නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ශරීර බර අඩු කරගන්න ලබාගන්නා ඖෂධ නිසා තවත් වාසි ගොඩක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ශරීර බර අඩු කරගන්න ලබාගන්නා ඖෂධ නිසා තවත් වාසි ගොඩක්

Published February 3, 2025

ජීවන රටාව සහ ආහාර පාලනය කර ගැනීමෙන් පමණක් ශරීර බර පාලනය කර ගත නොහැකි වුණ තැන අපි ඖෂධ ලබාගන්න යොමු වෙනවා. නමුත් ශරීර බර අඩු කර ගැනීම සඳහා ඖෂධ ලබා ගැනීම පිළිබඳව බොහෝ දෙනා තුළ පවතින්නේ බියක්. ඊටත් එක් හේතුවක් තිබෙනවා. මේ අන්දමින් ඖෂධ පාවිච්චි කිරීම නිසා වෙනත් අතුරු රෝග තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇතැයි ඔවුන් සිතනවා.

ශරීර බර අඩු කිරීම සඳහා භාවිත කරන ඖෂධ සහ මානව සෞඛ්‍ය අතර පවතින සම්බන්ධතාවය අලලා අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සායනික අංශය මගින් සිදු කරන ලද මෙම අධ්‍යනය වෙනුවෙන් මිලියන දෙකක පමණ පිරිසක් සම්බන්ධ කර ගත්තා. එම අධ්‍යනය අවසානයේදී ලබාගත් දත්ත විශ්ලේෂනයට අනුව මෙම ශරීර බර අඩු කර ගැනීම සඳහා භාවිත කරන ඖෂධ මගින් පුද්ගලයන්ගේ හෘද සෞඛ්‍ය යහපත් අතට හැරී ඇති බැව් පැහැදිළිව පෙනී ගියා. ඒ වගේම ආසාදන තත්ත්වයන්ගේ අඩුවීම, මත්ද්‍රව්‍ය සඳහ යොමුවීමේ අවදානම වගේම ඩිමෙන්ෂියා රෝග තත්ත්වයන්ගේත් යම් අඩුවීමක් පෙනී ගියා.

ශරීර බර අඩු වීමේ වාසි මොනවාද?

ශරීර බර අඩුවීම නිසා සෞඛ්‍ය වැඩි දියුණු වෙනවා. නින්දේදී හුස්ම හිරවීම වැනි තත්ත්වයන් වගේම තරබාරුව නිසා ඇතිවන වෙනත් රෝග තත්ත්වයන් පාලනය කිරීමට ශරීර බර අඩු කර ගැනීම වඩාත් වැදගත් වෙනවා.

තවම ගවේශනය නොකළ පැත්තක්…

සැබැවින්ම මේ ඖෂධ භාවිතය පිළිබඳව වූ අධ්‍යනය ගවේශනය නොකළ අලුත් පැත්තක් බැව් වොෂිංටන් විශ්වවිද්‍යාලයේ  සායනික වසංගත රෝග විද්‍යාඥ ප්‍රධාන පර්යේෂක වෛද්‍ය සියාද් අල් අලි සඳහන් කරනවා.

දෙවන වර්ගයේ දියවැඩියාව සඳහා ලබා දෙන ඖෂධවල අතුරු ප්‍රතිඵලයක් ලෙසින්ද ශරීර බර අඩු වෙනවා. මේ සඳහා එක්සත් ජනපදයේ දියවැඩියාව ඇති හමුදා නිළධාරීන්ගේ දත්ත ලබා ගත්තා. ඊට අමතරව වෙනත් රෝගාබාධ ඇති 175 කට සම්බන්ධව මෙම අධ්‍යනය පුළුල් කරනු ලැබුවා.

ඔසෙම්බික් හෝ වෙගෝවිත් ඖෂධ කාණ්ඩ මේ අතර තෝරාගත් කණ්ඩායමකට ඔසෙම්බික් හෝ වෙගෝවිත් ඖෂධ ලබා දුන් අතර තවත් කණ්ඩායමක් තෝරා ගෙන ඔවුන්ට සම්මත ඖෂධ ලබා දුන්නා.

මෙම කණ්ඩායම් අලලා ලබා ගත් දතත් මගින්ද පැහැදිළිව පෙනී ගියේ නව ඖෂධ මගින් හෘද රෝග තත්ත්වයන්ට වඩාත් හිතකර බලපෑමක් ඇති වුණ අතරම ආඝාත, අධි රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන්ට ගොදුරුවීමේ අවදානමත් අවම මටට්මක පැවැති තිබීමත් විශේෂ තත්වයක් වුණා.

ඔවුන්ගේ මත්පැන් පානයට දැක්වූ උනන්දුවත් අඩු වුණ අතර භින්නෝන්මාදය, සිය දිවිනසා ගැනීමේ සිතුවිලි අවමවීම සහ ශාරීරික අප්‍රාණිකතාවය වැනි අපහසුතාවයන්ද අඩුවීමක් දක්නට ලැබුණා.

මෙම පුද්ගලයන් වසර තුනහමාරක් වැනි කාලයක් පුරා ශරීර බර අඩු කර ගැනීම වෙනුවෙන් ඖෂධ භාවිත කළ අතර ඇල්සයිමර් රෝග තත්ත්වයේ 12% ක අඩුවීමක් පෙන්නුම් කරන ලද අතර නිදන්ගත අක්මා පිළිකා, නිදන්ගත වකුගඩු රෝග, මාංශපේශි වේදනාව සහ බැක්ටීරියා ආසාදන උණ ඇති වීමේ කැපි පෙනෙන අඩුවීමක් දක්නට ලැබුණා.

මොනවද මේ ඔසෙම්පික් සහ වෙගෝවි…

ඔසෙම්පික් සහ වෙගෝවි ඖෂධවල එකම ක්‍රියාකාරී අමුද්‍රව්‍යක් ඇති අතර එහි ඇති සෙමග්ලුටයිඩ් විවිධ මාත්‍රාවන්ගෙන් යුක්ත වෙනවා. මෙම සංයුතිය ග්ලුකන් පෙප්ටයිඩ- 1 හෝර්මෝන ක්‍රියාකාරීත්වයට සමානයි. ආහාර ගැනීමෙන් පසුව ග්ලුකන් පෙප්ටයිඩ බඩවැල් මගින් මුදාහරින අතර එය රුධිරය හරහා ගමන් කරන අතර මොළයේ සෛල මතුපිට ඇති කුඩා ප්‍රතිග්‍රාහකවලට ඇලි පවතිනවා.

ඒ වගේම ආමාශයේ ආහාර ඇති බැව් මොළයට පණිවිඩය යවන අතර මෙම යාන්ත්‍රනයේ ප්‍රතිඵලයක් ලෙසින් අප ආහාර ගත් පසුව කුසගිනි දැනීමක් නැත. ග්ලුකන් පෙප්ටයිඩ සඳහා ප්‍රතිචාර දක්වන ප්‍රතිග්‍රාහක හෘදයේ සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සමහර කොටස්වල ඇතුළුව හරීරය පුරාම දක්නට ලැබෙනවා.

ඒ වගේම මෙම ඖෂධ මගින් මොළයේ යාන්ත්‍රනය මර්දනය කරන අතර ඒ නිසාම මත්පැන්, දුම්කොළ වැනි දේ පරිභෝජනයට ඇති උත්තේජනය ස්වයංක්‍රිය ලෙසින් පාලනය වන බැව් ආචාර්ය ඇලී සඳහන් කරනවා.මෙම ඖෂධවලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ නිසා බොහෝ දෙනෙක් ඒවා ලබා ගැනීමට දිරිමත් විය හැකි බවටත් පර්යේෂකයන් අදහස් දක්වනවා.

මෙම අත්හදා බැලීම් අපව සත්‍ය වෙත යොමු කරන බැව් ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නවීඩ් ෂත්තාර් සඳහන් කරනවා. මේ අධ්‍යනය ගැන දක්වන උනන්දුවට සමගාමීව ඖෂධ නියම කරන ආකාරය ගැනත් අවධානය යොමු කිරීම වැදගත්. නමුත් තවම ඒ පැත්තට පර්යේෂකයන්ගේ අවධානය යොමු වී නැහැ.

ඒ වගේම දියවැඩියා රෝගීන්ට මෙම ඖෂධ මගින් ආරක්ෂාවක් ලැබෙන බැව් සහතික වුණත් අනිකුත් රෝගීන් පිළිබඳව තව දුරටත් අධ්‍යනයන් සිදු කළ යුතු අතර ඒ ප්‍රතිඵල ලැබෙන තෙක් බලා සිටීමට සිදුවන බැව් කේම්බ්‍රජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටිවන් ඕරලි සඳහන් කරනවා.

අවදානමක් නැත්තේම නැහැ…

ඕනෑම ඖෂධයකින් ඇති වෙන අතුරු සංකුලතාවයන් තිබෙනවා. ඒ වගේම ශරීර බර අඩු කරන ඖෂධ මගින් ඇති වෙන යහපත් ප්‍රතිඵල වගේම අනිසි ප්‍රතිඵලත් නැත්තේම නැහැ. මේ ගැන අදහස් දක්වමින් ඇමරිකානු පර්යේෂකයන් සඳහන් කරන්නේ මෙම ඖෂධ නිසා සන්ධි වේදනාව වැඩිවීම වගේම මාරාන්තික විය හැකි අග්න්‍යාශයේ දැවිලි තත්ත්වයන් ඇති වීමේ අවදානමක්ද තිබෙන බැව් ඔවුන් සඳහන් කරනවා. ඊට අමතරව ආහාර ජීරණ ගැටළු, ඔක්කාරය, බඩේ වේදනාව, වේදනාකාරී ලෙසින් බඩවැල් ඉදිමීම වැනි අතුරු සංකුලතාවයන්ද දක්නට ලැබී තිබෙනවා. විනිස් ප්‍රකාශිත දත්ත අනුව අඩු රුධිර පීඩනය, ක්ලාන්තය, නින්දට බාධා වීම, වකුගඩු ගල් සහ දැවිල්ල වැනි අපහසුතාවයන් ගැනත් වාර්තා වෙනවා.

පුදුම සහගත තත්ත්වයක් තිබෙනවා…

ශරීර බර අඩු කර ගැනීම සඳහා භාවිතකරන ඖෂධ මගින් සන්ධි මත පීඩනය අඩු වුණත් බර අඩු කර ගැනීම සඳහා භාවිත කරන මෙම ඖෂධ මගින් සන්ධි වේදනාව වැඩිවීම සැබැවින්ම පුදුමයට කරුණක් බැව් මහාාචර්ය ඕරලි සඳහන් කරනවා. ඒ වගේම මෙම අධ්‍යනය සහභාගී වූ වැඩි දෙනා පිරිමින් වූ බැවින් මෙම ඖෂධ මගින් සරු බව වැඩි වීම හෝ දරුවන්ගේ උපත් සම්බන්ධවයත් විශේෂ බලපෑමක් පිළිබඳවත් ගවේශනයක් එයින් සිදු වී නැහැ.

බී.බී.සී පුවත් ඇසුරින්

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?