නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගස් කොලන් ඇඳලා ලෝකයෙන් එක වූ මාගම්පුර සදුන්මලී
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ගස් කොලන් ඇඳලා ලෝකයෙන් එක වූ මාගම්පුර සදුන්මලී

Published March 3, 2025

ලෝකයේ රටවල් රැසක උද්භිත විද්‍යා ශාක ප්‍රතිනිර්මාණය කිරීමේ චිත්‍ර ශිල්පී ශිල්පිනියන්ගේ සහභාගිත්වයෙන් ලන්ඩන් නුවරදී ඉකුත්දා පවත්වනු ලැබු ලෝක සිතුවම් තරගයේ රන් පදක්කම දිනා ගැනීමට මාගම්පුර නුවර, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැලිපොතේවෙල, යෝධකණ්ඩිය ලිපිනයේ සදුන්මලී කුලසේකර සමත්විය.

ඉතිහාසයේ මෙවැනි සිතුවම් තරගයකින් රන් පදක්කමක් දිනා ගනිමින් එම ක්ෂේත්‍රෙය් අප රටින් ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව ලෙස සදුන්මලි කුලසේකර වාර්තාගත වී ඇත. අපේ රටේ ලෝක සුරයෝ මෙන්ම ලෝක වීරයෝද බහුලව සිටින බැවින් ලෝකයා හඳුන්වන්නේ ලෝක ශුරයෝ සිටින රට ලෙසය. එයටද නව අරුතක් එක් කරමින් ලෝක සිතුවම් තරගයේ රන් පදක්කම ලක්මවගේ දියණියකට ලැබීම අපේ භාග්‍යයකි. එය අප රටට දායාද කළ සදුන්මලී මූලික අධ්‍යාපනය තිස්සමහාරාම ශ්‍රී දේවානන්ද මහා විද්‍යාලයෙන්ද, සා.පෙළ දක්වා උගෙන පසුව දික්වැල්ල විජිත මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා හදාරා ඇත.

අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් පටක රෝපණ තාක්ෂණවේදී පාඨමාලාව හදාරා ඇත. මේ වනවිට කටාර් රාජ්‍යෙයේ උද්භිත ශාක ප්‍රතිනිර්මාණ පිළිබදව රැකියාවක නිරතව සිටි. ඇය කුඩාකල සිටම චිත්‍ර හා කලා කටයුතු  මෙන්ම ගායනය, වාදනයටද දක්ෂතා දක්වා ඇත. සාහිත්‍ය පිළිබද විශේෂ දක්ෂතා ඇති ඇය මූලික ආභාෂය ලබා ඇත්තේ ඇයගේ පියා වන මියගිය සෝමපාල කුලසේකර මහතාගෙනි. ඔහුද දක්ෂ කලාකරුවෙකි.

ලන්ඩනයේ රාජකීය උද්භිත උද්‍යාන අලංකරණ සංගමය විසින් සංවිධානය කරන ලද ලන්ඩන් නුවර සාචි ගැලරි සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උද්භිත විද්‍යා ප්‍රතිනිර්මාණ ඡායා රූප තරග ප්‍රදර්ශනය සදහා යුරෝපය, ආසියාව, එංගලන්තය, ඇමෙරිකාව, ජපානය ඇතුලු රටවල් රැසක් ඉදිරිපත්ව ඇති අතර ඒ තුළින් සදුන්මලී කුලසේකර ඉදිරිපත් කර ඇති ඡායාරූප 06 තෝරාගෙන ඇත.

ඇයගේ උද්භිද විද්‍යා ශාක සිතුවම් එංගලන්තය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව වැනි රටවල සංරක්ෂිත කෞතුකාගාරවලදී පවති. එම චිත්‍රවල අන්තර්ගතය වී ඇත්තේ කාන්තාරවල ජීවත්වන සත්ත්වයින්ට හා මිනිසුන්ට ඖෂධ ලෙස යොදාගත හැකි පෑලෑටි පිළිබදවය. සදුන්මලී කුලසේකර අරාබි රටවලින් මේ පිළිබදව ගවේෂණාත්මක තොරතුරු සපයාගෙන ඇත.

ඇයගේ එකම බලාපොරොත්තුව ලංකාවේ දූ දරුවන්ට මෙම විෂය ක්ෂේත්‍රය ගැන අවබෝධයක් ලබාදීම අප රට තුලදී අපගේවදවීමේ තර්ජනයට ලක්ව ඇති හා ඒකදේශික ශාක පිළිබද ඇතුලත් ප්‍රදර්ශනයක් හා ලංකාවේ ශාක සංරක්ෂිත මාධ්‍යයක් ලෙස මෙය යොදා ගැනීමට කටයුතු කිරීම ඇයගේ ඒකායන බලාපොරොත්තුවයි.

ඇඹිලිපිටිය සේන වී. ගමගේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?