නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මීට පස්සෙ උණුවතුරම බිව්වොත් නරකද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

මීට පස්සෙ උණුවතුරම බිව්වොත් නරකද

Published February 10, 2025

උණු වතුර හෝ උණුසුම් පාන වර්ග පානය කිරීම ඔබේ ශරීරයේ නිරෝගී බව රැකගැනීමට උපකාර වන බව දන්නවාද? උණු වතුර මගින් ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීම, ආතතිය සමනය කිරීමට සහ ඔබව උණුසුමට පත් කරනු ඇත. උණුසුම් ජලය පානය කිරීමෙන් ඔබේ ශරීරය නිරෝගීව මනා සජලනයකින් යුතුව පවත්වා ගැනීමට උපකාර වෙනවා. උදෑසන හෝ නින්දට පෙර 130 °F සහ 160°F‍ (54 සහ 71°C‍) අතර ප්‍රශස්ත උෂ්ණත්වයක් සහිතව උණුසුම් පාන වර්ග ගැනීම සුදුසු බව පර්යේෂකයන් නිර්දේශ කර තිබෙනවා.අද කතාව උණුසුම් පාන වර්ග ගැනීමෙන් ඔබට අත්වන ප්‍රයෝජයන ගැනයි.

ආහාර ජීර්ණය පහසු කරයි…

ඔයා දවස තුළ ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්නෙ නැත්නම් කුඩා අන්ත්‍රය ආහාර, පරිභෝජනය කරන ජලයෙන් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නවා. මෙය විජලනය වීමට හේතු වන අතර බඩවැල් චලනය අපහසු කරනවා.

දීර්ඝකාලීනව පවතින මෙම විජලන තත්ත්වය මළබද්ධය ඇති වීමට හේතුවෙන්න පුළුවන්. මළබද්ධය නිසා බඩවැල් චලනය වේදනාකාරී වීම, අර්ශස්, බඩ පිපීම වැනි වෙනත් රෝගාබාධා ගණනාවකට මුල පිරීමක්. ඒත් ඔයා උණු වතුර තේ වැනි අනෙකුත් උණුසුම් පාන වර්ග පානය කළොත් මේ තත්ත්වය අඩු කරගන්න පුළුවන්. ඒ නිසා මළබද්ධයෙන් ඔබව ආරක්ෂා කරගැනීමට අද ඉදන් උණු වතුර බොන්න.

වැඩිදියුණු කළ සංසරණය

උණු වතුර යනු රුධිර වාහිනි ප්‍රසාරණය කරන ද්‍රව්‍යයක්. ඔබ උණුසුම් වතුරින් ස්නානය කරන විට උණුසුම් වතුර පානය කරන විට ශරීරයේ සජලනය පවත්වා ගැනීමට උපකාර වෙනවා. ඒ තුළින් රුධිර සංසරණය වැඩිවීම සිදු වෙනවා

වෙව්ලීම අඩු කිරීම

පුද්ගලයෙක් සීතල වූ විට බොහෝ විට වෙව්ලීම සිදු වෙනවා. විද්‍යාඥ්‍යන් සිදු කළ පර්යේෂණවලින් අනාවරණය කරගෙන ඇති පරිදි උණුසුම් ජලය, පාන වර්ග පානය කිරීමෙන් ශරීරය උණුසුම් කිරීමත් වෙව්ලීම අඩු කිරීමත් සිදු වෙනවා. මෙයට හේතුව ශරීර උෂ්ණත්වය පවත්වා ගැනීම සඳහා ශරීරයට අඩු වැඩ ප්‍රමාණයක් අවශ්‍ය වීමයි. එම නිසා, සීතල තත්ත්වයන් යටතේ වැඩ කරන හෝ ව්‍යායාම කරන පුද්ගලයින්ට උණු වතුර පානය කිරීම විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැකිය.

සීතල රෝග ලක්ෂණ සඳහා උපකාර කිරීම

ඔයාට සෙම්ප්‍රතිශ්‍යාව හෝ ඒ හා සමාන රෝගයක් ඇති විට, උගුරේ අමාරුව හෝ නාසය තද වීම වගේ රෝග ලක්ෂණ අත්විඳින්න වෙනවා නේද? ඒත් උණුසුම් ජලය, උණුසුම් පාන වර්ග පානය කළොත් උගුර ලිහිසි කිරීම හා දැවිල්ල අඩු කරගන්න පුළුවන්. මීට අමතරව, උණුසුම් තරල පානය කිරීමෙන් ශ්ලේෂ්මල ලිහිල් කිරීමට සහ සෙම් රෝගය, කැස්ස අඩු කිරීමත් සිදු වෙනවා.

කෝපි සහ තේ පරිභෝජනය කිරීම

සාමාන්‍යයෙන් ඔයා කෝපි පානය කරන්නේ උණුසුම් පාන විදියට. මේ කෝපි උණුසුම් පානයක් ලෙස ගැනීමෙන් දියවැඩියාව වැළැක්වීම, ඇතැම් පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීම වැනි විවිධ විභව සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙනවා.

මධ්‍යම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම

උණුසුම් හෝ සීතල ජලය ප්‍රමාණවත් ලෙස නොලැබීම ඔබේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපෑම් කිරීමට හේතු වෙනවා. පර්යේෂණ මගින් උණුසුම් ජලයපානය කිරීමෙන් මධ්‍යම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය මෙන්ම මනෝභාවයද වැඩිදියුණු කළ හැකි බව පෙන්වා දී තිබෙනවා. ඒ තුළින් කංසාව වැනි රෝග තත්ත්වයන් අඩු කරන බවත් පෙන්වා දී තිබෙනවා.

මනා ලෙස සජලනය පවත්වා ගැනීමට…

වෛද්‍ය නිර්දේශය අනුව කාන්තාවන්ට දිනකට ජලය අවුන්ස 78 ක් (ලීටර් 2.3ක්) සහ පිරිමින්ට දිනකට අවුන්ස 112 ක් (ලීටර් 3.3ක්) ලබා ගත යුතු වේ. ඔබ ආහර ලෙස ගන්නා පලතුරු, එළවළු යන ඕනෑම දෙයක ජලය ඇතුළත් වේ. ඔබ ගර්භණී නම් හෝ මව්කිරි දෙන කෙනෙක් නම්, වෙහෙසකර ක්‍රියාකාරකම්වල යෙදෙනවා නම් හෝ උණුසුම් පරිසරයක වැඩ කරනවා නම් ඔබට තවත් බොහෝ ජලය අවශ්‍ය වේ.

ජලය නිසි ලෙස ශරීරයට ලැබෙනව විට සජලන ක්‍රියාකලිය නිසි ලෙස සිදු වීම වෙනවා. එම නිසා දවස ආරම්භයේදී උණු වතුර පානය කරන්න වගේම නිදාගන්න යන්න කලින් උණුසුම් ජලය පානය කරන්න අමතක කරන්න එපා. ඔබේ ශරීරයට සෑම අත්‍යවශ්‍ය කාර්යයක්ම ඉටු කිරීමට ජලය අවශ්‍ය වේ.නමුත් අධික ලෙස උණුසුම් ජලය පානය ඔබේ Esouphagus හි පටකවලට හානි කළ හැකිය. එමෙන්ම ඔබේ රස අංකුරවලට ද හානි විය හැකියි එම නිසා උණු වතුර පානය කිරීමේදී ඉතා ප්‍රවේශම් විය යුතුයි.

අන්තර්ජාලය ඇසුරෙන්

පවනි දිලේකා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?