නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: විවේක දිය යුතුම ඔයාගේ කුස්සියේ ස්පොන්ජ් කෑල්ල
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

විවේක දිය යුතුම ඔයාගේ කුස්සියේ ස්පොන්ජ් කෑල්ල

Published March 24, 2025

මීට කලින් මේ ගැන හිතුනේ නැද්ද

අපේ මුළුතැන්ගෙයි භාජන පිරිසිදු කිරීම වෙනුවෙන් අතීතයේදී පොල්මුඩු වැනි දේ භාාවිත කළත් අද වනවිට එවැනි දේ සම්පූර්ණයෙන්ම අපෙන් දුරස් වී තිබෙනවා. මේ නවීකරණය වුණ මුළුතැන්ගෙයි කම්බි දැල් සහ ස්පොන්ජ් වැනි දේ දැන් ආදේශවී තිබෙනවා. මේවා ගැන අපි ඉතාම උජාරුවෙන් කතා බහ කළත් ඒ නිසා ඇති වෙන ප්‍රතිවිපාක ගැන දැන් පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

බැක්ටීරියා වගාවක්…

මුළුතැත්නගෙයි තිබෙන ස්පොන්ජ් කැබැල්ල බැක්ටීරියා වගාවට තවානක් බවට පත්ව ඇති බැව් ඩියුක් විශ්වවිද්‍යාලයේ පර්යේෂයකන් විසින් දැන් අනාවරණය කර ගෙන තිබෙනවා.

2022 වසරේ මෙම විශ්වවිද්‍යාලයේ සංශ්ලේෂී ජීව විද්‍යාඥ ලිංචොං යූ සහ පර්යේෂක කණ්ඩායම විසින් පරිගණක භාවිතයෙන් ස්පොන්ජ් කැබැල්ලක ආකෘතිකරණය අධ්‍යනය කළා. ඒ අනුව මෙම ස්පොන්ජ්එකක් මතුපිට විවිධ E.coli මාදිලියේ බැක්ටීරියා ඇති බව හඳුනාගත් අතර ස්පොන්ජ් එකක ඇති සිදුරු මගින් මෙම බැක්ටීරියා වර්ධනයට ඉතා හොඳ පරිසරයක් සපයන බවත් හඳුනා ගෙන තිබෙනවා.

ඕනෑම බැක්ටීරියා විශේෂයක් අපහසු පරිසරයක පවා ජීවත්වීමේ හැකියාව ලබා ගන්නවා. සමහර බැක්ටීරියා පෘථිවි පෘෂ්ටයේ ගැඹුරු හෝ අධික උණුසුමේදී පැවැත්ම ආරක්ෂා කරගන්නා අතර සමහර විට අධික ශීතල වගේම අයිස් මිදුන තැනක වුනත් ජීවත්වීමේ හැකියාවකින් යුක්තයි.

මෙම ස්පොන්ජ් කැබැලිවල ක්ෂුද්‍රජීවි 362 ක් ජීවත් වන බැව් 2017 වසරේදී ජර්මනියේ ෆර්ට්වැනන් විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ මාර්කොස් ඊගට් විසින් හඳුනා ගෙන තිබෙනවා. ඔවුන් හඳුනා ගෙන ඇති ක්ෂුද්‍ර ජීව විශේෂ 362 ක් වන අතර ඇතැම් බැක්ටීරියාවන්ගේ ඝනත්වය වර්ග සෙන්ටිමීටරයක ක්ෂුද්‍රජීවින් බිලියන 54 කට ආසන්න බවත් පෙන්වා දුන්නා.

මෙම අධ්‍යනයේදී ඊගට් ඇතුළු පර්යේෂකයන් විසින් බැක්ටීරියාවන්ගේ අනුපිළිවෙල සකස් කරන ලද අතර එහිදී මෙම බැක්ටීරියාවන් ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයන්ට වැඩි බලපෑමක් ඇති කළ හැකි බැව් හඳුනා ගැනීමට සමත් වුණා.

ඒ වගේම මෙම ස්පොන්ජ් කැබැල්ලක් උණුසුම් සබන් වතුරෙන් සේදුවක් බැක්ටීරියා විනාශ නොවන බැව් හඳුනා ගෙන තිබෙනවා. උතුරන වතුර දමා විෂබීජ නාශක දැමූ විට බොහෝ බැක්ටීරියා විනාශ වීමට ඉඩ තිබෙනවා.

ආරක්ෂිත ඇලෙන සුළු ජෛව පටන ඇති ඒවා මිය යන්නේ නැහැ. නමුත් සැල්මොනැල්ලා වැනි රෝග කාරක අඩු කිරීමට මෙම ක්‍රමය ඵලදායී ලෙසින් බලපාන බැව් පර්යේෂකයන් සඳහන් කරනවා.නමුත් අහිතකර බැක්ටීරියා අවමයි.

2017 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රේරිච් විශ්වවිද්‍යාලයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මහාචාර්ය ජෙනිෆර් ක්වින්ලන් සහ ඇගේ සහායකයන් විසින් නිවාස සියයකින් ස්පොන්ජ් කැබලි එකතු කර ගෙන සිදු කරන ලද අධ්‍යන වාර්තාව මගින් සඳහන් කරන්නේ මෙම ස්පොන්ජ් කැබැලිවලින් හඳුනා ගත් බැක්ටීරියාවන්ගේ සංඛ්‍යාව 1.2% ක් පමණ වන අතර ඒවා එතරම් හානිකර නොවන බවත් සඳහන් කරනවා. බැක්ටීරියා සමූහයක් මෙම ස්පොන්ජ් කැබැලිවල තිබුණත් ඒවා එතරම් හානිකර නොවන බැව් නෝර්විජියානු ආහාර පර්යේෂණායතනයේ සොල්වෙයිග් ලෑන්ග්ස්රූඩ් සඳහන් කරනවා.

ඒ වගේම මීට පෙරාතුව සිදු කරන ලද ඊගට්ගේ පර්යේෂණ වාර්තාවට අනුවත් මෙම බැක්ටීරියා කිසිදු ආහාර විෂවීමකට හෝ දරුණු රෝගාබාධවලට සම්බන්ධ නැහැ. ආහාර නිසා ඇතිවන රෝගාබාධවලට ගොදුරු වෙන රෝගීන්ගෙන් 90% කටම හේතු වෙන සැල්මොනැල්ලා, එස්වෙරියා කේලි සහ කැමිපිලොබැක්ටර් වැනි බැක්ටීරියා මෙම ස්පොන්ජ් කැබැලිවලින් හඳුනා ගැනීමට ලැබී නැහැ.

නමුත් ඔවුන් හඳුනා ගත් බොහෝ බැක්ටීරියාවන් ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන්ට වගේම වැඩිහිටියන්ට හෝ දරුවන්ට අනතුරුදායක වීමට නම් ඉඩ තිබෙන බවටත් අනතුරු දන්වා තිබෙනවා. නමුත් නිරෝගි පුද්ගලයෙකුට නම් ස්පොන්ජ් කැබැල්ල එතරම් හානියක් සිදු නොකරන බවටත් ඔවුන් සඳහන් කරනවා.

හානිකර වෙන්නේ කොහොමද…?

ස්පෙනිජ් කැබැල්ලක් දුගඳ හමන විට අප්‍රසන්නයි. ඒ වගේම මෙම ස්පොන්ජ් එකකින් අමු මස් හෝ මස් යුෂ පිස දමා තිබුණොත් ඒ මත බැක්ටීරියා වගා වෙනවා. මෙවැනි අවස්ථාවකදී ස්පෙනිජ් එක මත ඉතා හොඳින් බැක්ටීරියා වර්ධනයවීමට පුළුවන්.

ලැන්ග්ස්රුඩ් පර්යේෂකයන් විසින් ස්පොන්ජ් කැබැලි මත සැල්මොනැල්ලා යෙදු විට ඒවා හොඳින් වගා වුණා. නමුත් මෙම බැක්ටීරියා බුරුසුවලට යෙදූ විට ඒවා වියලී ගියා. ඒ නිසා ස්පොන්ජ් එකක් මත වැඩෙන සැල්මොනැල්ලා වැනි බැක්ටීරියා පිගන් වලටත් මාරු වීමට ඉඩ තිබෙන බැව් පර්යේෂකයන්ගේඅදහස වී තිබෙනවා.

ප්‍රවේසමට මේවා අනුගමනය කරන්න

ස්පොන්ජ් එක සින්ක් මත ගගබඩා නොකිරීම භාවිතා කරන අතරතුර වියලෙන්න ඉඩ දෙන්න හොඳින් වතුර මිරිකා හරින්න රැඳී තිබෙන ආහාර කැබලි ඉවත් කරන්න මේ නිසා ස්පොන්ජ් කැබැලි පාවිච්චි කිරීමේ ආදීනව නැත්තේමත් නැති නිසා පිරිසිදු කිරීමේදී ස්පොන්ජ් කැබැල්ල විශ්‍රාම ගැන්වීම හෝ තව දුරටත් මුළුතැන්ගෙදරින් ඉඩක් ලබා දීම ඔබ සතුයි.

බී.බී.සී පුවත් ඇසුරින්

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?