නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සාම්ප්‍රදායික චිත්‍ර කලාව බන්දේසියට පිඟානට ගෙනෙයි ඔසිකා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සාම්ප්‍රදායික චිත්‍ර කලාව බන්දේසියට පිඟානට ගෙනෙයි ඔසිකා

Published March 24, 2025

අපි හැමෝටම වෙනස් වෙනස් විනෝදාංශයන් තියෙනවා. සමහරු කැමතියි පොත් කියවන්න, තවත් සමහරු නර්තනයට කැමතියි. ඒ අතර චිත්‍ර අඳින්නත් කැමති අය ඉන්නවා. පරණ සාම්ප්‍රදායික චිත්‍ර අඳින්න තමයි වැඩියෙන්ම ඇය කැමති. පන්සල්වලට ගිහින් පරණ චිත්‍ර දිහා බලාගෙන ඉදල ගෙදර ඇවිත් ඒ චිත්‍ර සිතුවමට නගන අපූරු පුරුද්දක් මේ චිත්‍ර ශිල්පිනියට තියෙනවා. ඇය නමින් ඔසිකා සත්සරණි. ඇය ඉන්නෙ මීරිගම.

කොහොමද චිත්‍ර අදින්න ඉගෙනගත්තේ?

හැකියාවට වඩා මම පොඩි කාලේ ඉදන්ම චිත්‍ර අදින්න කැමතියි. මිරිගම බණ්ඩාරනායක විද්‍යාලයේ තමයි ඉගෙනගත්තේ. ඕලේවල්වලටත් චිත්‍ර කරල ඒලේවල් වලටත් චිත්‍ර සබ්ජෙක්ට් එකක් විදියට තෝරගත්තා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යන එක තමයි මගේ අරමුණ වුණේ. ඒත් අපි ආස කරන හැමදේම අපිට ලැබෙන්නෙ නෑනේ.

ඒ හීනේ සැබෑ කරගන්න බැරි වුණා. ඒත් ආසාව නිසාම කැළණිය විශ්වවිද්‍යාලයෙන් චිත්‍ර අංශයෙන් භාහිර උපාධි කළා. සති අන්තයේ විතරයි ඉගැන්වීම් කටයුතු තිබුණේ. සතියේ දවස්වල නිදහසේ ඉන්න නිසා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුරූ නිකේතනයේ චිත්‍ර මූර්ති කැටයම් සම්බන්ධ කෝර්ස් එකක් කළා. සාම්ප්‍රදායික සිතුවම්වලට වැඩි තැනක් දීල ඉගැන්වීම් කටයුතු කරන තැනක් ඒ ආයතනය.

ඇයි චිත්‍ර ඇදීම ආදායම් මාර්ගයක් කරගන්න හිතුවේ?

කොරෝනා කාලේ තමයි මට බබා ලැබෙන්න හිටියේ. ඒ කාලේ මම ජොබ් එකක් කළා. කොරෝනා රෝගින් ප්‍රමාණය එන්න එන්නම වැඩි වුණ නිසා හස්බන් කැමති වුණේ නැහැ ජොබ් එකට යනවට. ඒ නිසා ජොබ් එකෙන් අයින් වුණා. ගෙදර නිකන්ම හිටපු නිසා තමයි චිත්‍ර අදින්න පටන් ගත්තෙ.

මුලින්ම බිස්නස් එකක් විදියට කරනව කියල අයිඩියා එකක් තිබ්බේ නැහැ. විනෝදාංශයක් විදියට තමයි කළේ. FB පේජ් එකක් හදලා අදින චිත්‍ර අප්ලෝඩ් කළා. ඒ චිත්‍රවලට හිතුවෙ නැති විදියට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඊට පස්සේ තමයි හිතුවේ චිත්‍ර ඇදල කස්ටමස්ලට දෙන්න ඕන කියල.

ගොඩක් අය පෝට්රේට් චිත්‍ර අදින්නේ. ඇයි වෙනස් විදියට චිත්‍ර අදින්න හිතුවේ?

ඇත්තටම පෝට්රේට් චිත්‍ර අදින අය වැහි වහින්න ඉන්නවනේ. හැමොම චිත්‍ර අදිද්දී පෝට්රේට් පැත්තටනේ යන්නේ. මට ඕන වුණේ ඊට වඩා වෙනස් දෙයක් කරන්න. මම පරණ දේවල්වලට ආසයි. පරණ බඩු එකතු කරන්නත් කැමතියි.

සාම්ප්‍රදායික චිත්‍ර අදින්න ආස වෙන්නත් ඒක හේතු වුණා. ඒ වගේම ඒ චිත්‍රවල තියෙන ලස්සන හැඩයන් වර්ණවලට මම ගොඩක් කැමතියි. නුවර යුගයේ විහාරවල චිත්‍ර අදින්න ගොඩක් කැමතියි.

පිඟන්වල විතරද අඳින්නේ?

මම චිත්‍ර අදින්න බහුලවම භාවිත කරන්නේ පිඟන්. ඊට අමතරව දැවවලත් චිත්‍ර අදිනවා. පරණ දොර පියන්වල ජනෙල් පියන්වල තමයි අඳින්නේ. කස්ටමර් කෙනෙක් මේ මේ ප්‍රමාණෙන් කරල දෙන්න කියල ඉල්ලුවොත් ඒ විදියට හදල දෙනවා ඊට අමතරව කැන්වස්වලත් චිත්‍ර අදිනවා.
 

සාම්ප්‍රදායික චිත්‍රයක් අදින්න කොච්චර කාලයක් යනවද?

අඳින චිත්‍රයේ ස්වාභාවය අනුව ගතවන කාලයත් වෙනස් වෙනවා. කෑම කන පිගානක චිත්‍රයක් අදින්න දවසක් වගේ කාලයක් යනවා. දැවවල කැන්වස්වල අඳිද්දි ඊටත් වඩා කාලයක් ගත වෙනවා.

චිත්‍ර දේශීය අයට විතරයිද විකුණන්නේ?

මම ඔන්ලයින් මාර්ගයෙන් තමයි චිත්‍ර කස්ටර්මස්ලට යවන්නේ. ඒ අය ඉල්ලන විදියට චිත්‍ර ඇඳල දෙනවා. ගොඩක්ම ඕඩර්ස් ලැබෙන්නේ ලංකාවේ අයගෙන්. පිටරට අයගෙනුත් ඕඩර්ස් ලැබෙනවා. නවසීලන්තය ඕස්ට්‍රේලියාව වගේ රටවල්වලින් ඕඩර්ස් ලැබුණා.

හොඳ ඉවසීමක් ඕන නේද චිත්‍ර අදින්න?

ඔව් ඉවසීම ඕන. සාම්ප්‍රදායික චිත්‍ර අඳිද්දී සියුම් රේඛා යොදන්න වෙනව වැඩියි. හිතේ නිදහස තියෙන්න ඕන චිත්‍රයක් ලස්සනට අඳින්න. මට ගෙදරින් කිසිම ස්ට්‍රෙස් එකක් එන්නෙ නැහැ. ගෙදරින් මේ චිත්‍ර අඳින වැඩ කරන්න එපා ගෙදර වැඩ මඟ ඇරෙනව ඒ විදියට කිව්වනම් මට මේ ගමන එන්න වෙන්නෙ නැහැ. ලැබෙන සහයෝගය නිසා මට නිදහසේ ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන්.

කාටද මුලින්ම චිත්‍ර ඕඩර් එක දුන්නේ…

ඉස්සෙල්ලාම ඕඩර් එක දුන්නේ නලින් සර්ට. ගාල්ලෙන් තමයි ඕඩර් එක ලැනුණේ. අපේ ගෙදර තිබ්බ පරණ ජනෙල් කෑල්ලක නමෝ බුද්ධාය කියල ලියල ඒකේ ෆොටෝ එකක් පේජ් එකට දැම්මා.

ඒ ෆොටෝ එක දැකල සර්ගෙන් ඕඩර් එක ලැබුණේ. ඊටපස්සෙ පිඟානක චිත්‍රයක් ඇඳල පේජ් එකට දැම්මා. ඒක දැකල ස්වාමීන් වහන්සේ නමක් පිඟන් පහක චිත්‍ර ඇඳල දෙන්න කියල ඕඩර් එකක් දුන්නා. ඒ විදියට හිමින් හිමින් තමයි පටන් ගත්තේ. අද වෙද්දී මාසයකට පිඟන් සීයක චිත්‍ර අඳින වෙලාවලුත් තියෙනවා.

චිත්‍ර අඳින්න ගෙදරින් ලැබෙන සහයෝගය…

මම විවාහකයි මට එක බබෙක් ඉන්නවා. අම්මලත් එක්ක තමයි ඉන්නේ. අම්මගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. හස්බන්ඩ් රජයේ රැකියාවක් කරන්නේ. එයාට ඉඩක් ලැබෙන හැම වෙලාවෙම මට උදව් කරනවා. බබා බලාගන්න, චිත්‍ර පැකින් වැඩ කරන්න හස්බන්ඩ් උදව් වෙනවා. රෑට තමයි ගොඩක් වැඩ කරන්නේ. ඒ වෙලාවට සද්ද බද්ද අඩුයි. නිස්කලංක පරිසරයක්නේ තියෙන්නේ.

චිත්‍රවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සාම්ප්‍රදායික චිත්‍රවලට ආස කරන අය තවමත් ඉන්නවා කියල දැනගත්තේ චිත්‍රවලට ලැබෙන හොද ප්‍රතිචාර එක්ක.

චිත්‍ර අඳිද්දී වැරදීම් වෙලා නැද්ද?

ඔව් වැරදීම් වෙලා තියෙනවා. මුලින් අඳිද්දී ගොඩක් වැරදි වුණා. පිඟානක අඳිද්දී වැරදුනාම වැරදුන තැන වැලි කඩදාසියකින් හූරල ආයේ මුල ඉඳන් අඳිනවා. සමහර වෙලාවට ලීවල අඳිද්දී ආයේ සම්පූර්ණයෙන්ම ලීය ග්‍රයින්ඩර් කරල මුල ඉඳන්ම චිත්‍රය අඳිනවා.

කොහෙන්ද චිත්‍ර අඳින්න අලුත් අයිඩියාස් ගන්නේ?

යූටියුබ් වගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝර්ම්ස්වලින් අයිඩියාස් ගන්නවා. ඊට අමතරව පන්සලකට ගියාම මම මුලින්ම යන්නේ විහාරගෙයට. විහාරගෙයි ඇඳල තියෙන චිත්‍ර හරිම ආසාවෙන් බලන් ඉඳල ෆොටෝස් අරගෙන එනවා.

මගේ ෆෝන් එකේ ගැලරියේ ගොඩක්ම තියෙන්නේ ඒ විදියට පන්සල්වලට ගිහින් අරගත්ත චිත්‍ර. ඒ චිත්‍ර ඇසුරු කරගෙන මගේ අදහසුත් දාල තමයි සාම්ප්‍රදායික චිත්‍ර අඳින්නේ.

මොනවද අලුතින් කරන්න ඉන්න වැඩ?

මම ආසයි රෙසින් ආර්ට් ගැන ඉගෙනගන්න. සාම්ප්‍රදායික චිත්‍රත් එක්ක රේසින් ආර්ට් කරන්න හිතාගෙන ඉන්නවා. දැනට පුරුදු වෙන්න කිහිපයක් කරල තියෙනවා. ඕඩර්ස් අරගෙන නැහැ.

මොනවද චිත්‍ර අඳින්න ආසාවෙන් ඉන්න අයට කියන්න තියෙන්නේ?

දැන් ඉන්න අය චිත්‍ර අඳින්න යොමු වෙනව අඩුයිනේ. චිත්‍ර පැත්තෙන් රැකියා ක්ෂේත්‍රයක් නැහැ කියල තමයි බොහෝ දෙනා හිතන්නේ නමුත් මම දන්න අය ඉන්නවා කරගෙන ගියපු රජයේ රැකියාවත් අත හැරල චිත්‍ර ඇඳලම ජීවිතේ දිනපු.

ඒ නිසා බය නැතිව මේ ක්ෂේත්‍රයට එන්න. ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉංජිනියර් කෙනෙක් වෙන්න ආස නම් ඒ ගමන යන්න. හැබැයි ආසාව තියෙනවනම් කලාව වෙනුවෙනුත් පොඩි හරි කාලයක් වෙන් කරන්න අමතක කරන්න එපා. ආදායම් මාර්ගයකටත් එහා ගියපු මානසික සුවයක් චිත්‍ර ඇදීමෙන් ලබා ගන්න පුළුවන්.

පවනි දිලේකා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?