නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දරුවන්ගේ මොළයේ කොටස් විනාස කරන ළමා මානසික පීඩනය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

දරුවන්ගේ මොළයේ කොටස් විනාස කරන ළමා මානසික පීඩනය

Published October 7, 2024

දරුවකුගේ කායික සංවර්ධනය සහ නීරෝගීතාවය ගැන වගේම ඔවුන්ගේ පෞරුෂත්වයේ දියුණුව පිළිබඳව වූ සෞඛ්‍ය තත්ත්වය ගැනත් දෙමව්පියන් ලෙස ඔබ සුවිශේෂී අවධානයක් දැක්වීම ඉතාම වැදගත්.

දරුවෙකුගේ පෞරෂත්වයට හානි සිදු වෙන්නේ කොහොමද…?

දරුවන් කියන්නේ සමාජයේ ජීවත්වෙන වැඩිහිටියන් වගේම තවත් එක් සමාජ ජීවි කොටසක්. මේ අන්දමින් මෙම දරුවන් විවිධ සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගමින් ගෙන ජීවිතය සකස් කර ගන්නාවිට ඇතැම් පරිසර සහ සමාජ තත්ත්වයන් නිසා දරුවාගේ පෞරෂත්වයට සම්බන්ධ මොළයේ කොටස්වලට සම්බන්ධ කොටස්වලට හානි සිදු වෙනවා.

මේ තත්ත්වය අප නොසලකා සිටියොත් අනාගතයේදී යහ පැවැත්මෙන් යුක්ත දරුවෙකු සමාජයට එකතු වීමට බාධාවක් ඇති වෙනවා. වැඩිහිටියන් විදිහට අපි නිතරම දරුවන්ගේ ගැටළු ගැන කතා කරනවා. අපි පොඩි කාලයේ මේ වගේ නැහැ. දැන් පරම්පරාවේ දරුවන් ගැන හැම දෙනෙක්ම චෝදනාවෙන් කතා කරනවා.

 “අතීතයේ දරුවන් හොඳයි ” කියන ලේබලයෙන් සහ “අද දරුවන්  නරකයි ” කියන ලේබලයෙන් හැඳින්වීමට හේතුවක් තියෙනවාද…?

ඔව්…අතීතයේ පැැවති සරල සමාජ ක්‍රමය තුළ දරුවන්ගේ පෞරෂත්වය වර්ධනය සඳහා අවශ්‍ය සාධක පරිසරයෙන්ම නිර්මාණය වී තිබුණා. නමුත් අද පවතින සංකීර්ණ සහ කාර්ය බහුල අතෘප්තිකර ක්‍රමයකට සමාජ පරිවර්තනය වී තිබෙන නිසා මේ තත්ත්වය වෙනස් වී තිබෙනවා.ඊළඟ වැදගත් කරුණ වන්නේ දරුවන්ගේ පෞරෂත්වය සම්පූර්ණ වීමට වයස අවුරුදු  18 ක් 20 ක් පමණ ගත වෙනවා. ඒ වෙන තෙක් දරුවන් හොඳ සහ නරක ආකාරයට ලේබල් කිරීම සුදුසු නැහැ.

දරුවා මානසික පීඩනයටට පත් වුණොත් සිදු වෙන්නේ මොනවාද…?

විවිධ හේතුමත දරුවන් මානසික පීඩනයට පත්වීම නිසා මොළයේ කොටස් විනාශ වී ශරීරයේ විවිධ පද්ධති තුළ දැඩි සංකුලතාවයන් ඇති වෙනවා. එවිට දරුවාගේ පෞරෂත්වයට හානි සිදුවන අතර අනාගතයේදී දරුවා වෙනත් රෝගී තත්ත්වයන්ටත් ගොදුරු වීමට ඉඩ තිබෙනවා.

දරුවාගේ පෞරෂත්වයට හානි සිදු විය හැකි අවස්ථා…

1 අවදානම් ළමා කාලීන අත්දැකීම් – ACE’s (Adverse childhood experiences )

දරුවා අපයෝජනයට පත්වීම. දරුවන් කායික, මානසික සහ ලිංගික වශයෙන් අපයෝජනයට පත්වීමට පුළුවනි. දරුවා නොසලකා හැරීම දරුවෙකු නොසලකා හැරීමත් විවිධ අන්දමින් සිදුවීමට පුළුවන්.

  • දරුවාට ආහාරපාන, ඇඳුම් පැළඳුම් වැනි මූලික පහසුකම් නොදීම.
  • දරුවාට අවශ්‍ය ආදරය, රැකවරණය හා ආරක්ෂව ලබා නොදීම.
  • දුර්වල පවුල් සංස්ථාව.
  • මානසික ආබාධ ඇති දෙමව්පියන් යටතේ ජීවත්වීම.
  • මව නිතර පහර කෑමට ලක් වීම.
  • මව්පියන් දික්කසාද වීම.
  • පවුලේ අය සිරගත වීම.
  • පවුලේ අය මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම.


2. තරගකාරී අධ්‍යාපන රටාව…

● විශේෂයෙන් ශිෂ්‍යත්වය, උසස් පෙළ හදාරණ සිසුන් මේ තත්ත්වයට පත් වෙනවා.

3. අහිතකර පාසල් පරිසරය…

● ළමයා පාසල තුළ අවඥාවට ලක් වීම ( Bulling)

● ළමයාට සැඩ පරුෂ ලෙස ප්‍රතිචාර දැක්වීම.

● අධික වැඩ ප්‍රමාණයක් දරුවා වෙත පැවරීම.

4. රැකියාව සඳහා මව විදේශගත වීම

මේ අන්දමින් දරුවාට ඇති වෙන මානසික පීඩනය නිසා මොළයට හානි වීමක් සිදු වෙනවා ශරීරයේ හෝර්මෝන පද්ධතිය තදින් උත්තේජනයවීම. කෝර්ටිසෝල් ඇතුළු සමහර වෙහෙසකර හෝර්මෝන අධිකව නිදහස් වීම මේ අන්දමින් හෝර්මෝන වැඩි වම නිසා දරුවාගේ හරීරයේ විවිධ පද්ධතින්වලට හානි සිදු වෙනවා.

5. මධ්‍ය ස්නායු පද්ධතියට ( මොළය ) හානි වීම.

දරුවාගේ මොළයේ හිපොකැම්පසය, පූර්ව ලලාට කණ්ඩිකාව හා ඇමිග්ඩිලා කොටස මේ මඟින් හානියට පත් වෙනවා. මොළයේ සෛල අතර සම්බන්ධතාවය කැඩී යන අතර උපාගම අක්‍රිය තත්ත්වයට පත් වෙනවා. මේ මගින් මොළයේ සමහර සෛල විනාශ වෙනවා.

මේ නිසා ඇති වෙන ප්‍රතිඵල මොනවාද…?

1. අහිතකර හැසිරීම් රටාව

  • අවධානය පවත්වා ගැනීමේ දුර්වලතාවයන්
  • මතක ශක්තිය හීන වීම
  • අධ්‍යාපනය දුර්වල වීම
  • මොළයේ විධායක ක්‍රියා දර්වල වීම

2. හෝර්මෝන පද්ධතියට හානි සිදු වීම..

දියවැඩියා රෝගී තත්වය ඇති වීම

3. ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි සිදු වීම

  • නිතර ලෙඩ රෝගවලට ගොදුරු වීම
  • හෘද රෝග ඇති වීමේ ප්‍රවනතාවය වැඩි වීම
  • ශ්වසන රෝග වැඩි වීම
  • පිළිකා ඇති වීම

4. ජාන ක්‍රියාකාරීත්වයට ඇති වන බලපෑම

අවදානම් ළමා කාලීන අත්දැකීම් නිසා ජානවල විකෘති වීම හා ක්‍රියාකාරීත්වය වෙනස් වේ. එවිට දරුවාගේ හැසිරීම් රටාව නියමිත ආකාරයට සිදු නොවේ. වඩා හොඳ ජාන සහිත දරුවෙකු වුණත් සමාජ සහ පාරිසරික හේතුන් මත දුර්වල සමාජ තත්වයකට ගොදුරු වුණොත් අනාගතයේදී පූර්ණ පෞරෂයකින් යුක්ත දරුවෙකු අපට අපේක්ෂා කිරීම අපහසු බවත් මව්පියන් තරයේ සිහි තබා ගැනීම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බබාලගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්ද?

May 12, 2025

හන්දි වේදනාව, ඉදිමුම, උණ සමග රතු ලප තිබෙනවා නම් චිකුන්ගුන්යා විය හැකියි වහාම ප්‍රතිකාර ගන්න

May 12, 2025

Full Blood Count එකකින් කියවෙන්නේ මොනවද

May 12, 2025

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?