නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: තවත් පරපුරක් එතෙර කරන්නට පුංචිකමට කවි බණ ගයයි මෙහෙණින්වහන්සේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

තවත් පරපුරක් එතෙර කරන්නට පුංචිකමට කවි බණ ගයයි මෙහෙණින්වහන්සේ

Published March 10, 2025

බුදු සසුන තවත් චිරාත් කාලයක් පවතින්නට නම් බුදු හිමිගේ පිටුපසින් යන මහා සංඝ රත්නය සාසනයට අවැසිය. ගිහියන් වන අපව මේ සංසාර ගමනේ කටුකත්වයෙන් මුදවාලීමට උන්වහන්සේලා ලබාදෙන දහම අපට වැදගත්ය. වයසින් පොඩි වුණත් ධර්ම දැනුමෙන් ඉහළ පොඩි හාමුදුරුවරු, මෙහෙණින් වහන්සේලා මේ සසුනට මානික්‍යයන් බඳුය. මීරිගම ඉඳිපරපේ ඛේමා මෙහෙණි ආශ්‍රමයෙනුත් එවන් පොඩි මෙහෙණින් වහන්සේලා දෙදෙනෙකු නවලියට හමුවිය. ඔවුන් දෙදෙනාගේ විශේෂත්වය වන්නේ ලාබාල වයසේදීම අප සිත් සැනසෙන්න යුගාසනානු කවි බණ ඔවුන්ගේ මුවින් ඉතාමත් රමණීයව ගායනා කිරීමය.

මොරවක ධම්මසරණි මෙහෙණින් වහන්ස ඔබතුමියගේ ගිහි කාලයේ නම මතකද?

ඔව් මට මතකයි. මගේ ගිහි කාලයේ නම අන්ජලී කියුමි.

මතුගම පැලවත්තේ සුභාග්‍යා නන්දනී මෙහෙණින් වහන්ස ඔබතුමියගෙත් ගිහි කාලයේ නම අපට කියන්න පුළුවන්ද?

මගේ ගිහි කාලයේ නම යුහස්නා හිරුණි ගිහාරා.

ඔබ දෙදෙනාම පැවිදි දිවියට පිවිසියේ කොයි කාලයේද?

මොරවක ධම්මසරණි මෙහෙණින් වහන්සේ – මගේ ගම මාතර. මම මහණ වුණේ අවුරුදු 2 කට කලින්. මට වයස අවුරුදු පහළොවක් දැන් මතුගම පැලවත්තේ සුභාග්‍යා නන්දනී මෙහෙණින් වහන්සේ – මතුගම පැලවත්ත තමයි මගේ ගම. මම මහණ වුණේ ගිය අවුරුද්දේ. එතකොට මට වයස අවුරුදු එකොළහයි.

මොරවක ධම්මසරණි මෙහෙණින් වහන්ස ඇයි ඔබ මහණදිවියට එන්න හිතුවේ?

පන්සල් යද්දී සිවුර ඇඳගෙන සංවර  ගමනින් වඩින හාමුදුරුවරු දැක්කම ගොඩක් ආස හිතුණා. සමහර වෙලාවට බලං ඉන්නවා ඈත ඉඳන් ආසාව නිසාම. මම පොඩි කාලෙ ඉඳන් කැමතියි ඒ සංවරකමට, සිවුරේ පාටට. මට හිතුණා මටත් ඒ වගේ සිවුරක් දරාගෙන පන්සලේ වැඩ ඉන්න, බණ දේශනා කරන්න පුළුවන් නම් කියලා. ඒ සිතුවිල්ලෙන් මම මහණ වුණා.

මතුගම පැලවත්තේ සුභාග්‍යා නන්දනී මෙහෙණින් වහන්වහන්ස ඇයි ඔබ මහණදිවියට එන්න හිතුවේ?

මිරිස්වත්ත මහා විද්‍යාලයේ ඉගෙනගන්න කාලේ අපේ අමිතා නන්දනී ලොකු මෙහෙණින් වහන්සේව මුණගැහුණා. මම එතකොට ඉගෙනගන්නවා. ඒ සිවුර දැක්කම ගොඩක් ආස හිතුණා. මට ඒ වෙලාවේ හිතුණා පැවිදි වෙන්න තිබුණා නම් හොඳයි කියල. ඒ නිසා ගෙදර ගියපු ගමන් අම්මට කිව්ව මහණ වෙන්න ඕන කියල.

ඔබ දෙපලටම මේ ගමනට දෙමව්පියන්ගෙන් ලැබුනු සහයෝගය කොහොමද?

මොරවක ධම්මසරණි ස්වාමීන් වහන්සේ- මගේ අම්මත් පැවිදි දිවියට ඇවිල්ලා ඉන්නේ. මහනුවර ධම්මවිමංසා නමින් තමයි අම්මා පැවිදි වෙලා ඉන්නේ. අම්මත් සසර ගමන නතර කරන මාර්ගයට ඇවිත් ඉන්න නිසා මට මේ පැවිදි දිවියේ දුෂ්කරතා ආවම නිරාකරණය කරගන්න ධර්මයෙන් උපදෙස් දෙනවා. තාත්තත් උදව් වෙනවා. දානෙ අරන් එනවා. ඇවිල්ල බලල යනවා. මට මහණ වෙන්න ඕන කිව්වම අම්මයි තාත්තයි අකමැති වුණානම් අද මේ නිරාමිස ජීවිතය මට ලැබෙන්නෙ නෑ.

මතුගම පැලවත්තේ සුභාග්‍යා නන්දනී මෙහෙනින් වහන්සේ – මගේ අම්මගේ නම දර්ශනී. තාත්තගේ නම නිහාල්. අම්මයි තාත්තයි දෙන්නම බිස්නස් කරන්නේ. මගේ පිටිපස්සෙන්ම ඉන්නේ ඒ දෙන්නා. ගිහි ජීවිතයේදී මම ආස කරන හැමදේම අරන් දීලා ආදරෙන් බලාගත්තා. ඒ වගේම මම මහණ වෙන්න ආස වුණාම පන්සලට එක්කන් ඇවිත් මහණ කළෙත් තාත්තා. ඉස්සර වගේ නැතත් අදටත් දානේ අරන් මාව බලන්න එනවා. අද මේ පැවිදි ජීවිතයේ නිරාමිස සතුට විදින්නේ ඒ දෙන්න නිසා.

දැන් ඔබ දෙපළට පැවිදි ජීවිතය ගැන දැනෙන්නේ කොහොමද?

මොරවක ධම්මසරණි මෙහෙණින් වහන්සේ – ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතයට මම කැමතියි. ගිහි ජීවිතේ ඇතුළේ බැඳීම් වැඩියිනේ. නිතරම හිත රිදීම් වෙනවා. අපි එක්ක ඉන්න යාළුවෙක් තරහ වුණත් දුකයි. අපි ආස දෙයක් නොලැබුණත් දුකයි. ඒ වගේම තරහත් යනවා. ඒත් පැවිදි ජීවිතේ ඇතුළේ බැඳීම් අඩුයි. නිතරම බණ දහම් එක්ක ඉන්නේ. ඒ නිසා හිතට සැනසීමක් තමයි දැනෙන්නේ.

පැල්වත්තේ සුභාග්‍යා නන්දනී මෙහෙණින් වහන්සේ – පැවිදි ජීවිතේ හොඳයි. ලොකු මෙහෙණින් වහන්සේලා, ආරාමේ ලොකු හාමුදුරුවෝ හරිම කරුණාවන්තයි. පොඩි වරදක් වුණත් ඒ දේ කරන්න හොඳ නැහැ කියල උපදෙස් දෙනවා. දන්නෙ නැති දේවල් ළගට අරගෙන කියල දෙනවා. ගිහි කාලෙට වඩා මේ ජීවිතයට දැන් මම කැමතියි.

ලොකු මෙහෙණින් වහන්සේලාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මොරවක ධම්මසරණි මෙහෙණින් වහන්සේ – ලොකු සහයෝගයක් ලැබෙනවා. දන්නෙ නැති ධර්ම කරුණු ගැන කියල දෙන්නේ ලොකු මෙහෙණින් වහන්සේලා. ඒ වගේම උදේ පිරිවෙනට වඩිද්දි කෑම බීම සපයල දෙන්නේ උන්වහන්සේලා. අසනීප වුණාම බලාගන්නවා. පිරිවෙනට වඩින්න ඕන කරන ගමන් පහසුකම් සලසනවා පොඩිම වරදක්වත් නොවෙන්න අපට නිතරම උපදේශයන් දෙනවා. ගුණධර්ම පුරුදු කරනවා.

ඔබ දෙපළම හරි ලස්සනට මිහිරිව කවියෙන් දහම් දේශනා කරනවා. කොහොමද ඒ හැකියාව හඳුනාගත්තේ?

මොරවක ධම්මසරණි ස්වාමීන් වහන්සේ – ගිහි කාලේ පාසලේදි සංගීතය විෂයක් විදියට කළා. පොඩිකාලේ ඉදන් සිංදු කියන්න පුළුවන්. පැවිදි වුණාම ඒ හැකියාව තියෙන නිසා කවි බණ කියන්න පුරුදු වුණා. මෙහෙණින් වහන්සේලා සහ හාමුදුරුවන්ගේ මඟ පෙන්වීමෙන් තමයි කවි බණ කියන්න ඉගෙනගත්තේ.

පැලවත්තේ සුහාග්‍යා නන්දනී මෙහෙණින් වහන්සේ – ඔව් මමත් කවි බණ කියන්න යනවා. කවි බණ කියන්න යන්නේ ධම්මසරණි මෙහෙණින් වහන්සේ එක්ක. අපි දෙන්නා එකතුවෙලා යුගාසන කවි බණ කියනවා. ගිහි කාලේ පාසලේ පද්‍ය ගායනා කලාප මට්ටමේ තරඟවලින් ජයග්‍රහණ කළා. අපේ තාත්තටත් සිංදු කියන්න පුළුවන්. සීයත් කලාවට බර කෙනෙක්. ඒ නිසා පැවිදි වුණාම කවියෙන් බණ කියන්න ඉගෙනගත්තා.

ඔබ දෙපළ මේ වෙනකොට ගිහි ජීවිතයේ ඉන්න නංගිල මල්ලිලාට මොනවද කියන්නේ?

මොරවක ධම්මසරණි මෙහෙණින් වහන්සේ – ජීවිතය වරද්ද ගන්න එපා. අපේ අතින් සිද්ද වෙන පොඩිම වරදටත් විපාකයක් ලැබෙනවා. ඒ නිසා පුළුවන් තරම් පන්සිල් රකින්න. ගුණ දහම් ආරක්ෂා කරගන්න. උදේ හවස බුදුන් වඳින්න. ආධ්‍යාත්මික ජීවිතයටත් කාලය වෙන් කරලා දෙමව්පියන්ට කීකරු වෙලා ඉන්න.

පැලවත්තේ සුභාග්‍යා නන්දනී මෙහෙණින් වහන්සේ – මේ ජීවිතේ අපි ආස කරන හැමදේම අපිට හැමදාම ළඟ තියාගන්න බෑ. කොච්චර ලස්සන වුණත් කාලයක් යද්දී ඒ ලස්සන නැති වෙනවා. උදේ මල් පූජා කරන්න යද්දී හවසට ඒ මල් පරවෙනවා. ඒ වගේ තමයි අපේ ජීවිතයට මේ අනිත්‍යය එකතු කරගන්න.

පවනි දිලේකා ✍️

විශේෂ ස්තූතිය – මීරිගම, ඉඳිපරපේ ඛේමා මෙහෙණි අරණට

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?