මුස්ලිම් බැතිමතුන් හැම වසරකම රාමසාන් උපවාස සීලය සමාදන් වෙනවා. දින 30 ක් පුරා ඔවුන් හිරු උදාවේ සිට හිරු බැස යන තෙක් උපවාස කරති. මේ අන්දමින් දින 30 ක් උපවාස කරන විට ශරීරයට සිදු වෙන දේ පිළිබඳව ඔබ නොදන්නවා ඇති. මිනිස් සිරුරේ බඩවැල්වලින් පෝෂණ පදාර්ථ අවශෝෂණය කර අවසන් කරන කාලයක් ලෙස මෙම උපවාස පැය ගණන සැලකෙනවා. එයින් මද වේලාවකට පසුව අක්මාව සහ මාංශ පේශිවල ගබඩා කර ඇති ග්ලුකෝස් ශරීර ශක්තිය සැපයීම සඳහා ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. ගබඩා කරන ලද ග්ලුකෝස් අවසන් වූ පසුව උපවාස කාලය තුළදී ඊළග ශක්ති ප්රභවය බවට මේද පත් වෙනවා.
මේදය දහනය වීමෙන් ලැබෙන වාසි…
- බර අඩුවීම
- කොලස්ටරෝල් මටට්ම අඩුවීම
- දියවැඩියාව ඇති වීමේ අවදානම අඩුවීම
ඒ වගේම මෙම කාලයේදී රුධිරයේ සීනි මට්ටම පහත වැටෙනවා. ඒ නිසා තවත් අපහසුතාවයන් ඇති වෙනවා.
- දුර්වලවීම
- උදාසීන බව
- හිසරදය
- කැරකැවිල්ල
- ඔක්කාරය
- හුස්ම ගැනීමේ අපහසුතාවය
- විජලනය වීමේ අවදානම
මේ උපවාස කාලය තුළ බැතිමතුන් වතුර හෝ පානය කිරීමක් නැහැ. ඒ නිසා උපවාස කාලයේ අඩු කරන ලද තරල ප්‍රමාණය නැවත පිරවීම වැදගත්. එසේ නොවුන විට දහඩිය දැමීම මඟින් සිරුර විජලනය වීමටත් පුළුවන්.
උපවාස පැය ගණන අවසානයේ ඔබ ලබාගන්නා ආහාර වේලට කාබොහයිඩ්ඩ්‍රේට සහ මේදය වැනි ශක්ති ජනක ආාහාර ඇතුළත් වීමත් වැදගත්. ඒ වගේම ප්‍රෝටීන්, ලවණ සහ ජලය ඇතුළු පෝෂ්‍ය පදාර්ථ සහිත සමබර ආාහර වේලක් ලබා ගැනීම ගැනත් සැලකිලිමත් විය යුතු වෙනවා.
උපවාස සීලයේ සෞඛ්‍යමය වාසි
අපේ දෛනික ජීවිතයේදී කැලරි වැඩි ප්‍රමාණයක් ආාහරයට ගන්නා නිසා ශරීරයේ අලුත්වැඩියාවන් වීම වැලකෙනවා. නමුත් උපවාස කාලයේදී ශරීරය වෙනත් කාර්යනට යොමුවන අතර නිරාහාරව සිටීම නිසා ආසාදන වැලක්වීමට වැදගත් මෙහෙයක් සිදුවන බැව් කේම්බ්‍රජ් ඇඩෙන්බෘක් විශ්වවිද්‍යාලයේ නිර්වින්දන හා දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය රසීන් මහරුෆ් සඳහන් කරනවා.
රාමසාන් දින කිහිපය අවසාන වනවිට සිරුර උපවාස ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම අනුගත වෙනවා. මේ වනවිට බඩවැල, අක්මාව, වකුගඩු සහ සම විෂහරණය කිරීමේ කාලපරිච්ඡේදයක් ආරම්භ වෙනවා.මෙම උපවාස කාලයේ අවසානභාගය වෙන විට ඉන්ද්රිය ක්‍රියාකාරීත්වය උපරිම ධාරිතාවයට නැවත පැමිණෙන අතර ඒ නිසා මතකය සහ අවධානය වැඩි දියුණුවීමට පුළුවන්.
ඒ වගේම වැඩි ශක්තියක් ලැබෙන බවත් වෛද්‍ය මහරුෆ් සඳහන් කරනවා.රාමසාන් උපවාස කාලය අලුයම සිට සවස් වන තෙක් සීමා වෙනවා. ඒ නිසා ශක්තිය සහ තරලවලින් නැවත සිරුර සම්පූර්ණ කර ගත හැකි වෙනවා. ඒ නිසා මාංශ පේශි ආරක්ෂාවීම වගේම බර අඩු කර ගැනීමටත් පහසුවක් වෙනවා.
නිරාහාරව සිටීම සෞඛ්‍යට හොඳද?
වෛද්‍ය මහරුෆ් මේ වෙනුවෙන් සෘජු ලෙසින් ” ඔව් ” යන පිළිතුර ලබා දෙනවා. අපි අඛණ්ඩව නිරාහරව සිටියොත් එය හොඳ නැහැ. එහෙම වුණොත් ඔබේ හරීරයේ මේදය ශක්තිය බවට පරිවර්තනය වීම නැවතී ඒ වෙනුවට මාංශ පේහි දෙසට හැරෙනවා. එයින් ඔබ “ සාගිනි ” තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා රාමසාන් නැතැත් කඩින් කඩ උපවාසයේ නිරත වීම (episodic fasting) හෝ සතියකට දින දෙකක් නිරාහරව සිටීමෙන් මාස ගණනක් නිරාහරාව සිටිනවාට වඩා ඔබේ සෞඛ්‍යට වාසි සහගත විය හැකි බැව් වෛද්‍ය මහරුෆ් සඳහන් කරනවා.
බී.බී.සී පුවත්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️