නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බුදු දහමට ගැළපෙන සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බුදු දහමට ගැළපෙන සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර

Published April 7, 2025

සිංහල අලුත් අවුරුද්ද අපේ ජන ජීවිතය අලුත් කරන වගේම මානසික වශයෙන් නව ජීවයක් ලබා දෙන කාලපරිච්ඡේදයක්. ඒ වගේම සිංහල අලුත් අවුරුද්ද නැකැත් සමග බැඳී තිබුණත් ඒ සමග බැඳුණු බෞද්ධ වටපිටාවක්ද තිබෙනවා. අපි සිංහල අලුත් අවුරුද්ද කී සැනින් නැකත් පත්‍රය ගැන අවධානය යොමු කළත් බෞද්ධයන් වන අපි මේ සියලු නැකැත් සමග අපේ ජීවිතයේ යම් ශික්ෂණයක් ගොඩ නගා ගන්නවා. එය බොහෝ විට අපත් නොදැනීම අපෙන් සිදු වෙන දෙයක්. අස්වැන්න නෙලා ගැනිමෙන් පසුව එළැඹෙන විවේකය උත්සවාකාරයෙන් ගත කිරිමේ පදනම මත බිහි වුණ අවුරුදු චාරිත්‍ර අතර ආගමික සංකල්පයන් අවියෝජනීය ලෙසින් බද්ධව ඇත. කලට වැසි වසින්නේ ජනතාවගේ යහ පැවැත්ම නිසා විශ්වාස කරන ඔවුන්ගේ සමස්ත ජිවන රටාව තෙරුවන් මුල් කර ගෙන බිහිව ඇත.

බුදුන් වඩිති මේ කමතට
සඳුන් සුවඳ ඉතිරෙයි වට
යොවුන් උසට තිබෙනා වැට
බුදුන් අණින් එයි කමතට


සිංහල අලුත් අවුරුද්දට පෙරාතුව ලද අස්වැන්නෙන් මුල් කොටස ඉෂ්ට දේවතාවන් වෙනුවෙන් පිදිම සිදු කරන අතර එය අනාගත අස්වැන්න වෙනුවෙන් ලබන ආශිර්වාදයක් ලෙස සලකනු ලැබේ. රාජකීය අනුග්‍රහය පවා මෙම අලුත්සහල් මංගල්‍ය්‍යට ලැබෙන අතර සෙංකඩගල රාජධාණි සමයේදි ශ්‍රි විම රාජසිංහ රජතුමා රන් දෑකැත්තකින් ගොයමම්කැපිම ආරම්භ කර ඇත. මෙම උත්සවය වෙනුවෙන්ම “ තිඟුල වෙල ”නමින් වෙල් යායක් පැවැති අතර නුවර වැව ඉදිකිරිමේදි මෙම බිම් ප්‍රදේශය වෙනුවට අලුත්සහල් මංගල්‍ය්‍ය සඳහා “ ගුරුදෙණිය ” වෙල යොදා ගෙන ඇත. පරණ සහ අලුත් අවුරුද්ද අතර කාලය නොනගතය ලෙසින් හැඳින්වේ.

මීන රාශියේ අවසානය සහ මේෂ රාශියේ ආරම්භය අතර කාලය “ නොනගතය ” ලෙසින් හැඳින්වේ. සුබ කටයුතු වෙනුවෙන් නොගැළපෙන මෙම කාලය නැකැත් නොමැති නිසාම “නොනගතය ” යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම කාලයේ පතිත හිරු කිරණ විෂ සහිත බවට පිලිගැනිමක් අපල සමනය කිරිම සඳහා මෙම කාලයේ පුණ්‍ය කටයුතුවල යෙදිම යහපත්බවට උපදෙස් දි ඇත. මේ නිසා පන්සල් ගොස් තෙරුවන් වැඳ භික්ෂුන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනිමත් මෙම කාලයේදි සිදු වේ. ඒ වගේම නොනගත කාලයේදී වෙනදා පන්සල් නොගිය අය පවා පන්සලට ගොස් තුණුරුවන් වන්දනා කොට ආශිර්වාද ලබා ගන්නවා.

අවුරුදු උදාව

නොනගතයෙන් පසුව සිදු වෙන අවුරුදු උදාවේ ප්‍රධාන අවස්ථාව ලිප ගිනි මෙලවිමයි. මේ වෙනුවෙන් නිවසේ ගෘහණියට වගකිම ලැබි ඇත්තේ ඇය ආහාර පිසිමේ කටයුත්තේ ප්‍රධාන හිමිකාරිය නිසාය. මේ වෙනුවෙන් අනුමත වර්ණයෙන් සැරසි අදාල දිසාව බලා ලිප ගිනි මොලවා ආහාර පිසිම සිදු විය යුතුය. ආහාර පිසිමේදි කිරිබත ප්‍රධාන වේ. මෙම කිරිබත වෙනුවෙන් ගිතෙල්, උඳු මුං, තල, උක් හකුරු සහ කිතුල් හකුරු යොදා ගනි.

නැකතට ලිප ගිනි මොලවා නැවුම් වළඳක් ලිප තබා කිරි උතුරවා ගෙන කිරිබතක් පිලියෙළ කර ගනු ලැබේ. නැකතට ලිප ගිනි මෙලවීමේ සංකේතය පවුලක අම්මා. එසේත් නැත්නම් බිරිඳයි. බුදුරජාණන්වහන්සේගේ ඉගැන්වීම් අනුව කාන්තාවට මේ වටිනාකම ලැබී තිබෙනවා. නැකත් පත්‍රයට අනුව සිදු වෙන ලිප ගිනි මෙලවීමේදී ඇය ලිපට වැඳ තුණුරුවන් ගුණ සිහිපත් කරමින් ලිප ගිනි මෙලවීම සිදු කරනවා.

ගණුදෙණු කිරිම සහ වැඩ ඇල්ලිම

ආහාර අනුභවයෙන් පසුව සිදු වෙන වැඩ ඇල්ලිමේදි අතීතයේදී නම් පිරිමින් මිදුලේ කිරි ගසක අත්තක් කපනු ලැබේ. කාන්තාවන් “ වංමෝල් ඇල්ලිම” ලෙසින් වංගෙඩිය සහ මෝල්ගස් ගෙන සංකේතවත් ලෙසින් කාර්ය ආරම්භ කරයි.

ආහාර අනුභවය

නැකතට ලිප ගිනි දල්වා පිසින ලද ආහාර අනුභවයට නියමිත වේලාවේදි පවුලේ ගෘහ මූලිකයාට වැදගත් තැනක් හිමි වෙනවා. ඒ වගේම බුදුරජාණන්වහන්සේ පවුලක මව්පියන්ට සුවිශේෂී වටිනාකමක් ලබා දුන් සේක. ඒ ඉගැන්වීම අදටත් අපි අනුගමනය කරන බැව් මෙම නැකැත් චාරිත්‍ර අනුගමනය කිරීමෙන්ම පැහැදිලි වෙනවා නොවේද…? වෙනදාට පියා වෙනම… දරුවන් වෙනම… ආහාර අනුභව කළත් අලුත් අවුරුදු දිනයේදී හැම දෙනා එකට එක්ව ආහාර අනුභව කිරීම සිදු වෙනවා.

ශ්‍රි ලංකාව පිතෘ මුලික සමාජයක් බැවින් ආහාර අනුභවයේ ප්‍රධාන චරිතය පියා වේ. පියා විසින් බිරිඳට සහ දරුවන්ට ආහාර පිලිගන්වනු ලබයි. එතැනින් පසුව දරුවන්ට ආහාර කවනු ලැබේ. බිරිඳ සහ දරුවන් සැමියාට, පියාට බුලත් දී වැඳීම සිදු වෙනවා. සිගාලෝවාද සුත්‍රයේදී බුදුරජාණන්වහන්සේ පවුලක දරුවන් සහ මව්පියන්… බිරිඳ සහ සැමියා අතර ගොඩනගා ගත යුතු මනා සහජීවනය පෙන්වා දුන් සේක. අලුත් අවුරුදු ගණුදෙණු කිරීම නැකත මුල් කර ගෙන සිදු වුණත් මව්පිය වන්දනාව. සැමියා සහ බිරිඳ අතර ගොඩ නගාගත යුතු සහජීවනය තුළ ඇත්තේ බුදුදහම තුළින් ඔවුන් ලබා ගත් ආභාෂයම නොවන්නේද…?

පරණ කෝන්තර අවසානයි…

අලුත් අවුරුදු කාලය පරණ තරහ අමතක කරන, පෑරුන සිත් සුවපත් කරන කාලයක්. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බැව් බුදුරජාණන්වහන්සේ අපට පෙන්වා දුන් සේක. ඒ නිසාම ගමක අමනාප අය කැවිලි හුවමාරු කිරීමෙන් සහ බුලත් දීමෙන් ඔවුන්ගේ පරණ කෝන්තර අමතක කර සිත් තුළ ශාන්තිය ඇති කර ගැනීම සිදු වෙනවා.

සැබැවින්ම මෙතැන නැකත මූලික නැත’ මෙතැනින් අර්ථවත් වන්නේ සමිගයෙන් ජීවත් වීමේ මාර්ගය ගැන බුදුරජාණන්වහන්සේ අපට කියා දුන් ධර්මයයි. වටුවන් රැළක් වැද්දාගේ දැලට අසු නොවී බේරුනේ සමගියෙන් ජීවත් වුණ නිසා බැව් අප දනිමු. නමුත් ඔවුන් අසමගි වුණ තැනදී වටුවන් වැද්දාගේ දැළට හසු විය. ගමක වුණත් සමගිය වැදගත්. අහළ පහළ අය අතර කෝන්තර ඇත්නම් ඔවුන්ද දුකෙන් පසු වෙන අතර නිතරම වෛරයෙන් දැවෙන්නට පටන් ගනී.

නමුත් බුදුරජාණන්වහන්සේ අපට පෙන්වා දුන් ධර්මයට අනුව සමගිය පවුලකට පමණක් නොව ගමකටත් ඉතා වැදගත්. ඒ නිසා අසමගිය දුරු කරන, සමගිය වඩන කාලපරිච්ඡේදයක් පිටුපසින් ඇත්තේ අපේ බුදුරජාණන්වහන්සෙ අපට කියා දුන් වෛරයෙන් වෛරය නොසන්සිඳේ. යන බුදුරජාණන්වහන්සේගේ ඉගැනීම නොවන්නේද…?

හිසතෙල් ගෑම

හිසතෙල් ගෑමේ අවස්ථාව පන්සල, දේවාලය හෝ කෝවිල, වෙදමහතා වැනි ප්‍රභුවරයෙකුගේ නිවස හෝ තම තමන්ගේ නිවස මුල් කර ගෙන හිසතෙල් ගෑම සිදු වේ. හිසතෙල් සඳහා නානු සහ තෙල් යොදා ගනු ලැබේ. හිසට සහ පයට තබන පත්‍ර නියම කර ඇත. මෙය නැකත් චාරිත්‍ර අතර ඉතා වැදගත් චාරිත්‍රයක් වෙනවා. ඊට හේතුව නැකතට හිස තෙල් ඇඹුල් ගා ස්නානය කිරීමෙන් නීරෝගී බව ඇති වෙනවා.

ඒ නිසාම මෙම නැකත අප අතර ඉතාම වැදගත් චාරිත්‍රයක් ලෙස සිදු වෙනවා. ආරෝග්‍යා පරමා ලාභා… යනුවෙන් බුදුරජාණන්වහන්සේ නීරෝගී බව පරම ලාභය ලෙසඅපට දේශනා කළ සේක. නීරෝගීවීම පෙර පින් මහිමයෙන් සිදු වෙන බැව් උන්වහන්සේ දේශනා කළ සේක’බක්කුල මහ රහතන් වහන්සේ නිරෝගි සැප සම්පත්තිය ලැබීමට පෙර පින් ලැබූ සේක. හිසතෙල් ගෑම සෙත් පිරිත් මැද සිදු කරන අතර තෙල් සහ නානු ආලේපයෙන් පසුව සිදු වෙන ස්නානයෙන් අවුරුදු චාරිත්‍ර අවසාන වේ. ඒ සමඟ ඇති නුදුරු දිනක සුබ නැකතට නැවතත් තමන්ගේ දෛනික ජිවනෝපායට යොමු වීමත් සමඟ අවුරුදු සිරිය සෙමෙන් වියැකි යනු ඇත.

කෝට්ටේ කළ්‍යාණ සාම ශ්‍රි ධර්ම මහා සංඝ
සභාවේ අනුනායක ධුරන්ධර රාජකීය පණ්ඩිත
ශාස්ත්‍රපති මකුරුප්පේ සෝමාලංකාර ස්වාමින්වහන්සේ


පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

භාග්‍යවතුන්වහන්සේ දුටුවා මෙන් පහන් සිත උපදවාගත හැකි ස්ථාන නමදින්න

May 12, 2025

දැනගත යුතුම නව අරහාදී බුදුගුණ

May 12, 2025

මහා තොරණ්වලට බයක් සැකක් නැතුව ලයිට් දෙන අක්ක නගෝ

May 12, 2025

වෙසක් පෝය ලෝකෙට ගෙනිච්ච කදිරගාමර්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?