නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කොරෝනා කාලේ අපතේ ගිය දිවුල් නිසා විජලනය කළ දිවුල් පානයක් හඳුන්වාදෙයි – විනීතා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

කොරෝනා කාලේ අපතේ ගිය දිවුල් නිසා විජලනය කළ දිවුල් පානයක් හඳුන්වාදෙයි – විනීතා

Published October 21, 2024

ජීවිතේ මොනතරම් දුක් කම්කටොළු ආවත් අම්මල තමන්ගේ දරුවන්ට දුකක් දෙන්න කැමති නැහැ. ඒ නිසා තමන්ට පුළුවන් උපරිමෙන් දරුවෝ වෙනුවෙන් කැපවෙනවා. අද කතාකරන්නෙත් දරුවන්ගේ ජීවිතේ එළිය කරන්න මහන්සි වෙලා වැඩ කරන තමන්ගෙම ව්‍යාපාරයක් කරගෙන යන ආදරණීය අම්ම  කෙනෙක් ගැනයි…

විනීතා ගැන විස්තර ටිකක් කියන්නකෝ…

මම විනීතා කුමාරි. මගේ වයස අවුරුදු 42 යි. මම ඉන්නේ කාවන්තිස්සපුර. මම දරුවො දෙන්නෙක්ගේ අම්ම කෙනෙක්. දැනට බබාලගෙ වැඩ කරන ගමන් මගේම කියල ව්‍යාපාරයක් කරනවා.

ඇයි විජලනය කළ දිවුල් පානයක් හදන්න හිතුවේ?

මම කරපිංචා, යකිනාරං, මුරුංගා වගේ කොළ වර්ග විජලනය කරල කුඩු කරල ක්ෂණික පානයක් විදියට හදනවා. ඊට අමතරව කතරගම වන්දනාවේ යන අයට දිවුල් විකුණනවා. ඒත් දිවුල් ගෙඩි ගොඩ කාලයක් තියාගන්න බැහැ.

ඉක්මණට නරක් වෙනව. ඒ නිසා අපතේ යන ප්‍රමාණය වැඩියි. ඒ වගේම කොරෝනා කාලේ වන්දනාවේ යන්න බැතිමත්තු ආවේ නැහැ. ඒකත් එක්ක සෑහෙන්න දිවුල් අපතේ ගියා. එහෙම ඉන්නකොට තමයි දිවුල් ගෙඩිත් මේ විදියට විජලනය කරල ඩ්‍රින්ක් එකක් විදියට හදන්න හිතුවේ.

ඩීහයිඩ්‍රේට් කියන්නේ මොකක්ද?

ඩීහයිඩ්‍රේට් කියන්නේ විජලනය කිරීමට. පලතුරු, කොළ වර්ගවල ස්වාභාවිකව ජලය අන්තර්ගත වෙනවා. ඩීහයිඩ්‍රේට් කිරීමෙදී ජලය යන්ත්‍රානුසාරයෙන් ඉවත් කිරීම සිදු කරනවා.

මොනවද දිවුල්වලට අමතරව හදන නිෂ්පාදන?

මම යකි නාරං, මුරුංගා, කරපිංචා, ලුණුවිල වගේ කොළවලින් පවුඩර් හදනවා. මේ කොළ වර්ග ගොඩක් ලෙඩ රෝගවලට හොඳ ඔසුවක්. ඒ වගේම මම කොණ්ඩය සඳහා ඖෂධීය තෙල් නිෂ්පාදනය කරනවා.

මාකට් එකට දාන්න ලියාපදිංචි වෙලාද ඉන්නේ…

ඔව් ලියාපදිංචි වෙලා ඉන්නේ.

කොච්චර කල් තියාගන්න පුළුවන්ද?

සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ කාලයක් තියාගන්න පුළුවන්.

මේ නිෂ්පාදන හදන්න කල් තියාගන්න දේවල් භාවිත කරල නැද්ද?

කිසිම රසායනික ද්‍රව්‍යයක් භාවිත කරන්නේ නැහැ. මේක නැචුරල් ප්‍රොඩක්ට් එකක්. කල් තියාගන්න පුළුවන් විදියට දිවුල්වල වතුර යන්ත්‍රාන්සාරයෙන් ඉවත් කිරීමක් පමණයි වෙන්නේ.

සාමාන්‍ය දිවුල් ගෙඩිවලින් හදන ඩ්‍රින්ක් එකේ රසයම තියෙනවද?

ඔව්. මේක නැචුරල් දිවුල්වලින්මයි හදන්නේ. ආටිෆිශල් කිසිම දෙයක් අඩංගු නැති නිසා ඒ රස එහෙම්ම තියෙනවා.

ඉල්ලුම අනුව සැපයුම දෙන්න පුළුවන්ද?

දැනට පාන වර්ග නිෂ්පාදනය කරන්නේ පොඩි මැෂින් එකකින්. ඒ නිසා මහා පරිමාණෙන් පාන වර්ග හදන්න බැහැ. ඉල්ලුමට අනුව සැපයුම දෙන්න අමාරුයි. ඉස්සරහට ලොකු මැෂින් එකක් අරගෙන තවත් වැඩියෙන් නිෂ්පාදන කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

ඔන්ලයින් ඩිලිවරි කරනවද?

ඔව් ඔන්ලයින් ඩිලිවරි කරනවා.

මොනවද ආපු අභියෝග?

කොවිඩ් එක්ක ආපු ආර්ථික අර්බුදයත් එක්ක පටන් ගත්ත නිසා මූල්‍යමය අභියෝග ආවා. ක්‍රමානුකූලව ඒ අභියෝග ජයගත්තා’ ඒවගේම සමහර කාලවලට දිවුල් නැහැ. කොළවර්ගත් හොයන්න අමාරුයි.

දිවුල් නම් වැඩියෙන්ම තියෙන්නේ ජුලි අගෝස්තු වගේ සීසන් කාලයේදී. ඒ නිසා අමුද්‍රව්‍ය හොයන එක මුල් කාලේ අභියෝගයක් වුණා.ඒ වගේම මගේ මහත්තයා නැහැ. ඒ නිසා දරුවෝ දෙන්නෙගෙ වැඩත් කරන ගමන් මේ දේවල් කරන්නේ. ඒ නිසා කාලය කළමනාකරණය කරගන්න එකත් ලොකු අභියෝගයක්.

බිස්නස් එක පටන් ගද්දී ලැබුණ සහයෝග මොන වගේද?

මම තනියෙන් තමයි ස්වයං රැකියාවක් විදියට මේ ව්‍යාපාරය කරන්නේ. මගේ ලොකු දුව උසස් පෙළ කරනවා මේ අවුරුද්දේ. ලොකු දුවගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

බිස්නස් පටන් ගන්න ඉන්න අයට දෙන ඇඩ්වයිස් එක මොකක්ද?

බිස්නස් එකක් කරන්න ආසයි නම් නිතරම ධනාත්මකව හිතන්න ඕන. මට මේක කරන්න සල්ලි නෑ කියල හිතන්නෙ නැතිව අතේ තියන මුදලින් පොඩියට හරි රිස්ක් එකක් අරගෙන බිස්නස් එක ස්ටාට් කරන්න ඕන.

ජීවිතේට මොන බාධක ආවත් තමන්ගෙ ගමන නවත්තන්න හොඳ නැහැ. ඒක පන්නරයක් කරගෙන ඉස්සරහටම යන්න ඕන. මම මේ තරම් දුරක් තනියම මේ ගමන ආවේ ඒ විදියට කැපකිරීම් කරපු නිසයි.

පවනි දිලේකා ✍️
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love4
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?