නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ළමාවියේ තිබෙන කුතුහලය වැඩිහිටි විියටත් තියාගන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ළමාවියේ තිබෙන කුතුහලය වැඩිහිටි විියටත් තියාගන්න

Published October 14, 2024

ළමාවියේදී ඉගෙනීම ඉතා වේගවත්ය. මීට හොඳම උදාහරණය භාෂාවයි. මව්බස නොවන ඉංග්‍රීසිය ඉගෙනීම සඳහා බොහෝ දෙනා වැඩිහිටියන් ලෙස වසර ගණන් වැයකර අසමත් වෙති. එසේ නම් ළමයින් කෙරෙහි ඇති විශේෂත්වය කුමක්ද? ඒ කුතුහලයයි. මේ කුතුහලය වැඩිහිටි අවදිය දක්වා දිවෙන කල්පවත්නා එකක් කරගත හැකිනම් නිසැකවම ඔබ ඊට කැමති වනු ඇත. පර්යේෂණාත්මකව මේ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයන මේ සඳහා අපට උපකාරී වෙයි. මේ ලිපියෙන් ජීවිත කාලය පුරා ඉගෙනීම, නිර්මාණශීලීත්වය, අනුවර්තනය වීමේ හැකියාව සහ සමස්ත යහපැවැත්ම පෝෂණය කිරීමේ කාර්යභාරයට කුතුහලය දායක වන ආකාරය අවධාරණය කෙරෙයි.

සංජානන කුතුහලය Cognitive Curiosity

කුතුහලය අනු කොටස්වලට බෙදීමේදී දැනීම ලබාගැනීම සහ විවේචනාත්මක චින්තන ක්‍රසඑසජ්ක එයසබනසබට කුසලතා ප්‍රවර්ධනය කිරීමේ බලවේගය වන්නේ සංජානන කුතුහලයයි. ළමා කාලයේ සංජානන කුතුහලය ක්‍දටබසඑසඩැ ජමරසදිසඑහ වර්ධනය කරගැනීම, සංජානන වර්ධනය ක්‍දටබසඑසඩැ ටරදඅඑය සහ බුද්ධිමය ගවේෂණය හා අවියෝජනීය ලෙස බැඳෙයි.

චිත්තවේගීය කුතුහලය Emotional Curiosity

ළමුන් පුදුමය, භීතිය සහ අන් අයගේ චිත්තවේගීය අත්දැකීම්වලට ප්‍රවේශ වීමට රුචි වෙති. එහිදී ඒවා අධ්‍ය්‍යනය කිරීම ළමුන් අතින් සිදුවෙයි. ළමා කාලය තුළ සිදුවන මෙම ක්‍රියාවලිය චිත්තවේගීය බුද්ධි වර්ධනය සඳහා ඉවහල් වෙයි. මෙසේ සම වයසේ මිතුරන්, වැඩිහිටියන් ආදී ලෙස සිදුවන අන්තර්ක්‍රියා බුද්ධිමය වර්ධනය කෙරෙහි වැදගත්ය.

සමාජ කුතුහලය Social Curiosity

මෙය ළමා කාලය තුළ පවතින වර්ධනයට ඉවහල්වන සාධකයකි. මුලින්ම තම දෙමව්පියන් ගවේෂණය කිරීමට හා තේරුම් ගැනීමට උනන්දු වෙන දරුවා ඉන්පසු අවට සමාජය දෙස කුතුහලයෙන් බලයි. කුතුහලය නිසා ඇතිවන මෙම උත්සාහය පසුකාලීන සමාජ අන්තර්ක්‍රියා සාර්ථක කරයි.

ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ නිර්මාණශීලිත්වය

ජීවිතයේ මුල් අවදීන්හි ඉහළ මට්ටමේ කුතුහලයක් ප්‍රදර්ශනය කරන පුද්ගලයින් වැඩිහිටි වය පුරාම අඛණ්ඩ ඉගෙනීමක නිරතවීමට වැඩි ඉඩක් ඇති බව පර්යේෂණ පෙන්වා දෙයි.

ඔවුහු විවෘත මනසකින් නව තොරතුරු වෙත ප්‍රවේශ වීමට නැඹුරු වෙති. එපමණක්ද නොවේ තමුන්ගේ දැනීම ලබාගැනීම සහ ලෝකය පිළිබඳ අවබෝධය යන පුළුල් දැක්ම හා කුතුහලය ඔවුන් අඛණ්ඩ ඉගෙනුම කරා මෙහෙයවයි.

ළමයින්ගේ කුතුහලය ගැන අපි මීට වඩා සැළකිලිමත් වෙමු

මේ නිසා ළමා කුතුහලය සහ වැඩිහිටි නිර්මාණශීලීත්වය අතර ඇත්තේ ජීවිත කාලය පුරාම ඉගෙනීමේ ක්‍රියාවලිය සඳහා වූ සහසම්බන්ධතාවකි. ළමාවියේ කුතුහලය, ගැටලු විසඳීම, අභියෝගවලට මුහුණ දීමේ හැකියාව, නව අදහස් ජනිත වීම, වෙනස්වන තත්ත්වයන්ට අනුවර්තනය වීම වැනි හැකියාවන් වර්ධනය කරන බව අවසාන වශයෙන් පැවසිය යුතුය.

https://journalgrid.com// ඇසුරිනි

සුනිල් අල්ගම ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?