නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කෑමවල රහගුණ ලෝකෙටම කියන පොඩි කෙල්ලෙක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

කෑමවල රහගුණ ලෝකෙටම කියන පොඩි කෙල්ලෙක්

Published October 7, 2024

අපේ පුංචි කාලේ අපි හැමෝම සෙල්ලම් ගෙවල් හදල පොල් කටුවලට වැලි පුරවල කෝම්පිට්ටු බත් හැදුවෙ අම්මා උයන විදිය දැකලා. ඔන්න ඉතින් අපි ටිකක් ලොකු වුණාම කෝම්පිට්ටු බත් වෙනුවට මැටි වළං අඩුක්කුවල සෙල්ලම් බත් හැදුවා. එතනදි අපි ඇත්තටම උයන්න ඉගෙන ගත්තා. අද කතා කරන්නෙ වැලිකෙළියෙ ගෙදර අයට සෙල්ලම් බත් හදල දුන්න අද වෙද්දී ලෝකෙටම අපේ කෑමවල රහගුණ කියලා සල්ලි හොයන ගමේ ඉන්න පුංචි කෙල්ලෙක් ගැන…

කවුද ඇත්තටම භාග්‍යා කියන්නේ?

මම නමින් භාග්‍යා සන්තුෂ්ටි ලියනගේ.ඒත් භාග්‍යා විදියට තමයි ගොඩක් අය මාව දන්නේ. මගේ වයස 21 යි. මට අයියල තුන්දෙනෙක් ඉන්නවා.අකුරැස්සේ බෝපුගොඩ තමයි මම ඉන්නේ. මේ දවස්වල කැලණිය විශ්වවිද්‍යාලයේ ෆොටෝග්‍රැෆි සම්බන්ධ උපාධියක් හදාරන ගමන් යූ ටියුබ් චැනල් එකේ වැඩකටයුතුත් කරනවා.

භාහ්‍යා පොඩි කාලෙ ඉදන්ම උයන්න ආසයිද?

ඔව්. පොඩි කාලේ ඉදන්ම එක එක කෑම ජාති හදන්න හරිම ආසයි. පොඩිම කාලේ සෙල්ලම් කරද්දී මං වැලිවලින් කෝම්පිට්ටු බත් හැදුවා. පස්සේ අම්ම උයන විදිය බලන් ඉදලා අම්ම එක්ක පොඩ්ඩ පොඩ්ඩ උයන්න පටන් ගත්තා. අවුරුදු දහයේ ඉදන් වගේ තමයි මම උයන්න පටන් ගත්තේ.

කෑම හදන්න ආස නිසාමද භාග්‍යා The rustic kichen කුකින් චැනල් එක පටන් ගත්තේ?

යූටියුබ් එකේ කුකින් චැනල් ගොඩක් තියෙනවා. ඒත් ගැමිකම පෙන්නන ලෝන්ග් වීඩීයෝ තිබ්බත් ෂෝර්ට් වීඩියෝ තිබ්බෙ නැහැ ගැමි පරිසරයේ ලස්සන පේන විදියට.ඒ නිසා අලුත් වැඩක් විදියට කරල බලන්න හිතුනා.අයිය ගාව කැමරා එකක් තිබුණා.

දොඩං ජූස් හදන වීඩීයෝ එකක් ආසාව නිසාම අයිය එක්ක එකතුවෙලා කරල බැලුවා. ඒක යූටියුබ් ෆෙස්බුක් ටික්ටොක්වලට ශෙයා කරා. නොහිතුව විදියට ටික්ටොක් එකේ ඉක්මනටම වයිරල් වුණා. ඒ විදියට තමයි මේ ගමන පටන්ගත්තේ.

භාග්‍යා ඇයි ගමේ විදියට උයන්නේ?

මම ගමක ඉන්නේ. ඇත්තටම ගොඩක් අය නොදන්න දේවල් තියෙනවා ගම්වල. උයන පිහින දේවල්වල විතරක්ම නෙවේ නගරබද පරිසරේට වඩා වෙනස් දේවල් ගමේ තියෙනවා. උයන පැත්තෙන් ගත්තොත් ගමේ ගොඩක් වෙලාවට වංගෙඩියෙන් පිටි ටික කොටනවා. මිරිස් ගලෙන් පොල් අඹරනවා.

මේ දේවල් තාමත් තියෙනවා. ඒ දේවල් පිටරට ඉන්න විදේශිකයන්ට අලුත්. ඒ අය තාක්ෂණයත් එක්ක ඉන්න නිසා හැමදෙම යන්ත්‍ර සූත්‍රවලින් කරන්න පුරුදු වෙලා තියෙන්නේ. මේ අපේකම නිසාම වෙන රටවල අය ආසාවෙන් කෑම වර්ග හදන වීඩියෝ බලන්න පුරුදු වෙලා තියෙනවා.

මොන වගේ දේවල්ද හදන්නේ?

ගොඩක් දුරට හදන්නේ ගැමි සම්ප්‍රදායට හුරු ආහාර වර්ග. ඒක අලුත් විදියට වෙනස් කරල තමයි හදන්නේ. උයද්දී ප්ලාස්ටික් බෝතලයක්වත් පාවිච්චි කරන්නෙ නැහැ. හැමදේම ගමක විදියට තමයි කරන්නේ.

කොහෙන්ද අමුද්‍රව්‍ය හොයාගන්නේ?

අපේ ගෙදර වත්ත ලොකුයි. ඒ නිසා තාත්තා ගොඩක් දේවල් වවනවා. අඹ, රඹුටන්, මැංගුස්, දූරියන් වගේ පලතුරු වර්ග ගෙදර වත්තේ තියෙනවා. ඒ වගේම එළවළුත් වවල තියෙනවා. ඒ නිසා කෑම හදද්දී ගෙදර වවපු පලතුරු එළවළු තමයි ගන්නේ. කලාතුරකින් පිටින් ගන්න වෙලාවලුත් තියෙනවා.

කොහොමද ඉගෙනගන්න එකයි චැනල් එකේ වැඩයි දෙකම කරන්නේ?

ඒක ටිකක් අමාරුයි. සතියේ දවස් පහම මම කැම්පස් එකට යනවා. සති අන්තේ ගෙදර එනවා. ඒ දවස් දෙකේ තමයි කෑම වර්ග හදල යූටියුබ් චැනල් එකට අප්ලෝඩ් කරන්නේ. ඒත් කොහොමහරි කාලේ කළමණාකරණය කරගන්නවා.

හිනාවෙන සීයා ගොඩක් උදව් කරනව නේද?

වීඩීයෝවල කෑම වර්ග හදලා ඒක රසයි කියල පෙන්නන්නේ කොහොමද කියල මට තෙරුණේ නෑ. මං කෑම හැදුවම පවුලේ අයටත් දෙනවා. මගේ ලොකු තාත්තා කෑම කාලා හිනාවෙනවා. ඒ කෑම කාල හිනාවෙන විදිය වීඩීයෝවලට එකතු කරා. බලන අයටත් ඒක අලුත් අත්දැකීමක් වුණා. ගොඩක් අය ඒකට කැමති වුණා.

වැඩ කටයුතුවලට ලැබෙන උදව් ගැන මතක් කළොත් ?

ඇත්තටම ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ පොඩි අයියා තමයි වීඩියෝ කරන්නෙ එඩිට් කරන්නේ. චැනල් එකේ වැඩ බලන්නෙත් එයා. ඒ වගේම මගේ අම්මයි තාත්තත් ගොඩක් උදව් කරනවා.

ඒ වගේම වීඩියෝ කරද්දී අපේ ගෙදර ඉන්න හුරත්ල් සත්තු ටික පවා මට උදව් කරනවා. එයාලත් ඒ වෙලාවට මම ගාව දැවටි දැවටි ඉන්නවා.

මොන වගේ අභියෝගද භාග්‍යට ආවේ?

ලොකු අභියෝගයක් ආවෙ නෑ. මම ඉගෙනගන්න නිසා කාලේ වෙන්කරන්න අමාරු එක තමයි තිබ්බ ලොකුම අභියෝගේ. ඒ වගේම චැනල් එකේ වීඩියෝ දාන්න පටන් ගත්ත මුල නම් කීපදෙනෙක්ගෙන් නෙගෙටිව් කමෙන්ට්ස් ආවා. මුලදී ඒවට ටිකක් දුක හිතුණත් පස්සෙ ඒ දේවල් ගනන් ගත්තේ නෑ.

ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ වෙද්දී නම් කමෙන්ට්ස්වලින්වත් කවුරුත් බනින්නෙ නෑ. කලාතුරකින් තමයි එහෙම තියෙන්නේ. කැම්පස් එකේ අය වගේම ගමේ අය පවා මාව හොඳට අදුනනවා. ඒ අයත් මට ආදරෙයි.

ඉදිරි බලාපොරොත්තු මොනවද?

චැනල් එක ඉස්සරහටම අරන් යන එක තමයි ලොකුම බලාපොරොත්තුව. අපේ ගැමි කෑම ලෝකෙට අරන් ගිහින් ඒ අයටත් මේ කෑම වර්ග හදන විදි ගැන කියල දෙන එක මගේ අරමුණ. ඒ වගේම මගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගන්න එකත් වැදගත්.

ළගදී අවෝඩ් එක ලැබුණා.ඒ ගැන කිව්වොත්?

Most populer cooking award සම්මානය තමයි මට හම්බවුනේ. ඇත්තටම ලේසි ගමනක් වුනේ නැහැ. අවෝර්ඩ් එක ලැබුණ එකට ගොඩක් සතුටුයි.

පවනි දිලේකා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?