නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: චාල්ස්ට අභියෝග කළ ඕස්ට්‍රේලියාවේ ලීඩියා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

චාල්ස්ට අභියෝග කළ ඕස්ට්‍රේලියාවේ ලීඩියා

Published November 18, 2024

එංගලන්තයේ රජ පවුල පිළිබඳව මීට දශක කීපයකට පෙරාතුව පැවැති ගෞරවය, පිළිගැනීම මේ වෙන විට පිරිහෙමින් පවතින තත්ත්වයකට පත්ව තිබෙනවා. “හිරු නොබසින අධිරාජ්‍යක ” ප්‍රතාපවත් චරිතයක්ව සිටි එංගලන්තයේ රාජ්‍යත්වය වෙනුවෙන් අද පවතින පිළිගැනීමට හොඳම අවස්ථා සිද්ධියක් පසුගිය දිනක සිදුවුණා.

ඇය ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීිවරියක්. 1973 වසරේ උපත ලද ලීඩියා තෝර්ජ් 2020 වසරේ පටන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරන මන්ත්‍රීිවරියකි. ඇය තවත් ආකාරයක වාර්තාවක් තබා තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයෙන් එරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණ පළමු ආදිවාසි කාන්තාව ඇයයි. වික්ටෝරියා නාගරික සංගමයේ ආදිවාසි වෘත්තීය උපදේශිකාවක ලෙසින්ද ඇය සේවය කර තිබෙනවා. ඊටත් අමතරව වසර තුනක් පුරා ලේක්ස් පැසිපන්දු සංගමයේ සභාපතිවරිය ලෙසින්ද ඈ කටයුතු කළාය.

ඊටත් අමතරව ඔස්ට්‍රේලියානු ආදිවාසි නායකත්ව මධ්‍යස්ථානයේ ආදිවාසි නායකත්වය සහතිකලාභිනියක වන අතර තාක්ෂණය පිළිබඳ ස්වින්බර්ග් විශ්වවිද්‍යාලයේ ප්‍රජා සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමාධාරිනියකි.

ඕස්ට්‍රේලියානු සමාගම් අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සහ ලාට්රෝබ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන තෝර්ජ් ඕස්ට්‍රේලියානු වන සංරක්ෂණ පදනමේ සහ මධ්‍යම කඳුකර වනාන්තර උපදේශිකාවක ලෙසින්ද සේවය කර තිබෙනවා. ඇගේ සුදුසුකම් කෙසේ වෙතත් පසුගිය දිනක ඇයගේ හැසිරීම ගැන දැන් විවාදාත්මක අදහස් ගොඩනැගෙමින් තිබෙනවා.

එංගලන්තයේ චාල්ස් රජතුමා පසුගිය දිනක ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදුණා. එහිදී කැන්බරා නගරයේ පැවැති උත්සවයක් අවසන් වී රාජකීය යුවල ඔවුන්ට ආචාර කිරීමට එළිමහනේ රැස්ව සිටි පිරිස වෙතට ගියා. මෙතැනට පැමිණි තෝර්ජ් ඔබ අපේ රජ නොවෙයි… අපෙන් සොරකම් කළ දේ අපට දෙන්න… ඔබ අපේ රට විනාශ කළා… මේක ඔබේ රට නොවෙයි… යනුවෙන් විරෝධතාවයක් දක්වමින් කෑ ගසන්න පටන් ගත්තා. ආරක්ෂක නිළධාරීන් පැමිණ ඉතා අසීරුවෙන් ඇය එතැනින් රැගෙන ගියා.

තෝර්ජ්ගේ එඩිතර බව ගැන රටේ අය ප්‍රශංසාවෙන් කතා කරන්න වුණා. “හරිම නිර්භීතයි… එඩිතර කාන්තාවක්… රට වෙනුවෙන් නියම හඬක්…” යැයි බොහෝ දෙනා ප්‍රශංසා කරද්දී තෝර්ජ්ගේ හැසිරීම ඉතාම අගෞරවණීයයි… මෙය ආදිවාසින් නියෝජනය කරමින් සිදුකරන ලද කතාවක් නොවන බව ඕස්ට්‍රේලියාවේ ආදිවාසින්ගේ ජ්‍යෙෂ්ඨ කාන්තාවක වන වයලට් ෂෙරිඩන් සඳහන් කරනවා.

බී.බී.සී පුවත් ඇසුරිනි

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?