නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඉගෙනගන්න සල්ලි හොයන්න බිලිං පලම් හැදූ හැටි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඉගෙනගන්න සල්ලි හොයන්න බිලිං පලම් හැදූ හැටි

Published January 6, 2025

තමන්ගේ දරුවෙක් උසස් අධ්‍යාපනය වෙනුවෙන් විශ්වවිද්‍යාලයට තේරී පත්වීම මව්පියන්ට ලොකු සතුටක්. ඒ වගේම තමන් පදිංචි ප්‍රදේශයෙන් දුර බැහැර විශ්වවිද්‍යාලයක දරුවෙකු අධ්‍යාපනය ලබනවිට මව්පියන්ට තවත් වැය බරක් එකතු වෙනවා. මේ බව දරුවන්ටත් දැනෙනවා. ඒ නිසාම දේශානි සංසලා රත්නායක කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදීම තමන්ගේ වියදම වෙනුවෙන් ආදායමක් හොයන්න උත්සාහ කළා. ඒ උත්සාහය නිසා සංසලාටත් නොදැනීම ඇය ව්‍යවසායිකාවක් බවට පත් වුණා. ඉතින් මේ ඇගේ කතාවයි….

මගේ ගම ආනමඩුව, නවගත්තේගම.ආනමඩුව රතනපාල නවෝද්‍යා පාසලෙන් ප්‍රථමික අධ්‍යාපනය ලැබූ මම එතැනින් පසුව ආනමඩුව මධ්‍ය මහ විද්‍යාලයට ඇතුලත් වුණා. තාක්ෂණ අංශයෙන් උසස් පෙළ සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ශීෂ්‍යාවක් විදිහට අධ්‍යාපනය ලබනවා. ස්වයංක්‍රියකරණය ( Automation) විෂය ක්ෂේත්‍රය යටතේ අධ්‍යාපනය ලබනවා.

ස්වයංක්‍රියකරණය ( Automation) විෂය ඔබ ව්‍යාපාරික අංශයට යොමු වුණේ කොහොමද…?


ඇත්තටම කියනවා නම් මට ආහාර තාක්ෂණය ගැන හෝ ව්‍යවසායකත්වය ගැන කිසිම අදහසක් හෝ දැනුමක් තිබුණේ නැහැ. නමුත් පවුලේ ආර්ථිකයට යම් දායකත්වයක් දෙන්න ඕන කියන අදහස මගේ හිතේ තදින්ම තිබුණා. ඉගෙනුම ලබන බාල සහෝදරයන් දෙදෙනෙකුටත්, දුර බැහැර ඉන්න මටත් වියදම් දරන්න දෙමව්පියන්ට දුෂ්කර බව මම දන්නවා. ඒ නිසා විශ්වවිද්‍යාලයේ හැම ශිෂ්‍යයෙක් වගේම කුමක් හෝ අර්ධ කාලීන රැකියාවකින් සුළුවෙන් හෝ ආදායමක් ලබනවා.

මමත් තායි ශ්‍රි ආයතනයට සම්බන්ධ වුණා. මේ විදිහට ඉන්න කොට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ආහාර තාක්ෂණ ප්‍රදර්ශනයක් තිබුණා. මම තායි ශ්‍රි ආයතනයේ නියෝජිතයෙක් විදිහට මේ ප්‍රදර්ශනයට සම්බන්ධ වුණා. එහිදී මේ ආයතනයෙන් විජලන යන්ත්‍රයක් ලබාගත් කෙනෙකුගේ නිෂ්පාදනයක රස බලන්න අවස්ථාවක් ලැබුණා.

එතැනින් පසුව මම මේ ආයතනයේ ආහාර විජලන තාක්ෂණය ගැන ඔන්ලයින් පාඨමාලාවකට සම්බන්ධ වුණා. මම එතැනින් ලොකු දැනුමක් ලබා ගත්තා. අපේ පළාතේ පළතුරු ආකාරයක්. අඹ, පැපොල් වගේ පළතුරු බහුලයි. මේ අතරේ මම අපේ ගෙදර තිබෙන බිලං ගහ දැක්කා. මේ බිලිං වලට අගය එකතු කරන්න පුළුවන් නේද කියල මට හිතුණා. බිලිං කිව්වත් කට ඇඹුල් වෙනවා. නමුත් මේ ඇඹුල් බිලිංවලට අගය එකතු කරන්න මම කල්පනා කළා. “ බිලිං පලම් ” බිහිවුනේ ඒ විදිහටයි.

මේ වෙන විට ඔබේ නිෂ්පාදන

බිලිං පලම්, අඹ ජුජුබ්ස්, පැපොල් ජුජුබ්ස්, බනානා කොයින්, කජු ජුජුබ්ස්, විජලනය කරන ලද වරකා, කරපිංචා සහ මුරුංගා Tea bag වගේ නිෂ්පාදන තිබෙනවා. බිලං පලම් හදන්න පටන් ගත්තා. මුල් අදියරෙන්ම ඒක සාර්ථක වුණා. සාමාන්‍යයෙන් මුද්දරම්පලම් වගේ රසක් දැනෙනවා. Fruit And Nut කේක් හදන විටත් මගේ යාළුවෝ බිලිං පලම් යොදා ගන්නවා.

ඒ වගේම අපේ කැම්පස් එකේ කඳු නගින යාළුවෝ වගේම සංචාරයේ යෙදෙන අයටත් මේවා අර ගන්නවා. කඳු නගින අයට උඩට ගියාම මේ නිෂ්පාදනයක් කෑවාම ශක්තියක් ලැබෙන බවත් ඒ ගොල්ලන් කියනවා.මම ඉගෙන ගන්න සවයංක්‍රිය පාඨමාලාවක්. නමුත් එය තවම අපේ රටට පුරුදු නැහැ. ඒ වෙනුවෙන් තව කාලයක් ගත වෙනවා. ඒ නිසා මම විශ්වවිද්‍යාලයෙන් පිට වුණාමත් මට අට සහ පහ අතර රැකියාවකට සිරගත වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මගේම කියන සන්නාමයකින් සමාජය තුළ නමක් දිනා ගන්න මම හිතුවා.

ඔබේ සන්නාමය…

මට හැම දෙනෙක්ම කියන්නේ සංසි. කියලා ඒ නිසාම මගේ නිෂ්පාදන “ Sansi eco food ” නමින් හඳුන්වා දුන්නා. මගේ නිෂ්පාදනවල කිසිම රසායනයක් යොදා ගන්නේ නැහැ. නමුත් බිලිං වේලලා වෙළඳපොලට දැම්මට බැහැ. ඒවාට අගයක් එකතු වෙන්න ඕන. පැපොල් නිකම් විජලනය කරලා වෙළඳපොළට දැම්මාට ඉල්ලුමක් නැති වුණත් ජුජුබ්ස් විදිහට දැම්මාම ඉල්ලුම ලැබෙනවා. සාමාන්‍යයෙන් මගේ විජලනය කරන ලද පළතුරු ග්‍රෑම් 80 ක පැපොල් කිලෝවක් වගේ ඇතුළත්.පුංචි ළමයි පළතුරු කන්න කැමැති නැහැ. නමුත් මේ විදිහට මේක කන්න කැමැතියි. ඒ වගේම විශ්වවිද්‍යාල ජීවිතයේදී පළතුරු කන්න ලැබෙන්නේ නැහැ. නමුත් එයට විකල්පයක් විදිහට පැපොල්, අඹ ජුජුබ්ස් කන්න පුළුවන්.

මගේ අම්මා තමයි නිෂ්පාදන හදන්නේ. පැපොල්, අඹ වගේ අවශ්‍ය අමුද්‍රව්‍ය අප්පච්චි ගෙනත් දෙනවා. අමුද්‍රව්‍ය අපේ පැත්තේ හොයා ගන්න අපහසු නැහැ. නිෂ්පාදන අම්මා කළත් මම ප්‍රමිතිය ගැන සොයා බලනවා. මම කොළඹ හිටියත් නිෂ්පාදනය ආනමඩුවේ සිදු වුණත් ප්‍රමිතිය ගැන වගකීම මම බාර ගන්නවා. මම මේ ගැන දෙමව්පියන්ට කිව්වාම ඒ ගොල්ලන් එක පාරටම කිව්වේ “ඔයා කැමැති නම් පටන් ගන්න. මෙතෙක් ඔයා හරි දේ තෝරා ගත්තා වගේ මේකත් පටන් ගන්න… ’ ’මට ඒ වචන ධෛර්යක් වුණා.

මට හැම දෙනෙක්ම උදව් වුණා. කථිකාචාර්ය මණ්ඩලය වගේම, මගේ නිෂ්පාදන ඇසුරුම් වෙනුවෙන් නිර්මාණ කර දෙන අය මුදල් ගන්න පවා කැමැති නැහැ. ඒත් මම ඒ අයට කියනවා… මමත් කරන්නේ බිස්නස් එකක්… ඒ නිසා මුදල් ගන්න කියලා මම බලෙන්ම මුදල් දෙනවා. මගේ පෝස්ට් එකක් දැම්මාම වුණත් ඒවා ලෝබ නැතුව බෙදන යාළුවෝ මට ඉන්නවා. ඒ විතරක් නොවෙයි, මේ පෝස්ට් එක හරහා මට ඇනවුම් ලබා දෙන මට සහයෝගය ලබා දෙන යාළුවෝ ඉන්නවා. මගේ FB පිටුව ඔස්සේ ඇනවුම් ලබා ගන්නවා.

ඔබේ අනාගතය…

මම අධ්‍යාපනය ලබන්නේ ස්වයංක්‍රියකරණය ගැන. මම ඒ අතරේ ව්‍යවසායිකාවක්. ඉතින් අනාගතයේදී මගේ ව්‍යාපරයත් ස්වයංක්‍රියකරණය කිරීම මගේ අරමුණයි.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?