නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පිරිමිකමට වගකියන Y වර්ණදේහය අඩුවෙලා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පිරිමිකමට වගකියන Y වර්ණදේහය අඩුවෙලා

Published October 7, 2024

මානව වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් අඹු සැමියන්ගේ ලිංගික සම්බන්ධතාවයක් අත්‍යවශ්‍ය වෙනවා. ඔවුනොවුන් අතර වූ ලිංගික සම්බන්ධතාවයකින් පසුව ස්ත්‍රී ඩිම්බයක් සහ පුරුෂ ශුක්‍රාණුවක සංසේචනය වීමෙන් දරුවෙකුගේ පිළිසිඳ ගැනීම සිදු වෙනවා. මේ අන්දමින් කුසයේ පිළිසිඳ ගත් දරුවාගේ ස්ත්‍රි පුරුෂ බව තීරණය කිරීමට මිනිස් සිරුරේ ඇති වර්ණදේහ මගින් විශාල දායකත්වයක් ලබා දෙනවා.

වර්ණදේහ කියන්නේ මොනවාද…?

දරුවෙක් පිලිසිඳ ගැනීම සඳහා පිරිමි පුද්ගලයෙකුගේ වර්ණදේහ සහ කාන්තාවකගේ වර්ණදේහවල සංයෝග වීම බලපානවා. පිරිමින්ගේ X  වර්ණදේහ එකක් සහ Y වර්ණදේහයක් ඇති අතර, කාන්තාවන්ගේ X වර්ණදේහ එකක් පවතී.Y වර්ණදේහය X වර්ණදේහයට වඩා ප්‍රමාණයෙන් කුඩාය. Y වර්ණදේහයේ සක්‍රිය ජාන අතළොස්සක් ඇති නමුත් අතීතයේදී මේ තත්ත්වය වෙනස්ව තිබෙන්නට ඇතැයි මානව විද්‍යාඥයන් අනුමාන කරති. මානව මුතුන් මිත්තන් වෙත මෙම වර්ණදේහ සමානව පවතින්නට ඇතැයි ඔවුන් අනුමාන කරති.

Y  වර්ණදේහය පිරිමින්ගේ ජීව ක්‍රියාකාරිත්වය විෂයෙහි වැදගත් සාධකයක් ලෙස ක්‍රියා කරනු ඇත. පිරිමින්ගේ වෘෂණ කෝෂ සහ පිරිමි හෝර්මෝන නිපදවීම වැනි පුරුෂ ගති ලක්ෂණ වර්ධනයෙහි ලා Y  වර්ණදේහය වැදගත් වේ. මෙය පිරිමි ප්‍රවේණියේ අනන්‍යතාවයක් වන අතර පරම්පරාවක් බෝ කිරීමෙහි ලා වැදගත් මෙහෙයක් ඉටු කරනු ලැබේ. අපේ සාමාන්‍ය ජනවහරේ වුණත් පරම්පරාව ගෙන යෑමට පිරිමි දරුවෙකුගේ අවශ්‍යතාවය ගැන සඳහන් කරනවා.

ඔහු පරම්පරාවේ පැවැත්ම පවත්වා ගෙන යන පුරුක ලෙසින් සැළකෙනවා. රාජ්‍යත්වයේදී පවා රාජවංශයේ පැවැත්ම පිරිමි දරුවා මුල් කර ගෙන ගොඩනැගී තිබෙනවා. මේ නිසා රජපවුලක පිරිමි දරුවා වෙනුවෙන් වැඩි වටිනාකමක් ලැබෙනවා. පිරිමි දරුවෙකු බිහි වීමට නම් පියාගේ Yවර්ණදේහය සහ මවගේ X වර්ණදේහය සම්බන්ධ විය යුතු අතර ගැහැණු දරුවෙකු නම් මවගේ සහ පියාගේ X වර්ණදේහ සම්බන්ධ වීමක් සිදු වේ. ඇතැම් පවුල්වල ගැහැණු දරුවන් පමණක් බිහි වීමට සහ තවත් පවුලක පිරිමි දරුවන් පමණක් බිහි වීමෙහි ලා මෙම ජීව විද්‍යාත්මක සංසිද්ධිය හේතු වී තිබෙනවා.

Y  වර්ණදේහය අඩු වීම…

ස්විස්ටර්ලන්තයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මේ පිළිබඳව අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. වසර දෙකක් පුරා සිදු කරන ලද මෙම අධ්‍යන වාර්ථාව මගින් ඔවුන් පෙන්වා දෙන්නේ අනාගතයේදී පිරිමින්ගේ Y වර්ණදේහය ක්ෂය වීමේ අවදානමක් පවතින බැව් ඔවුන් සඳහන් කරනවා.

මේ තත්ත්වය එසේ පැවැතුනහොත් අනාගතයේදී පිරිමි දරුවන්ගේ උපත සම්බන්ධයෙන් එහි බලපෑමක් ඇති කරන අතර පිරිමි දරුවන්ගේ බිහිවීමේ අඩු වීමක් සිදු වුණොත් වර්ගයා බෝ කිරීමේ අවදානමක් ගොඩ නැගෙනු ඇත. ඒ අනුව තවත් වසර මිලියන ගණනක් යන විට අපගේ වඳවීම සිදු වෙනු ඇතැයි මෙම පර්යේෂකයන් සඳහන් කරනවා.

ස්වභාව ධර්මයෙන් හිස් තැනට ඉඩක්…

පිරිමින්ගේ Y වර්ණදේහයේ ක්ෂය වීමක් සිදු වුණොත් එහි හිස්තැන සපුරා ලීමට ස්වභාව ධර්මය විසින් අවස්ථාව සැලසී තිබෙනවා. 2014 වසරේ මෙම සංසිද්ධිය අලලා අධ්‍යනයන් දෙකක් සිදු වුණා. ඇමරිකා එක්සත් ජනපදයේ මැසෂුෂෙට්ස් තාක්ෂනික විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සහ ස්විස්ටර්ලන්තයේ විද්‍යාඥයන් පිරිසක් විසින් මෙම අධ්‍යනයන් සිදු කරන ලදී. මේ සඳහා ඔවුන් ක්ෂිරපායී ජීව විශේෂ 8- 15 ක් අතර පිරිසකගේ පිළිබඳ පර්යේෂණ පැවැත්වූ අතර ඇතැම් සතුන්ගේ Y වර්ණදේහය ක්ෂය වී අතුරුදහන් වී තිබුණි.

මේ අතර 2022 වසරේදී තවත් අධ්‍යනයක් සිදු කරන ලද අතර ඒ සඳහා ජපානයේ අමාමි ඔසිමා ප්‍රදේශයේ පමණක් ජීවත්වන “ ස්පයිනි රැට් ” නැමැති මී විශේෂය යොදා ගන්නා ලදී. මෙම මීයන්ගේ Y වර්ණදේහය දක්නට ලැබුනේම නැත. නමුත් ඔවුන්ගේ වර්ගයාගේ බෝවීමේදී එම Yවර්ණදේහය නොමැති වීමේ ගැටළුවක්ද දක්නට නොලැබුණි. එහෙත් පරිණාමය අනුව සිය වර්ගයා බෝ කිරීමට හැකි වෙන පරිදි “ ස්පයිනි රැට් ” මීයන් වෙනස් වී තිබුණි.

 “ ස්පයිනි රැට් ” මීයා මානව වර්ගයාගේ අනාගතය වෙනුවෙන්ද නව බලාපොරොතත්ුවක් ඇති කරමින් නව පුරුෂ ජානයක් නිර්මාණය කර ඇති බැව් ‘ Proceedings of the National Academy of Science’ අධ්‍යන වාර්තාව ප්‍රකාශයට පත් කරමින් පර්යේෂකයන් සඳහන් කරනවා. නැගෙණහිර යුරෝපයේ “ මවුලු මොල් ” මීයන්ගේද Y වර්ණදේහය ක්‍රමයෙන් ක්ෂය වෙමින් පවතින බැව් පර්යේෂකයන් විසින් සඳහන් කරනවා.

ඕස්‍ට්‍රේලියාවට ආවේණික වූ ප්ලැටිපස් ක්ෂිරපායි සත්ත්වයන්ද වර්ණදේහ වෙනස්වීම නිසා පරිණාමය වුණ ජීවියෙකි. එසේ නම් මිනිසුන්ගේද Y වර්ණදේහය ක්‍රමයෙන් ක්ෂය වුණත් ඒ වෙනුවෙන් විකල්ප විසඳුම් ස්වභාව ධර්මය විසින්ම නිර්මාණය වෙනු ඇතැයි විද්‍යාඥයන් උපකල්පනය කරති. එසේ නම් ක්‍රමයෙන් Y වර්ණදේහය ක්ෂය වුණත් මානව වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් එහි බලපෑමක් ඇති නොවන පරිදි ජීව විද්‍යාත්මක විකල්ප බිහි වෙනු ඇතැයි මානව විද්‍යාඥයන් විසින් පුරෝකථනය කර තිබෙනවා. ඒ නිසා Y වර්ණදේහය ක්ෂය වුණත් පරපුර ගෙන යන පිරිමින්ගේ නිර්මාණයට බාධාවක් ඇති නොවන බවට වූ ස්ථාවරයක්ද තිබෙනවා.

India Today ඇසුරෙන්

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?