නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අව්වේ වැස්සේ තේ දළු නෙළන ඇයව රකින ස්මාර්ට් කුඩය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අව්වේ වැස්සේ තේ දළු නෙළන ඇයව රකින ස්මාර්ට් කුඩය

Published April 14, 2025

උඩරට කඳුකරයේ තේ දළු නෙලන කාන්තාවන් ගැන අපි රස කරමින් ගීත ගායනා කරනවා. ඔවුන්ගේ ජීවිතයේ දුක නිමිති කර ගෙන විවිධ සාහිත්‍ය බිහි වෙනවා. නමුත් ඔවුන්ගේ ජීවිතයට ආර්ථික වශයෙන් හෝ කාලගුණික වශයෙන් ඇතිවන දුෂ්කරතාවයන් ගැන කතා කිරීම බොහොම මන්දගාමී ස්වභාවයක් ගන්නවා. උඩරට කඳුකරය කී විට අපේ හිතේ ඇති වෙන්නේ උණ බට තේ කුඩයක් පිටේ බැඳ ගෙන, හිසට රෙදි ආවරණයක් කර ගත් කාන්තාවක්ගේ රූපයක්. සුදු ජාතියන් විසින් තේ වගා බෝගයක් ලෙසින් අපේ රටට හඳුන්වා දී සියවස් දෙකකටත් වඩා අධික කාලයක් ගෙවී ගොස් අවසානයි. නමුත් වතුකරයේ ජීවිතය තවමත් ගෙවුන සියවස් ගණනාවක ස්වරූපයටම සමානයි.

තාක්ෂණයත් සමග වැඩ පහසු කරන මෙවලම් බොහෝ සෙයින් අප හඳුනා ගත්තත් දළු නෙලන කාන්තාවන්ගේ පාර්ශවයෙන් ඔවුන්ගේ දුෂ්කරතාවයන් ගැන අවධානයක් යොමු වුණේ නැහැ. 150 කට වඩා පරණයි. ඒ පැත්තන් කිසිම සංවර්ධනයක් වුණේ නැහැ. එවැනි වකවානුවක කාළගුණ තත්ත්වයන්ගෙන් ඇති වෙන පීඩාවන්ගෙන් ආරක්ෂිතව තමන්ගේ දෛනික දළු නෙලන කාර්යය කර ගෙන යෑම පහසු කරන අපුරු මෙවලමක් හඳුන්වා දීමට හොරණ හේලීස් වතු සමාගමට අයත් හොරණ වැවිලි සමාගමේ

ස්ටොක්හෝම් වතුයායේ පාලන අධිකාරිය සමත් වී තිබෙනවා. මේ ගැන අදහස් ඉදිරිපත් කරන වතු අධිකාරී නදීර ගුණසේකර මහතා…

“අපි යම් සේවාවක් කරන විට එහි කාර්යක්ෂමතාවය ගැන උපරිම ලෙසින් සලකනවා. කාර්යක්ෂතාවය පිළිබඳ ගැටළු ඇති වුණොත් එතැන ඵලදායිතාවයත් අඩුයි. මේ ප්‍රශ්න තේ දළු නෙළන කර්මාන්තයේ යෙදී සිටින අපේ කාන්තාවන්ටත් කාලයක් පුරාම බලපා තිබෙන, නමුත් විසඳුම් නොලද ගැටළුවක් වුණා”

මේ වෙනුවෙන් ඔබ දුටු විකල්ප මොනවාද…?

තේ දළු නෙලන කාන්තාවන්ට අව්ව වගේම වැස්සෙන් පීඩා ඇති වෙනවා. අව්ව තදින් පායන විට තමන්ගේ කාර්යෙහි යෙදෙනවා වගේම වැස්ස, පින්න තත්ත්වයක වුණත් මේ කාන්තාවන් තමන්ගේ කාර්යය කරන්න ඕන. කාලගුණය බොහොම අකාරුණික විදිහට ඔවුන්ට බලපානවා.

මෙවැනි කාලගුණ තත්ත්වයකදී ඔවුන් දැනට කටයුතු කරන්නේ කොහොමද…?

බොහෝ විට මේ අය ඉටි රෙදිවලින් හිස ආවරණය කර ගන්නවා. කුඩයක් ඉහලා ගෙන දළු නෙලන්න අපහසුයි. ඒ වගේම දැනට දළු නෙලන කාන්තාවන් භාවිත කරන්නේ ප්ලාස්ටික් බාස්කට්, දළු කුඩ… මේ කූඩයක් පිටේ රඳවා ගත්තාම ඔවුන්ට කුඩයක් ඉහලා ගැනීම අපහසුයි.මේ නිසා අපේ හොරණ වැවිලි සමාගමේ ස්ටොක්හෝම් වතුයායේ පාලන අධිකාරිය විසින් නවතම ක්‍රමයක් දැන් හඳුනා ගෙන තිබෙනවා. මේ වෙනුවෙන් යොදා ගෙන තිබෙන කුඩය බඳපටි කීපයකින් යුක්ත වෙනවා. කුඩයේ බඳ පටි සිරුරට සම්බන්ධ හොඳින් සවි වෙනවා. එයින් පසුව සැහැල්ලු ප්ලාස්ටික් කුඩය පිටේ රඳවා ගත්තාම කුඩය ඉහළන්න අමුතු ආයාසයක් හෝ වෙහෙසක් අවශ්‍ය නැහැ. දවස පුරාම කුඩයෙන් සෙවන ලැබෙන නිසා කාලගුණයෙන් මේ කාන්තාවන්ට ඇති වෙන වෙහෙස බොහෝ දුරට අඩු කර ගන්න පුළුවන්.

මෙවැනි සංකල්පයක් හඳුුන්වාදීමට උනන්දු වුණේ කවුද…?

හේලීස් ආයතනයේ ප්‍රධාන පරිපාලන අධ්‍යක්ෂක රොෂාන් රාජදොරේ මහතා සහ හොරණ වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි ජොහෑන් රොද්‍රිගු මහතාගේ සංකල්පයක් අනුව සාමාන්‍යධිකාරී වසන්ත ගුණවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ දළු නෙලන කාන්තාවන් වෙනුවෙන් කාලගුණයෙන් සිදු වන්නාවූ බලපෑම් අවම කිරීම වූ අලුත් හඳුන්වාදීමේ සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම මෙවලම නිෂ්පාදනය කළා.

දැනට මෙවැනි කුඩ කීයක් නිර්මාණය කර තිබෙනවාද…?

මෙය නියමු ව්‍යාපෘතියක් විදිහට තවම ආරම්භක අවධියේ තිබෙනවා. අපි කොළ වර්ණයෙන් කුඩ 60 ක් හැදුවා. එක් කුඩයක් වෙනුවෙන් රුපියල් 1650 ක පමණ මුදලක් වැය වෙනවා. මෙය ඉදිරියට තව සංවර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සැර සුළඟකට ඔරොත්තු දීම අඩුයි. එය සාමාන්‍ය දෙයක්. නමුත් අපි ප්‍රායෝගිකව තිබෙන අඩු පාඩුත් ඉදිරියේදී සකස් කරන්න අදහස් කරනවා. තවම මේ කුඩය පාවිච්චියට පටන් ගෙන මාසයක් පමණ වෙනවා.

මෙය පාවිච්චි කරන කාන්තාවන් නම් ඒ ගැන බොහොම සතුටින් කතා කරනවා. සාමාන්‍ය වැසි තත්ත්වයකදී වෙනදා ඔවුන් දළු නෙලීම කර ගෙන යනවා. ඒක හිරිහැරයි. දැන් බාධාව අවම වෙනවා. ඒ වගේම අව්ව සැර වෙන විට දළු නෙලන වේගය අඩු වෙනවා. මිනිසුන් විදිහට එය දුෂ්කරයි. නමුත් දැන් ඔවුන්ට මේ වගේ කාලගුණ තත්ත්වයන් වෙනස් වුණත් තමන්ගේ දවසේ කාර්යය සෑහෙන පමණකින් කර ගෙන යන්න ලැබෙනවා. ඒ නිසා අපේ සමාගමටත් එයින් වාසියක් වෙනවා.

ඉදිරියේදී මේ කුඩය ගැන බලාපොරොත්තු මොනවද…?

අපි මේ කුඩය සහ කූඩය තව දුරටත් නවීකරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙම වුණොත් ලංකාව පුරාම තිබෙන තේ වතුවල දළු නෙලන සේවිකාවන් වෙනුවෙන් මෙය ලබා දෙන්න පුළුවන්. එහෙම වුණොත් ලොකු ජයග්‍රහනයක්.

එහෙමනම්… හොරණ හොරණ වැවිලි සමාගමේ ස්ටොක්හෝම් වතුයායේ පාලන අධිකාරිය විසින් ආරම්භ කරන ලද මෙම නියමු ව්‍යාපෘතිය තව දුරටත් සංවර්ධනය වී අනාගතයේදී අපේම තේ දළු නෙලන කර්මාන්තයේ යෙදෙන කාන්තාවන්ට අව් වැසි නොතකා දළු නෙලන්නට හැකියාව ලැබෙන දිනයක් උදා වේවා යැයි ප්‍රාර්ථනා කරමු…

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?