නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මනුෂ්‍ය ඝාතනයකදී නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

මනුෂ්‍ය ඝාතනයකදී නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Published November 25, 2024

මනුෂ්‍ය ඝාතනයක් යනු කුමක් ද?

මනුෂ්‍යයකුට කළ හැකි අපරාධයන් අතුරින් සිදු කළ හැකි දරුණුතම හා බරපතලම අපරාධයක් වන්නේ මනුෂ්‍ය ඝාතනයයි. මෙය සමාජයට එරෙහිව සිදු කරන ලද වරදකි. එබැවින්, සෑම මනුෂ්‍ය ඝාතනයකම පැමිණිලි පාර්ශවය වන්නේ රජයයි.

මිනීමැරුම සහ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය අතර වෙනස කුමක්ද?

සෑම මිනීමැරුමක්ම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් වේ. නමුත් සෑම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්ම මිනීමැරුමක් නොවේ.දණ්ඩ නීති සංග්‍රහයේ 293 වගන්තියෙහි සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය පිළිබඳව නෛතික ප්‍රතිපාදන සඳහන් වේ. ඒ අනුව, “මරණය සිදුකිරීමේ අදහසින් හෝ මරණය සිදුවිය හැකි අන්දමේ ශාරීරික පාඩුවක් සිදු කිරීමේ අදහසින්, හෝ තමා කරන යම් ක්‍රියාවකින් මරණය වීමට ඉඩ ඇති බව දනිමින්ම යම් ක්‍රියාවක් කිරීමෙන් මරණය සිදුකරන තැනැත්තෙක් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය කිරීමේ වරද සිදු කරයි.”

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තියේ මිනීමැරුම සම්බන්ධයෙන් ප්‍රතිපාදන ඇත. ඒ අනුව,“මෙහිදී මින් මතු බැහැර කරන අවස්ථාවන්හි දී හැර පහත දැක්වෙන පරිදි වුවහොත්, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය මිනීමැරුමක් වේ. එනම්,

පළමුව – මරණය සිදු කළ ක්‍රියාව මරණය සිදු කිරීමේ අදහසින් සිදු කරනු ලැබූවක් වීම.

දෙවනුව – පීඩාවට ලක්වූ තැනැත්තාගේ මරණය සිදු විය හැකි අන්දමේ ශාරීරික පාඩුවක් බව වරදකරු දන්නා වූ ශාරීරික පාඩුවක් සිදු කිරීමේ අදහසින් එවැනි පාඩුවක් සිදු කිරීම.

තුන්වනුව – ශාරීරික පාඩුවක් යම් තැනැත්තෙකුට කිරීමේ අදහසින් එම ශාරීරික පාඩුව ස්වභාවික කටයුතු අතරදී මරණය සිදු වීමට ප්‍රමාණවත් වීම.

සිව්වනුව – අන්තරාය කොපමණ ආසන්න ද කිවහොත් සෑම අතින්ම මරණය සිදු විය හැකි බව හෝ මරණය සිදු විය හැකි අන්දමේ ශාරීරික පාඩුවක් සිදු විය හැකි බව ක්‍රියාව කරන්නා දැනගෙන සිටීම.”

සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයේ “සාවද්‍ය ක්‍රියාව” ලෙස හැඳින්වෙන්නේ මරණය සිදු කිරීමයි. “සාවද්‍ය මනස” වන්නේ සාපරාධී චේතනාවයි.මිනීමැරීමේ සාවද්‍ය මනස වන්නේ ද සාපරාධී චේතනාවයි. සාවද්‍ය ක්‍රියාව ලෙස ගත හැක්කේ මනුෂ්‍ය ඝාතනය සිදු කිරීමයි

සාවද්‍ය මනස යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ?

සාවද්‍ය මනස යනු වරදකාරී සිතුවිල්ලයි. මනුෂ්‍ය ඝාතනයක් සිදු වූ විට චෝදනා ලද තැනැත්තාගේ සාවද්‍ය මනසක් තිබුණාද යන්න විමසීමේදී සළකා බලන නිර්ණායක කීපයක් ඇත. යම් ප්‍රහාරයක් එල්ල කර මරණය සිදුකර ඇත්නම් ඒ ප්‍රහාරය එල්ල කර ඇත්තේ මරණකරුගේ හිස වැනි ප්‍රහාරයකින් මිය හා හැකි හානියක් සිදු වන ශරීරයේ අවයවයකට නම් මෙම අවස්ථාවේ මරණය සිදු කිරීමේ චේතනාවක් තිබූ බව ගම්‍ය වේ.

එමෙන්ම පිහි ඇණුමක් නම් ඇණුම් පහර කොපමණ ප්‍රමාණයක් මරණ කරුගේ ශරීරයට එල්ල වී ඇත්ද, ඒවායේ ගැඹුර ආදී කරුණු නිරීක්ෂණය කරයි.එමෙන්ම, යම් තැනැත්තෙකු හට හෘදයේ රෝග තත්ත්වයක් ඇති බව දැන දැනම පපු පෙදෙසට පහරක් එල්ල කිරීමෙන්, එම පහර එල්ල කළ තැනැත්තා සතුව මරණීය චේතනාවක් තිබූ බව ප්‍රත්‍යක්ෂ වේ.

සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය මිනීමැරුමක් නොවන අවස්ථා මොනවාද?

දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තියේ ව්‍යතිරේක මඟින් මෙම අවස්ථාවන් අර්ථ දක්වා ඇත.බරපතල, හදිසි ප්‍රකෝප කිරීමකදී, තමා ප්‍රකෝප කරවූ තැනැත්තාගේ මරණය හෝ වැරදීමකින් හෝ අහම්බයකින් වෙනත් තැනැත්තකුගේ මරණය වරදකරු විසින් සිදු කරන අවස්ථාවක සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය මිනී මැරුමක් නොවේ.

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කිරීමේදී. එනම්, තම ශරීරය හෝ දේපළ ආරක්ෂා කිරීමේ පුද්ගලික අයිතිය සද්භාවයෙන් භාවිත කිරීමේදී සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය මිනී මැරුමක් නොවේ.රජයේ සේවකයකුව හෝ මහජන යුක්තිය ඉටු කිරීමේ යෙදී සිටින රජයේ සේවකයෙකුට ආධාර වන තැනැත්තකුට තමාට නීත්‍යානුකූලව දී තිබෙන බලතලවලට අතිරේකව ක්‍රියාකිරීමෙන් හා මරණය සිදු කරනු ලැබූ තැනැත්තා කෙරෙහි ද්වේශයක් නොමැතිව තමාගේ යුතුකම නිසියාකාරව ඉටු කිරීම සඳහා නීත්‍යාකූල සහ අවශ්‍ය ක්‍රියාවක් යයි

සද්භාවයෙන් තමා විශ්වාස කරනු ලබන ක්‍රියාවක් කිරීමෙන් මරණය සිදු කළ විට ඒ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය මිනී මැරුමක් නොවේ.හදිසි සටනකදී හෝ දබරයකදී කෝපය ඇවිස්සුණු අවස්ථාවකදී කල් තබා කල්පනා නොකර වරදකරු අනිසි වාසියක් නොලබා හෝ කෲර, අස්වාභාවික ලෙස ක්‍රියා නොකොට මරණය සිදු කළහොත්, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය මිනී මැරුමක් නොවේ.වරදරකරු වී ඇති තැනැත්තිය මාස දොළහට අඩු දරුවකුගේ මවකව, දරු ප්‍රසූතියේ වෙහෙසින් සම්පූර්ණ සුවය නොලැබීම නිසා හෝ දරු ප්‍රසූතියේ ප්‍රතිඵලය වශයෙන් ඇති වූ කිරි දීමේ වෙහෙස නිසා ඇගේ මානසික තත්වය චංචල වීමෙන් ඇය දරුවා මරණයට පත් කරන ලද්දේ නම්, ඒ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය මිනී මැරුමක් නොවේ.

මිනීමැරුම වරදට සහ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට එරෙහි වරදට ඇති දඬුවම් මොනවාද ?

මිනීමැරීම සිදු කළ තැනැත්තකුට මරණ දඬුවම හිමි විය හැක.මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් කරන තැනැත්තකුට අවුරුදු විස්ස දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් ලැබේ. දඩයකටද යටත් වේ.මිනීමැරුමක් යනු, සමාජයක සිදු වන බරපතලම ගණයේ ව්‍යවසනයකි. මනුෂ්‍යයකුගේ උත්තරීතරම අයිතිය වන ජීවත් වීමේ අයිතිය අහිමි කරන සංසිද්ධියකි. මිනීමැරුමක් හෝ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් හුදු වරදකින් ඔබ්බට ගොස් මුළු මහත් සමාජයටම එරෙහි වරදක් ලෙස සළකන්නේ එම හේතුව නිසාවෙනි.

තාරිකා ද සිල්වා
d.tharika222@gmail.com




















 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?