නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සිනමාව අතික්‍රමණය  කරමින් චිත්‍රවලට 3D Art
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සිනමාව අතික්‍රමණය  කරමින් චිත්‍රවලට 3D Art

Published October 28, 2024

අපි හැමෝම කරන්න ආස දේවල් තියෙනවා. සමහරු සින්දු අහන්න ආසයි. තවත් සමහරු නටන්න ආසයි. ඒ අතර කෑම උයන්න වගේම හදන කෑම රසවිදින්න ආස අයත් ඉන්නවා. තවත් අය නිදහසේ චිත්‍ර අඳින්න ආසයි. මේ හැමදෙයක්ම අපිට නිදහසක් ලැබුනම කරන්න යොමු වෙනවා. ඒත් චිත්‍ර අඳින්න තියෙන ආසාව නිසාම ජොබ් එකෙනුත් අයින් වෙලා කලාව වෙනුවෙන්ම තමන්ගේ කාලය වෙන් කරපු අපූරු චිත්‍ර ශිල්පිනියක් අපට හමු වුණා. ඇය ගැනයි අද කතාව…

ශශින්තා ගැන විස්තර ටිකක් කියන්නකෝ…

මම ශශින්තා දිල්හානි. මගේ වයස අවුරුදු 31. මම කුරුණෑගල ඉන්නේ. මම දැනට ජොබ් එකෙන් අයින් වෙලා කලා වැඩ කටයුතුත් එක්ක තමයි ඉන්නේ.

පොඩි කාලේ ඉදන්ම චිත්‍ර අඳිනවද?

ඔව්. පොඩි කාලේ ඉදන් චිත්‍ර අඳින්න පුළුවන්. චිත්‍ර අදින්න වගේම නැටුම්වලටත් ආසයි. ඒ නිසා දහය වසර වෙනකම් නර්තනය විශයක් විදියට හැදෑරුවා. පස්සේ හැකියාව තියෙන නිසා චිත්‍ර විශයක් විදියට තෝරගත්තා.

චිත්‍ර අඳින්න තියෙන ආසාව නිසාමද රස්සාවෙන් අයින් වුණේ?

මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිදාරිනියක්. ගාල්ල අවිත්තාව නාලන්දා මහ විද්‍යාලයේ චිත්‍ර ගුරුවරිය විදියට සේවය කළා. ඒත් රැකියාව නිසා මම ගොඩක් කාර්යබහුල වුණා. ඒ වගේම ලොකු වගකීමක්. ඒ නිසා චිත්‍ර අඳින්න ඉඩකඩ ටිකක් අඩු වුණා. ඒ නිසා මම ගුරු වෘත්තියෙන් අයින් වෙලා කලා කටයුතු එක්ක ඉන්න තීරණය කළා.

ශශින්තා කොහොමද මේ ගමන ආවේ?

චිත්‍ර අඳින්න ගත්තේ ආසාවට. ඒක මගේ විනෝදාංශයක්. මම ඒලේවල් ඉවරවෙලා ෆ්‍රී ටයිම් එකේ චිත්‍ර ඇන්දා. ඒ ඇදපු චිත්‍ර එකතු කරල කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ චිත්‍ර ප්‍රදර්ශනයක් කළා. ගොඩක් අය මාව හඳුනගත්තේ ඒකෙන් ප්‍රදර්ශනයෙන් පස්සේ චිත්‍ර ඇදල දෙන්න කියල ගොඩක් අය මට කතා කළා.

ඒක මගේ කලා ජීවිතේ හැරවුම් ලක්ෂයක්. චිත්‍ර ඇදල දෙන්න කියල ලැබුන ඉල්ලීම් එක්ක මට හිතුනා ෆේස්බුක් එකේ චිත්‍ර අප්ලෝඩ් කරන්න. පේජ් එකක් හදන්න. ඊට පස්සේ Shashintha dilhani art කියල පේජ් එකක් හදල චිත්‍ර අප්ලෝඩ් කළා. නොහිතපු විදිහට ලොකු ෆෑන් බේස් එකක් මාත් එක්ක එකතු වුණා.

ශශින්තා මොන වගේ චිත්‍රද අඳින්නේ?

මම අලුත් දේවල් ඉගෙන ගන්න වගේම ට්‍රයි කරල බලන්න ආස කෙනෙක්. ඒ නිසා කැන්වස් ආර්ට්, ත්‍රීඩී ආර්ට්, පෝට්රේට් ආර්ට් ග්‍රැෆික් ආර්ට් වගේ හැමදෙයක්ම කරනවා.පැන්සල්, පෑන්, පාට පැන්සල්, තෙල් සායම් වගේ මාධ්‍ය ගණනාවකින්ම මම චිත්‍ර අදිනවා.

ශශින්තා ගස්වල ත්‍රීඩි ආර්ට් නිර්මාණ කරනවා නේද? ඒ ගැන කිව්වොත්…

මම අලුත් දේවල් ට්‍රයි කරල බලන්න ආස නිසා ගහක ත්‍රීඩී විදියට චිත්‍රයක් ඇන්දා ලේනෙක් බත් කන විදියට. ඒක නොහිතුව විදියට ෆේස්බුක් එකේ ගොඩක් වයිරල් වුණා. ත්‍රීඩී ආර්ට් එකක් ගහක අඳිනව කියන්නේ ඇත්තටම සියුම් වැඩක්.

සාමාන්‍ය චිත්‍ර අඳින්නේ පැතලි මතුපිටක ඒත් ගහක එහෙම නැහැ. ගහක තියෙන්නේ රවුම් හැඩයක්නේ. ඒ නිසා අපේ පියවි ඇහැට පේන විදියට නෙමෙයි චිත්‍ර අඳින්නේ කැමරාවට පේන විදියටයි අදින්නේ. ලේනගේ චිත්‍ර අදිද්දිත් මම කැමරාවට පේන විදියට ඇන්දේ.

චිත්‍ර අදිද්දි සැරින් සැරේ ඒක බලන්න ඕන හරියටම තියෙනවද කියල. ත්‍රීඩී ආර්ට් චිත්‍රවල කැමරා පොයින්ට් එක පවා ළකුණු කරනවා. ඒ කෝණෙන් බැලුවම තමා ඇඳල තියෙන චිත්‍රය ඇත්තම වගේ පේන්නේ.

ඒ වගේම ගහක ත්‍රීඩී ආර්ට් එකක් අදිනවනම් අවට පරිසරයටත් ඒක ගැළපෙන්න ඕන. මම තස්ටන් කොලේජ් එකේ ඒ විදියට චිත්‍ර කීපයක් ඇන්දා. ලොකු ගස් නිසා ඒ ගස්වල අදිද්දී කැමරා කෝණ ගැන බලන්න ඕන වුණේ නැහැ. ඒත් පොඩි ගහක අදිනවනම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන.

චිත්‍රවලට පිටරටත් ලොකු ඉල්ලුමක් තියෙනවද?

ඔව් රටවල් ගණනාවකට මගේ චිත්‍ර යවල තියෙනවා. ලංකාවෙන් වගේම චිත්‍ර ඇඳල දෙන්න කියල පිටරට අයගෙනුත් ඕඩර්ස් එනවා.

ලැබෙන ප්‍රතිචාර ගැන කිව්වොත්

ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. චිත්‍ර ගන්න අය වගේම ෆෙස්බුක් එකෙන් දකින අයගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ශශිනිට මේ ගමන යන්න ලැබෙන සහයෝගය කොහොමද?

ඇත්තටම මගේ හස්බන්ඩ් මට ගොඩක් උදව් කරනවා. ඒ වගේම මගේ දෙමව්පියෝ පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. චිත්‍ර අඳින වැඩ මම තනියම කරන්නේ.

මොන වගේ අභියෝගද ආවේ?

මම ජොබ් එකෙන් අයින් වෙලා රැකියාවක් විදියට චිත්‍ර අඳින්න ගත්තම අභියෝග ආවා. ගොඩක් අයගේ වංචාවන්ට අහුවුණා.චිත්‍ර අරගෙන සමහර අය මුදල් හරියට ගෙව්වෙ නැහැ. සමහරු මගේ චිත්‍ර අරගෙන ඒ අයගේ චිත්‍ර විදියට විකුණල තිබුණා. මුල් කාලේ ඒ නිසා දුක හිතුණත් පස්සේ ඒ අභියෝග ජයගත්තා.

අලුත් දේවල් ට්‍රයි කරන්න ආස අයට මොකද කියන්න තියෙන්නේ?

අනිවාර්යයෙන් කැමැත්තක් තියෙන්න ඕන. ඒ වගේම ආර්ට් පැත්තෙන් යනව නම් කැපවීම තියෙන්න ඕන. ප්‍රැක්ටිස් නොකර කරනව නම් හිරවෙනව යම් තැනකදී. ඒ නිසා පැවැත්මක් තියාගන්න නම් අප්ඩේට් වෙන ගමන් නිතරම ප්‍රැක්ටිස් කරන්න ඕන.

පවනි දිලේකා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?