නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දරුවකු මානසික ආතතියෙන් පෙළෙන බව කලින් දැනගන්නේ කොහොමද?
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දරුවකු මානසික ආතතියෙන් පෙළෙන බව කලින් දැනගන්නේ කොහොමද?

Published October 28, 2024

සාමාන්‍යයෙන් මානසික ආතතිය වැඩිපුර තියෙන්නේ යොවුන් වියේ පසුවන දරුවන්ට කියලා අපි හිතුවට පෙර පාසල් යන දරුවන්ට පවා මානසික ආතතියක් තියෙන්න පුළුවන්. මේ හේතුව නිසා දෙමාපියන් නිතරම දරුවන්ගේ හැසිරීම් ගැන අවධානයෙන් පසුවිය යුතුයි. මානසික ආතතියක් අඳුරගන්න පුළුවන් හොඳම විදිහ තමයි දරුවන්ගේ

චර්යා රටා. ඒ වගේම යොවුන් වියේ පසුවෙන දරුවන්ගේ පවතින මානසික තත්ත්වය හඳුනගන්න පුළුවන් හොඳම මාධ්‍යයක් තමයි සමාජ මාධ්‍ය. සමාජ මාධ්‍යවල හැමදේම එපා වුණ, තමන්ට අසාධාරණයක් වුණ සහ තමන් කොන් වෙලා වගේ හැඟවෙන පෝස්ට් නිතර නිතර ෂෙයා කරනවනම් අපි තේරුම්ගන්න ඕන මේ ළමයා මොකක් හරි සිත් රිදීමකින් ඉන්නෙ කියලා. මෙවැනි දෙයක් නොසලකා හරින්න හොඳ නෑ.

සමහරු තමන් කාලයක් තිස්සේ සමාජ මාධ්‍යයේ (Profile picture) දාගෙන හිටපු පින්තූර වෙනුවට එකපාරටම පාළු ස්වභාවයක් ගන්න පින්තූරයක් දානවා. එහෙමත් නැත්නම් අඳුරු පින්තූර දානවා. මේ ගැන දෙමාපියන්ට තේරුමක් නැත්නම් යාළුවන්ට හෝ අවධානයක් දක්වන්න පුළුවන්. ඒ වගේම ගෙදරදි දරුවා කන බොන විදිහේ වෙනසක් තියෙනවද? වෙනදට අහන විදිහේ සින්දු වෙනුවට දුක්මුසු ගීතද අහන්නෙ? වෙනදට කලින් නිදාගන්න යනවද? මේ වගේ පොඩි පොඩි දේවල් ගැනත් දෙමාපියන් අවධානයෙන් ඉන්න ඕන.

සමහරවිට සමාජශීලීව හිටපු දරුවෙක් එකපාරටම මුළුගැන්විලා ඉන්නවා නම්, කාටවත් වැඩිය මූණ දෙන්නෙ නැත්නම්, වෙනදට වඩා කේන්ති යනවා නම් ඒ දරුවා මොකක් හරි මානසික ආතතියකින් ඉන්නවා වෙන්න පුළුවන්. දරුවන්ගෙ මේ සියලුම වෙනස්වීම් එක රැයක් තුළ සිදුවන දෙයක් නෙවේ. කාලාන්තරයක් තිස්සේ ටික ටික මේ දේ වෙනවා. නමුත් දෙමාපියන්ට තේරෙන්නෑ. සමහර දෙමාපියෝ ඇත්තටම තේරුම්ගන්න දන්නෑ.

අපේ රටේ ඉන්න තවත් දෙමාපිය කොට්ඨාසයක් තමයි උගත් දෙමාපියෝ. නමුත් මේ දෙමාපියන් හරිම කාර්යබහුලයි. එයාලා රැකියා එක්ක කාර්යබහුල වෙද්දි දරුවන්ව නිකන්ම මගහැරෙනවා. ඒ වගේම දරුවන්ට අමතරව මානසික පීඩනයෙන් පෙළෙන දෙමාපියනුත් මේ සමාජෙ ඉන්නවා. ඉතින් මෙවැනි දෙමාපියන් තමන්ගෙ මානසික ආතතියට නිසි ප්‍රතිකාර නොගත්තොත් තමන්ගෙ දරුවන්ගෙ මානසික ආතතිය තේරුම් ගන්න හැකියාවක් නෑ. ඒ නිසා මුලින්ම දෙමාපියන් විදිහට තමන්ට යම් මානසික ආතතියක් ඇති බව හැඟෙනවා නම් තමන් මුලින්ම ප්‍රතිකාර සඳහා යොමුවීම අත්‍යවශ්‍යයි.

අපි නැවතත් මේ කාරණය දරුවන්ගේ පැත්තෙන් බැලුවොත් සමහර දරුවො ඉන්නවා පුංචි කාලෙ ඉඳන්ම ඉතාම අහිංසකයි. කාටවත් කරදරයක් කරන්නෑ. තමන්ගෙ පාඩුවෙ වැඩ ටික කරගෙන ඉන්නවා. කොටින්ම ගෙදර අම්මා තාත්තටවත් කරදරයක් නෑ. මෙවැනි ගොඩක් දරුවො වැඩිය සමාජශීලී නෑ.

ඒ නිසාම මේ වගේ දරුවෙක් මානසික ආතතියකින් ඉන්නකොට ඒ දේ අඳුරගන්න අපහසු වෙන්නෙත් මොවුන්ගේ මේ හැසිරීම නිසා. මෙවැනි දරුවන්ට ඇති මානසික පීඩාවන් ගැන දෙමාපියන්ට අඳුරගන්න පුළුවන් ලේසිම විදිහ තමයි පුළුවන් තරම් දරුවා එක්ක පුංචි කාලෙ ඉඳන්ම සමීපව කටයුතු කිරීම. පුංචි කාලෙ ඉඳන්ම පාසලේ වැඩකටයුතු ගැන, යාළුවො ගැන සුහදව අහන්න. රැකියාවක නිරත වෙන දරුවෙක් නම් කාර්යාලයේ වැඩකටයුතු ගැන නිදහස් වෙලාවක අහන්න. දරුවා එක්ක අම්මා හෝ තාත්තා කිට්ටු වුණාම එයාලා දෙමාපියන්ට තමන්ගේ හිතේ තියෙන දේවල් කියන්න පැකිලෙන්නෙ නෑ.

රැකියාවක් කරන දරුවෙක් තමන්ට කාර්යාලෙදි මුහුණ දෙන්න සිද්ධ වුණ දෙයක් ගැන කිව්වොත් ඒ මොහොතේ ඔහුට හෝ ඇයට දැනුණ දේ ගැන අහන්න. එයට ඔවුන් ප්‍රතිචාර දක්වපු විදිහ ගැන අහන්න. දරුවන්ගේ හැඟීම්වලට වටිනාකමක් දෙන්න. දරුවා යම්කිසි සිදුවීමකදී හැසිරුණ ආකාරය ගැන කිව්වොත් එවැනි මොහොතකදී එලෙස හැසිරීම සාමාන්‍ය සහ සාධාරණ බව පවසන්න. සමහර දරුවෝ කැමති නෑ තමන්ගේ හැඟීම් එළියට දාන්න.

සමහරවිට තමන්ගෙ හැඟීම්වලට වටිනාකමක් නොලැබුණු අවස්ථාවක් කුඩා කාලයේ දරුවා අත්විඳ තිබෙන්න පුළුවන්. එයාලා හිතනවා තමන්ගෙ හැඟීම් එළියට දැම්මොත් තමන් විහිළුවකට ලක්වෙයි කියලා. ඒක නිහඬ පෞරුෂත්වවල තියෙන ගැටලුවක්. ඒ නිසා දරුවගෙ හැඟීම් එළියට ගන්න උත්සාහ කරන්න. ආදරෙන් කතා කරන්න. ඒ ආදරෙන් කතා කරන වචන ටික එයාට ඇති. ඉදිරියේදී තමන්ට මොන දේකට මුහුණ දෙන්න සිද්ධ වුණත් ඒ දේ ඔවුන් දෙමාපියන්ට පවසයි.

දෙමාපියන්ට හිතෙනවා නම් දරුවගේ චර්යා රටාවේ වෙනසක් තිබුණත් තමන්ට ඒක කළමනාකරණය කරගන්න බෑ කියලා, දරුවව මනෝ වෛද්‍යවරයෙක්ට යොමු කරවන්න. සමහරවිට අම්මලට හිතෙන්න පුළුවන් මනෝ වෛද්‍යවරයෙක් ගාවට ගෙනියන්න මගේ ළමයට පිස්සු නෑ කියලා. දෙමාපියන් දැනගත යුතුයි මේ කතා කරන්නෙ උමතු බව පිළිබඳව නෙවේ කියලා.

මානසික පීඩනය, විශාදය කියන්නෙ උමතුවක් නෙවේ. එකපාරටම මනෝ වෛද්‍යවරයෙක් ගාවට ගෙනියන්න අකමැතිනම් මනෝ උපදේශකයෙක් හෝ මනෝ චිකිත්සකයෙක් ගාවට ගෙනියන්න පුළුවන්. කා ගාවටවත් ගෙනියන්න බැරිනම් අඩුම තරමින් ‘1926’ අංකයෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය අමතලා දරුවන්ගෙ ගැටලුවට ක්ෂණික විසඳුමක් ලබාගන්න පුළුවන්. දෙමාපියන් විදිහට තමන්ගෙ දරුවන්ගෙ මානසික සෞඛ්‍ය වෙනුවෙන් නැගී සිටින්න.

ළමා හා යොවුන්
මනස පිළිබඳ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය
ප්‍රභා විද්‍යාතිලක
(උතුරු කොළඹ ශික්ෂණ රෝහල)


එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?