නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දරුවන්ගේ Germ Fighting වැඩි කරගන්න මේ කෑම කවන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දරුවන්ගේ Germ Fighting වැඩි කරගන්න මේ කෑම කවන්න

Published April 7, 2025
පුංචි දරුවෝ මල් වගේ. මල් වගේ ලස්සන දරුවෙක් රටට වැඩදායී පුරවැසියෙක් කරන්න නම් මානසික වගේම ශාරිරිකවත් දරුවා නිරෝගී වෙන්න ඕන.. ඒ නිසා දරුවන්ගේ ප්‍රතිශක්තීකරණය ගැන දෙමව්පියන් සැලකිලිමත් වෙන්න ඕන. දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරන ඕනෑම රෝගයකට විසඳුමක් ලෙස ප්‍රතිශක්තිය වඩවන ආහාර වැඩියෙන් ලබා දෙන්න පුළුවන්.

සුදු ලූනූ

ඉහළ ප්‍රතිශක්තිකාරක හැකියාවක් ඇති ආහාර අතර ඉහළින් ම ඇති ආහාරයක් තමයි සුදු ලූනු කියන්නේ. සුදු ලූනුවල ්කකසජසබ නැමැති ප්‍රබල ප්‍රතිජීවක රසායනය අඩංගු වෙනවා.

එමෙන්ම එමෙන්ම වෛරස්, බැක්ටීරියා වැනි විෂබීජ හරණය කිරීමේ ප්‍රබල ගුණයක් සුදු ලූනුවල තිබෙනවා. ඔබේ දරුවාගේ ආහාරවලට නිතර සුදු ලූනු එකතු කරන්න. ඉන් සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ යනවා. දරුවා රෝගවලින් ආරක්ෂා කර දෙනවා.

ඉඟුරු

අනාදිමත් කාලයක සිට ප්‍රතිශක්තිය ඉහළ නංවා ගන්නට ඉඟුරු භාවිත කරනවා. ඉඟුරු ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ද යුක්තයි. ආහාරවලට ඉඟුරු එකතු කිරීමෙන් දරුවන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නංවා ගන්නට පුළුවන්. ඉඟුරු දෝසි සෑදීම තවත් හොඳ විකල්පයක්.

එමෙන්ම උදෑසන හෝ සවස තේ පානයට ඉඟුරු කෑල්ලක් තලා දැමීමෙන් ද ඉඟුරු ලබා දෙන්නට පුළුවන්.

යෝගට්

යෝගට් කියන්නේ කුඩා දරුවන් කැමතිම ආහාරයක්. යෝගට්වල අනූන Probiotics දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. මතක තබාගත යුතු කාරණාව වන්නේ යෝගට් කොතරම් හිතකර වුවත් සීනි නම් හිතරකර නොවන බවයි. ඒ නිසා ඔබ දරුවන්ට ලබා දෙන්නේ මිලදීගත් යෝගට් නම් එහි සීනි මට්ටම ගැන ඉතා සැලකිලිමත් විය යුතුයි. ….

නිවිති

නිවිතිවල විටමින් ක්‍ සහ Betacarotene මෙන්ම ප්‍රතිඔක්සිකාරකද බහුලව අඩංගු වෙනවා. ඒ සියලු පෝෂක කොටස් ප්‍රතිශක්තිය වඩවන්නට ඉවහල් වෙනවා. නිවිති අපේ රටේ බොහොම සුලබයි.

ඒ නිසා පහසුවෙන්ම ඔබේ දරුවාට ලබා දෙන්නට පුළුවන්. නිවිති සහ පරිප්පු, නිවිති ඔම්ලට් වැනි රසවත් ආහාර ලබා දීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්නට හැකියාව ලැබෙනවා.

කහ බතල

කහ බතලවලත් Betacarotene මෙන්ම විටමින් C ද බහුලව අඩංගුයි. ඒ නිසා හොඳින් ම ප්‍රතිශක්තිය වඩවන්නට කහ බතලවලට පුළුවන්. කහ බතල තරමක් පැණි රසට හුරු නිසා තම්බා දුන්නත් දරුවන් කැමති වේවි.

ඒ වගේම අකමැති දරුවන්ට, පෑන්කේක් රෙසිපි එකට පාන්පිටි වෙනුවට කහබතල ආදේශ කිරීමෙන් රසවත් කහබතල පෑන්කේක් සකසා ගන්නට පුළුවන්. නිතර කහබතල ලබාදීමෙන් දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ නැංවෙනවා.

බිත්තර

විටමින් D අඩුවීම සිරුරේ ප්‍රතිශක්තිය අඩුවන්නට හේතුවක් වෙනවා. බිත්තර විටමින් D වලින් අනූනයි. බිත්තර නිතරම ලබා දීමෙන් දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ යනවා. තැම්බූ හෝ බදින ලද බිත්තර දරුවන්ගේ අමතර ආහාර වේලකට වුවත් ලබා දෙන්නට ඔබට පුලුළුවන්.

ආමන්ඩ් ඇට

විටමින් E සහ මැංගනීස්වලින් සපිරි ආමන්ඩ් ඇටවලට ප්‍රතිශක්තිය වැඩවීමේ ඉහළ හැකියාවක් තිබෙනවා. A විටමින් E සහ මැංගනීස් ද්විත්වය ඉතා ප්‍රබල ප්‍රතිශක්තිකාරක එකතුවක් වන නිසා.

ආමන්ඩ් ඇට අමතර ආහාරවේල්වලදී සකසන්නේ නැතුව වුවත් ලබා දෙන්නට පුළුවන්. එසේ ප්‍රිය නොවන දරුවන්ට ආමන්ඩ් කුඩු කර ආහාරවලට එකතු කිරීමෙන් ප්‍රතිශක්තිය වඩවා ගන්නට පුළුවන්.

කහ

ශ්‍රී ලංකාවේ අපි අපේ ආහාරවේල්වලට නිතරම කහ එකතු කරනවා. ඒ රසය සහ වර්ණය නිසා. කහවල Curcumin අඩංගුයි. එය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිජීවකයක්.

එයින් සිරුරේ ප්‍රතිශක්තිය වැඩිවෙනවා. දරුවන්ගේ ආහාරවලටත් නොවෙනස් ව කහ එකතු කිරීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කරගන්න හැකියාව ලැබෙනවා.

අන්තර්ජාලය ඇසුරෙන්

පවනි දිලේකා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?