ආහාර ජීරණ ක්‍රියාවලියට බාධා ඇති කරන අතර ශරීරයට පෝෂණය අවශෝෂණය කර ගැනීම අඩු කරනවා. එමගින් පසුකාලීනව ඔබේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි විවිධාකාරයෙන් දැඩි බලපෑම් එල්ල විය හැකි නිසා තේ පානය සීමා කිරීම හෝ හැකිතාක් අවම කිරීම සිදු කිරීමට ඔබ අවධානය යොමු කළ යුතුයි.
නොසන්සුන් බව වැඩිවීම
බොහෝ දෙනා විවේක වෙලාව රසවිඳීමට, ආතතියෙන් මිදීමට අවශ්‍ය වේලාවට තේ පානය කිරීමට පුරුදු වී සිටිනවා. නමුත් මෙම පුරුද්ද ඇත්ත වශයෙන්ම ඔබ මුහුණ දෙන ආතතිය සහ නොසන්සුන් බව උග්‍ර අතට හරවනවා. අධික කැෆෙන් පරිභෝජනය නොසන්සුනතාවයට හේතු විය හැකි අතර එවැනි තත්ත්වයන් සමනය කරගැනීමට අවශ්‍ය නම් සාමාන්‍ය තේ වෙනුවට Chamomile තේ වැනි පානයකට හුරුවීම ඔබට කළ හැකියි.
බඩ පිපීම
තේවල අඩංගු කැෆෙන් තමයි මෙයට ප්‍රධානම හේතුව වෙන්නෙ. ඊට අමතරව ගැස්ට්‍රයිටිස් වැනි තත්ත්වයන් ඇති වීම ද විය හැකියි. තේවල අඩංගු ටැනින් නැමති සංඝටකය මගින් ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාවලියට බාධා ඇති කරනවා.
කුරුලෑ ආසාදන ඇති වීම
තේ මගින් ඉතා ඉක්මනින් ඇති වන අතුරු ප්‍රතිඵලයක් තමයි කුරුලෑ කියන්නෙ. අධික තේ පානය ශරීරයේ උෂ්ණාධික බව වැඩි කරන අතර ඒ මඟින් ශරීරයෙ රසායන සංඝටකවල අසමතුලිතතාවයන් ඇති කරමින් කුරුලෑ ඇතිවීම සිදුවෙනවා. එම නිසා එවැනි තත්ත්වයන් පාලනය කර ගැනීමට තේ පානය හැකිතාක් අවම කළ යුතුයි.
මල බද්ධය
තේවල කැෆෙන් තියෝෆිලයින් නම් තවත් රසායනයක් අඩංගු වෙනවා. ශරීරයේ විෂහරණය කිරීමට, ඔබේ මනස සහ මාංශ පේශි සන්සුන් කිරීමට සහ රුධිර ප්‍රවාහය වැඩි දියුණු කිරීමට තියෝෆිලයින් ඉතා හොඳ වන නමුත් ඔබ වැඩිපුර තේ පානය කරනවානම් මෙම රසායනිකය ඔබේ ශරීරය විජලනයට ලක් කරනවා. එම නිසා මලබද්ධයක් ඇති කිරීමේ හැකියාවක් පවතිනවා.
රුධිර පීඩන අසමතුලිතතාවය ඇති කරයි
අධික ලෙස තේ පානය කිරීමේ බරපතලම අතුරු ආබාධයක් වන්නේ රුධිර පීඩනයේ අසමතුලිතතාවයක් ඇති කළ හැකි වීමයි. අධික ලෙස තේ පානය කිරීමෙන් හෘද ස්පන්දන වේගය වැඩි කළ හැකි අතර එය අධි රුධිර පීඩනයට එක් හේතුවක් විය හැකියි.ඔබ ඔබේ පහසුව වෙනුවෙන් තේ පානය කිරීමට හුරු වී සිටියත් එය නොසිතන ආකාරවලින් ඔබේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් එල්ල කරනවා.
https://www.farmersalmanac.com ඇසුරෙන්
පවනි දිලේකා