නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බුදුදහම පිලිපඳින්න වයස ප්‍රශ්නයක් නෑ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බුදුදහම පිලිපඳින්න වයස ප්‍රශ්නයක් නෑ

Published October 7, 2024

දරුවෙකු මව්කුස පිළිසිඳ ගත් දිනයේ පටන් ඒ දරුවාගේ මුහුණ දකින තෙක් මව්පියන් සිටින්නේ ඉතාමත් නොඉවසිල්ලකින්. එතැන් පටන් ඒ දරුවා කායික වශයෙන් වගේම මානසික සුවතාවයකින් යුක්ත දරුවෙකු ලෙසින් සමාජගත කිරීමට ඔවුන් උත්සහ කරනවා. මේ සියල්ල සැබෑය. එහෙත්… කුඩා කාලයේ පටන් දරුවෙකු දැණුම, ආකල්ප වගේම ගුණධර්මයන්ගෙන් පෝෂණය කිරීමටත් දෙමව්පියන් ලෙස ඔබ වග බලා ගත යුතුම වෙනවා.

භික්ෂු ශාසනයේ පවා පොඩි සාමනේරයන් වහන්සේලා වෙනුවෙන් ශික්ෂණය ලබා දෙනවා…

පුංචි සාමනේරයන් වහන්සේ නමක් දුටු විට සමාජයේ ඇති වෙන්නේ ප්‍රසන්න සංකල්පයක්. නමුත් මේ පුංචි භික්ෂුන්වහ්නසේලා පවා ගුරු ස්වාමින්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ශික්ෂණය ලබනවා. පැවිදි වූ කුඩා භික්ෂුන්වහන්සේ නමක් වුණත් ගුණධර්මයන්ගෙන් පෝෂණය කළ යුතුයි.

ධර්ම මාර්ගය වගේම විනය නීති රීති කියා දෙමින් දැනුවත් කළ යුතුයි. පැවිදි වුණත් මේ කහ සිවුර තුළ සිටින්නේ තවමත් පුංචි දරුවෙක්. ගිහි කාලයේ මව්පියන් විසින් ගුණධර්ම කියා දී යහමඟ යැව්වේ යම් සේද, පැවිද්ද ලද තැන පටන් ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ විසින්ගුණධර්මයන්ගෙන් පුංචි සමණේර භික්ෂුව පෝෂණය කළ යුතුයි. අපි රාහුල පොඩි හාමුදුරුවෝ ගැන දන්නවා.

උන්වහන්සේ උදේට වැලි දෝතක් අතට අරගෙන උඩ විසි කරමින් “ අද මේ වැලි කැට ගණනින් මට අවවාද ලැබේවා…” යැයි ප්‍රාර්ථනා කරනවා. බුද්ධශාසනය තුළ පවා බාල කාලයේ පටන් ගුණධර්මයන්ගෙන් පෝෂණය කිරීමේ වැදගත්කම කියා දෙන චරිත කථාවන් තිබෙනවා.

අවවාදයටත් වඩා ආදර්ශය උතුම්…

අපි දරුවන් යහමඟ යැවීමට බාල කාලයේ පටන් අවවාද ලබා දෙනවා. වචන ගොඩකින් කියන අවවාදයට වඩා ආදර්ශය වගේම සමාජයෙන් දකින, ඇසෙන දෙයින් දරුවා බොහෝ දේ ඉගෙන ගන්නවා.

අපි පුංචි කාලයේ රාත්‍රි නින්දට යද්දි අපේ මව්පියන් ජාතක කථා කියා දුන්නා. සාම කුමාරයාගේ කථාව, සත්ති ගුම්බ ජාතකය මේ වගේ කථා නිතරම කියා දුන්නා. ඒ වගේම ලෝවැඩ සඟරාව, සුභාෂිතය, සිරිත්මල්දම වැනි කවිවලින් හිතට දැනෙන විදිහට අවවාද ලබා දුන්නා.

දෙගුරුන් විසින් තම දරුවන්ට දිය යුතු නොමද ධන නම්

වියතුන් සබා මැද ඉන්ට ඉදිරිව සිල්ප දෙනු මැයි. අතීතයේ මව්පියන් දරුවන් මුල් කර ගෙන හිතුවේ ඒ විදිහටයි.සිරිමත් මගෙ සකි… එදා දරුවන් ගැයූ මෙම කවි පංතිය අවසාන වෙන්නේ ඔහුට වඩා සොඳ – මහතෙකු කවුරුද…? මේ කවි පංතියේ මුල පටන්ම ගැයෙන්නේ සිරිමත් කියන දරුවාගේ හොඳ ගති ගුණ. ඉතින් මේ ආදර්ශමත් චරිතය විදිහට ගොඩ නැගෙන්න දරුවන් උන්දු වුණා.

නමුත් අද ඊට හාත්පසින්ම වෙනස්. ටෙලි නාට්‍යවලින් නිතරම අපට ලැබෙන්නේ මධ්‍යම පවුල් අරගල. ඒවායේ දරුවන් සහ මව්පියන් අතර ගැටුම්, දරුවාගේ ආධිපත්‍ය, මේ වගේ දේවල් දකින විට දරුවන්ට වැරදි හැසිරීම කුමක්ද කියන දේ වත් දැනෙන්නේ නැහැ. ඔවුන් මෙය සාමාන්‍ය හැසිරීමක් විදිහට දකිනවා. බාල කාලයේ පටන්ම මේ හැසිරීම් අනුකරණය කරනවා.

ඒ වගේම ම්පියන්ගේ හා දූ දරුවන්ගේ දුරස්ථ බව, දරුවන්ට ආදරය අහිමි වීම, වැඩිහිටියන්ගේ නොමනා පූර්වාදර්ශයන් නිසා දරුවන් සහ මව්පියන් අතර දැඩි දුරස්ථ බවක් නිර්මාණය වී තිබෙනවා.

දහම් පාසල් අධ්‍යාපනයට යොමු වීමත් අඩුයි…

දිනපතා පාසලෙන් දරුවා යම් ආගමක් ගැන විෂය කරුණු ඉගෙන ගත්තත් ඔවුන් ගුණධර්ම ඉගෙන ගැනීමට, ශික්ෂණය ලැබීමට නම් දහම් පාසල් අධ්‍යාපනයට යොමු විය යුතුයි. බෞද්ධ දරුවන්ට වගේම හින්දු, කතෝලික සහ ඉස්ලාම් දරුවන්ටත් දහම් අධ්‍යාපනය ලබා දෙන පාසල් පැවැත්වෙනවා.

නමුත් අපේ මව්පියන් බෞද්ධ දහම් පාසලකින් බලාපොරොත්තු වෙන්නේ පාසලේ පෙළ පොත ඉගැන්වීම සහ සිසු නිපුනතා තරඟ පමණයි. කොටින්ම කිව්වොත් දහම් පාසලේ ශීල ව්‍යාපාරයක් තිබෙනවා නම් එදාට දරුවා දහම් පාසල් එවන්නේ නැහැ. මේ වගේ වටපිටාවක් අද දහම් පාසල් අධ්‍යාපනය මුල් කර ගෙන ගොඩනැඟිලා තිබෙනවා. ඇත්තටම දහම් පාසල කියන්නේ යහගුණ තනන තෝතැන්නක්.

වැඩිහිටියන් අතරත්

පින් දහම් කිරීමට සැබැවින්ම වයසක් අවශ්‍ය නැහැ. කුඩා කාලයේ පටන්ම ගුණ ධර්ම අනුව හැඩගැසුනොත් එවැනි දරුවන් සමාජයේ වැඩිහිටි පුරවැසියන් බවට පත් වුණත් සමාජයට හිරිහැරයක් නැහැ. ඒ නිසා සිල් ගන්න, බණ අහන්න වයසක් අවශ්‍ය නැහැ. ඔබ ලෝවැඩ සගරාවේ මේ කවිය අසා ඇති.

අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු කැප වන්නේ කුමටද…? කුසලට කම්මැලි වන්නේ

බුදුරජාණන්වහන්සේගේ ජීවිතය තන අග පිණිබිඳුවකට සමාන කර තිබෙනවා. ඒ නිසා මෙලොව පරළොව ජීවිතය යහපත් කර ගැනීමට යහපත් කටයුතු හෙවත් පින් දහම් කළ යුතුයි. අද පන්සලකට ගියත්, ධර්ම දේශනාවකට ගියත් වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ වයෝවෘද්ධ පිරිස් විතරයි. තරුණ අයත් මේ අතරේ සිටිනවා.

ඔවුන් සංසාරගතව පින් දහම් කිරීමේ ආභාෂය ලැබු අය විදිහට බුදුරජාණන්වහන්සේ පෙන්වා දෙනවා. ඒ වගේම අද වියපත් මව්පියන්ට දූ දරුවන්ගේ රැකවරණය අහිමිවීම නිසා ඔවුන් වැඩිහිටි නිවාසයන්හි රැකවරණය ලබමින් ජීවිතයේ සන්ධ්‍යා කාලය ගෙවන්නට තරම් අද තත්ත්වය ශෝචනීය වී තිබෙන බවත් කණගාටුවෙන් වුණත් කියන්න සිදු වෙනවා.

වැඩිහිටි පිරිස් සීල සමාදානයේ යෙදීම.

පසළොස්වක පොහොය දිනට අපේ වැඩිහිටියන් සිල් සමාදන් වෙනවා. එය දස පුණ්‍ය ක්‍රියාවන් අතරටත් ගැනෙනවා. ඒ වගේම ගමේ පන්සලේදී සම වයස් කණ්ඩායම් එකතු වෙනවා. අද වැඩිහිටියන් බොහෝ දෙනෙක් හුදෙකලා වෙලා. එහෙම නැත්නම් දරුවන්ගේ දරුවන් රකින්න හිර වෙලා. ඔවුන් මානසිකව යම් විවේකයක් ලබා ගන්නෙත් පෝය දාට සිල් සමාදන් වීමෙන්.

අපි මේවා ඕපාදූප කතා කිරීමට යොදා ගන්නා අවස්ථාවක් විදිහට කිව්වත් මේ එකතු වීමෙන් වැඩිහිටියන්ට යම් වාසියක් ලැබෙනවා. වයස්ගත පුද්ගලයන්ට සමාජ ආශ්‍රය අවශ්‍යයි. එහෙම නැති වුණ විට ඔවුන් මානසිකව වැටෙනවා.

ඩිමෙන්ෂියා වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙනවා. ඒ බව දැන් පර්යේෂණ මඟින් පවා සනාථ වී තිබෙනවා. ඒ නිසා වැඩිහිටියන් පන්සල් ආශ්‍රයෙන් හෝ සමාජ සම්බන්ධතාවයන් ගොඩනඟා ගැනීමට යොමු කිරීම වැදගත්.

සිල් ගැනීමට වියපත් වීම සාධකයක්

නොවෙයි. එහෙත් අවම වශයෙන් වියපත් වූ පසුව හෝ සිල් ගැනීම වැනි කටයුතුවල නිරත වෙනවා නම් එයින් මානසිකවත් වැඩිහිටියන්ට යම් සහනයක් ලැබෙනවා. ඒ සහනය සමඟ ඔවුන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාවත් ඇති වෙනවා. මෙලාව වගේම පරළොවත් වාසනාවන්ත වෙනවා.

කිවියර, ගීත රචක
ශාස්ත්‍රපති පූජ්‍ය
මහගම සීලානන්ද
ස්වාමින්වහන්සේ
ශ්‍රී අරියනන්දනාරාමය
වේයන්ගොඩ, කටුවස්ගොඩ

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?