නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දවසේ සෘණාත්මක හැඟීම් මානසික අවපීඩනයට බලපානවා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දවසේ සෘණාත්මක හැඟීම් මානසික අවපීඩනයට බලපානවා

Published November 11, 2024
විද්‍යාව දිනෙන් දින දියුණු වන්නේ අඛණ්ඩ නිරීක්ෂණ මත කෙරෙන පර්යේෂණයන් සහ එමගින් එළඹෙන නිගමන මතය. භෞතික දේ ගැන කෙරෙන සෑම පර්යේෂණයක්ම මිනිසාගේ පැවැත්ම වෙනුවනි. ඒ නිසා මිනිස් මනස ගැන පර්යේෂණද නිරන්තරයෙන් සිදුවේ. නවතම හෙළිවීම් අනුව පරිසරය සහ මානසික පීඩනය අතර සම්බන්ධතාවයක් සොයාගෙන ඇත.

ඇමිග්ඩලා Amygdala

ඇමිග්ඩලා යනු මොළයේ ඇති ආමන්ඩ් හැඩැති ව්‍යූහයයි. ඉන් ඉගෙනුම, මතකය සහ හැඟීම් පාලනය වේ. පරිසරය පිළිබඳ සෘණාත්මක හැඟීම් එහි අක්‍රියතා ඇතිකිරීමට හේතුවන බව නවතම සොයාගැනීමයි. දෛනික සිදුවීම් අධික ලෙස සෘණාත්මක ලෙස වටහාගැනීමේ ප්‍රවණතාව මානසික අවපීඩනයයි.

නව සොයා ගැනීමක්

මානසික අවපීඩන තත්ත්වයකදී අමිග්ඩලාහි ඇතැම් නිශ්චිත ස්නායුක පරිපථ (certain specific neural circuits) වෙනස් කරන අතර ධනාත්මක උත්තේජක පිළිබඳ සංජානනයට සම්බන්ධ නියුරෝන ක්‍රියාකාරීත්වය අඩුවන බව සොයාගෙන ඇත. මෙය සෘණාත්මක උත්තේජවල අධි ක්‍රියාකාරීත්වයට මග පාදයි.

නව ඖෂධ

2024 සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කෙරුණු journal Translational Psychiatry මගින් මෙම මානසික පීඩනයට පාදක වන සෘණාත්මක හැඟීම් ඇතිවීමේ යාන්ත්‍රණය පිළිබඳ සොයාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස සම්ප්‍රදායික ප්‍රතිකර්ම (conventional therapy) වලට ප්‍රතිවිරෝධී පුද්ගලයින් සඳහා නව ඖෂධයක් නිපදවීමේ හැකියාව ප්‍රකාශයට පත් වී ඇත.

මින් පෙර නිරීක්ෂණය කර නැත

පාරිසරික උත්තේජක පිළිබඳ ධනාත්මක හෝ සෘණාත්මක සංජානන ඇතිවීම කෙරෙහි ඇමිග්ඩලාහි ඇති විශේෂිත ස්නායුක පරිපථවල භූමිකාව මින් පෙර නිරීක්ෂණය වී නැතත් නව පර්යේෂණ තුළින් එය පැහැදිලි වී ඇත.

හොඳ බලාපොරොත්තුවක්

පැරිස් විශ්ව විද්‍යාලයේ මනෝචිකිත්සාව පිළිබඳ මහාචර්ය විද්‍යාඥ චැන්ටල් හෙන්රි නිගමනය කරන්නේ පාරිසරික උත්තේජන මත අක්‍රියවන ස්නායු ජාල නැවත සක්‍රිය කිරීම මගින් මානසික අවපීඩනය සඳහා සාර්ථක ප්‍රතිකර්මයක් ඇති කළ හැකි බවයි.

https://medicalxpress.com ඇසුරෙන්

සුනිල් අල්ගම ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?