නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බීට්රූට් බීලා තරුණ වෙන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බීට්රූට් බීලා තරුණ වෙන්න

Published March 24, 2025

අප කවුරුද වයසට යන්න කැමති? හිසේ එක් කෙස් ගසක් හෝ ඉදිණු පමණින් අපට ඇති වන්නේ ජීවිතය ගැන කළකිරීමකි. කළකිරී ඇති සැමටම වැදගත් වන පර්යේෂණයක් මෑතකදී Wake Forest University විශ්වවිද්‍යාල මගින් සිදුකර ඇත.

වැඩිහිටියන්ට වඩා හොඳයි

ශීත කලාපීය එළවළුවක් වන පෝෂ්‍ය ගුණයෙන් පොහොසත් වන අතරම විවිධාකාරයෙන් පිසගත හැකිය. ව්‍යායාමයට පෙර බීට්රූට් යුෂ පානය කිරීමෙන් මොළයට වයස්ගත වීමට එරෙහි වීමේ ශක්තිය ලැබෙන අතරම අධි රුධීර පීඩනය පාලනය කිරීම සහ කළමනාකරණය වීමද සිදුවන නිසා විශේෂයෙන්ම වැඩිහිටියන්ට මෙහි ප්‍රතිලාභ වැදගත් වන බව විද්‍යාඥයින්ගේ අදහසයි.

පර්යේෂණ මෙහෙයුම

වයස 55 ට වඩා වැඩි වැඩිහිටි නියැදියකට උදෑසන Treadmill මත ඇවිදීමේ ව්‍යායාමයට පෙර බීට්රූට් යුෂ පානය කිරීමට සලස්වා ඇත. මෙය සතියකට තෙවතාවක් සිදු කෙරිණිත නියැදි දෙකක් භාවිත කෙරුණු අතර අනෙක් කණ්ඩායමට බීට් යුෂවලට බෙහෙවින් සමාන වෙනත් පානයක් ලැබුණි.

ශාරීරික ක්‍රියාකාරකම් නොමැති අය, රුධිර පීඩනය ඇති, සෞඛ්‍ය ගැටලු සඳහා ඖෂධ වර්ග දෙකකට වඩා ඇති අය තෝරාගන්නා ලද අතර ඇවිදීමේ උපකරණය මත විනාඩි 50 ක කාලයක් ඇවිදීම ඇරඹීමට පැයකට පෙර ඔවුන්ට බීට්රූට් යුෂ අතිරේකය ලබාදෙන ලදී.

Nitric Oxide පරිවර්තනය

බීට්රූට් යුෂ Nitrates වලින් පොහොසත්ය. ඒවා ශරීරගත වූ පසු නයිට්‍රයිට බවටත් පසුව නයිටි්‍රක් ඔක්සයිඩ් බවටත් පරිවර්තනය වේ.

fõ’Nitric Oxide සහ ඔක්සිජන් සැපයුම

නයිට්‍රික් ඔක්සයිඩ් බලගතු අණුවකි. මේ මගින් සිරුරේ අවශ්‍ය කොටස් කරා ඔක්සිජන් බෙදාහැරීමේ මොළයේ කාර්යයට උපකාරී වීම සිදුවෙයි. අවශ්‍ය බෙදාහැරීම සඳහා මොළයට විශාල වශයෙන් ඔක්සිජන් අවශ්‍ය වන නිසා බීට් යුෂ මගින් ලැබෙන නයිට්‍රික් ඔක්සයිඩ් නිසා එම කටයුත්ත කාර්යක්ෂමව කිරීම සඳහා මොළයට ලැබෙන්නේ විශාල පිටිවහලකි.

සෞඛ්‍ය ප්‍රතිලාභ

පර්යේෂකයින් පෙන්වා දෙන්නේ බීට්රූට් ජීර්ණය වීමෙන් ලැබෙන නයිට්‍රික් ඔක්සයිඩ් නිසා රුධිර සංසරණය දියුණු වන බවයි. එහි ප්‍රතිලාභ වශයෙන් සංජානනය, දරා ගැනීමේ ශක්තිය ඇතුළු සමස්ත සෞඛ්‍ය පද්ධතියේම ක්‍රියාකාරීත්වය මෙමගින් ඉහළ නංවනු ලබයි. මේ නිසා ව්‍යායාමයට පැයකට පෙර සිදු කෙරෙන බීට්රූට් යුෂ මගින් සෑම වයස් කාණ්ඩයකම අයගේ ශරීර ක්‍රියාකාරීත්වය ඉහළ නංවනු ලබයි.

https://www.indiatimes.com ඇසුරිනි

සුනිල් අල්ගම ✍️


 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?