නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගෙදරක සිසිලස රැඳෙන්න ගෙදර හදන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ගෙදරක සිසිලස රැඳෙන්න ගෙදර හදන්න

Published September 30, 2024

ගැමි පරිසරයක ගස් කොලන් සමඟ සැපට ජිවත්වූ අපට, අද නාගරික වටපිටාවක කුඩා බිම් ප්‍රමාණයක් තුළ ඉදිවු නිවස තුළ ජිවත් විමට සිදුවි ඇත. එහිදී දැනේන රස්නය නිවැසියන් තව තවත් විඩාවට පත් කරන කරුණක් වේ. අපගේ නිවස තුළ දැනෙන උණුසුම අඩු කරගැනීමට අප විසින් කළ හැකි ගොඩක් දෑ තිබෙනවා. අද කතා කරන්නේ ඒ ගැනයි.

නිවසේ උණුසුම වැඩිවීමට ප්‍රධාන හේතුව ලෙස නිවස තුළ වාතාශ්‍රය හොඳින් ගමන් නොකිරීම ප්‍රධාන හේතුව වේ. මෙහිදී නිවස ඉදිකිරීමේදීම ඒ පිළිබඳ සැලකිලිමත්ව නිවාස සැලසුම නිර්මාණය කරවා ගැනීම වඩා උචිත වේ. නිවසක වාතාශ්‍රය ලබාගතහැකි ආකාරයන් කිහිපයකි.

ස්වාභාවික වාතාශ්‍රය

කෘතිම ( Mechanical Ventilation )

මිශ්‍ර ක්‍රමය

ස්වාභාවික වාතාශ්‍රය

ලංකාව වැනි සමකය ආශ්‍රිත රටක නිවසක් ඉදිකිරීමේ දී එම ප්‍රදේශයට අනුව උණුසුම පාලනය කරගැනීම සඳහා නිවාස සැලසුම නිවැරදිව ඉඩම තුළ ස්ථාපනය කළ යුතුවේ.

01. හිරු නැගෙන හා බැසයන දිශාව පිළිබඳ අවබෝධයක් ඇතිව ඔබ නිවාස සැලසුම් නිර්මාණ කරගන්න. උදෑසන හිරු එළිය නිවසට ලබා ගැනීමට අප උත්සාහ කළ යුතු නමුත් බැස යන හිරු එළිය උෂ්ණත්වය අධික නිසා එම ආලෝකය නිවසට වැටීම අවම කර කරගත යුතුවේ.

02. ඉඩමට සුළං හමන දිශාවට ගැන දැනුවත් බවක් ඇතිව නිවාස ජනෙල් දොරවල් පිහිටුවා ගත යුතුවේ. හුළඟ නිවසට ඇතුල් වෙන පැත්තේ වැඩි ප්‍රමාණයක් ජනෙල් හා වා කවුළු තැබීම වඩා උචිත වේ. පරිසරය හා වඩාත් බැදිය හැකි පරිදි විශාල ප්‍රමාණයේ French Windows භාවිත කිරීම ඔබට කළ හැකිවේ. වැඩි වාතාශ්‍රය නිවසට ලබාගැනිමට ද හැකි වේ. බිත්ති ප්‍රමාණය අඩුකරගන්න එමගින් ඔබට පුළුවන්.

03. නිවාස හරහා පහසුවෙන් වාතයේ ගමන් කිරීමට හැකි වීමද වඩාත් වැදගත් වේ. ( Cross Ventilation ) එමගින් සිදුවන්නේ උණුසුම් වූ වාත ධාරා නිවසින් පිටතට ගමන් කිරීම මගින් නැවත සිසිල් වාතය නිවස තුළට පුරවා ගැනීම.

04. කුඩා ඉඩක නිර්මාණය වන නිවසක වුවද, Cort Yard එකක් නිර්මාණය කිරීමෙන්ද සිදුවන්නේ ජනෙල් දොරවල් මඟින් ඇතුළු වාතය උණුසුම් වූ පසු ඉහලින් විවෘතව ඇති Cort Yard අවකාශය තුළින් පිටත්තට යාමයි. එම නිසා නැවතත් සිසිල් වාත ධාරා ජනෙල් දොරවල් හා අනිත් විවර මගින් නිවසට පැමිණීම නිසා නිවස තුළ උෂ්ණත්වය පාලනය වේ.

05. ජනෙල් දොරවල් වැසුණු පසුවද, නිවසට වාතාශ්‍රය ලබා ගැනීම සඳහා වා කවුළු, ග්‍රීල්, ලූව පියන්, මැද මිදුල් වැනි දෑ නිවසේ පැවතිම මඟින් වාතාශ්‍රය නිවස හරහා ගමන් කිරීම අඛන්ඩව සිදුවේ.

06. නිවස නිර්මාණය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මගින්ද නිවස සිසිල් කර ගැනීම සඳහා උචිත ද්‍රව්‍ය අපට යොදාගත හැකි වේ. එමඟින් නිවසට ඉතා අලංකාරයක්ද එකතු කරගැනීමට අපට පුළුවන. එනම් යම් ස්ථාන සඳහා ගඩොල් බිත්ති, සිමෙන්ති කපරාරු කරන ලද බිත්ති, පොළව සඳහා ටෙරා කොටා ටයිල්, හැකිනම් වහල සඳහා උළු සෙවිල්ලීම, වැනි දැ මගින් නිවසේ සිසිල් බව පවත්වා ගැනීමට පුළුවන්.

7. වර්ණ ආලේප කිරීමේදී ද උණුසුම් වර්ණ බහුලව යොදා නොගෙන, නිවස අලංකාර වන පරිදි සිසිල් වර්ණ භාවිතයද නිවස තුළ දැනෙන උණුසුම අපට අඩුවෙන් දැනීමට අපට කළ හැකි තවත් උපක්‍රමයකි.

8. ජල තටාක, පොකුණු, වතුර කඩා හැලෙන දිය ඇලී හෝ වතුර මල් වැනි දැ නිවසට එක් කරගැනීමෙන් අර්ධතාවය වැඩි වන බැවින් නිවසේ වාතාශ්‍රය සිසිල් වේ.

9. නිවසට තිරවෙදි තෝරා ගැනීමේදී ද අඩු ඝනකමක් සහිත තිර රෙදි භාවිත කිරීම, Cotton වැනි වාතයේ ගමන් කළ හැකි අමුද්‍රව්‍යයකින් නිමවූ තිර රෙදි තෝරා ගැනීම ඔබට කළ හැකි වේ. බැම්ම බ්ලයින්ස් වැනි දෑද ආවරණය වූ අවස්ථාවක වුවද නිවස තුළට වාතය ලබාදේ.

10. ගෘහ භාණ්ඩ ස්ථානගත කිරීමේදී නිවස හරහා ගමන් කරන වාත ධාරාවන් අවහිර නොවන පරිදි තැබීමත් ඉතාමත් වැදගත්. එවන් දෑ ඔබ විසින් නොහිතා සිදුවන වැරදි නිසා නිවැරදිව නිර්මාණය කළ නිවසක වුවද, වාතාශ්‍රය අවහිර වීමට හේතුවක් විය හැක.

11. නාගරික පරිසරයක පවතින නිවසක් නම් බොහෝ විට Roof Top පවතින විටදී Slab එක අධිකව උණුසුම් වන බැවින්, එය නිවස තුළ උණුසුම වැඩි කිරීමට හේතුවේ. එම නිසා Roof Top එකට ගස් යොදාගන්න ඔබට පුළුවන්. එවිට Slab එක යම් තාක් දුරට ආවරණය වේ. ඔබට හැකිනම් තණකොළ Slab එක මට සිටවීම සඳහා නිවාස සැලසුමේදීම නිසි පරිදි Roof Top Floor එක සකස් කරගන්න. එමගින් ද Slab එක රත් විම අඩුවේ. මේවැනි බොහොමයක් ආකාරයෙන් මඟින් ස්වාභාවිකව උණුසුම අඩු කරගන්න ඔබට පුළුවන්.

කෘතිම වාතාශ්‍රය

මෙහිදී සිදුවන්නේ විදුලි පංකා, වායු සමිකරන යන්ත්‍ර, Exhaust Fan වැනි යාන්ත්‍රික ක්‍රම මඟින් අවශ්‍ය අවකාශය සිසිල් කර ගැනීමයි. මෙහිදී වුවද, එම අවශ්‍ය අවකාශය තුළට නිවැරදි ගණනය කිරීම් මගින් යොදාගත යුතු විදුලි පංකා ගණන හෝ වායු සමීකරණ යන්ත්‍රයේ ධාරිතාව තීරණය කරගත යුතුවේ. එමෙන්ම, උපරිම ඵලදායිතාවක් ලබා ගැනීම සඳහා නිවැරදි ලෙස ස්ථානගත කිරීමටද, නිවැරදි උසවල් හා දිශාවන් පවත්වා ගැනීම ද ඉතා වැදගත් වේ. එවැනි අවස්ථාවන් සඳහා සුදුසුකම් ලත් පාර්ශවයක සහාය ලබා ගැනීමට ඔබට පුළුවනි.

මිශ්‍ර අවස්ථාව…

මෙහිදී සිදුවන්නේ ස්වාභාවිකව මෙන්ම කෘතිම අවස්ථාව යන දෙයාකාරයෙන්ම භාවිත කිරීමය. යම්තාක් දුරට නාගරික නිවාසවල සිදුවන්නේද මෙම ආකාරය වේ. එනම් හැකි උපරිමයෙන් නිවසේ උෂ්ණත්වය පාලනය කර ගැනීම සඳහා ස්වාභාවික විධි අනුගමනය කරනවා මෙන්ම අවශ්‍ය වූ අවස්ථාවන් සඳහා කෘතිමව වාතාශ්‍රය සිසිල් කර ගැනීම සඳහා අවශ්‍ය උපාය මාර්ග භාවිත කිරීමයි. “ ලංකාවේ බහුතරයක් ප්‍රදේශවල නිවස තුළ සිසිලසක් ලබා ගැනීම සඳහා කටයුතු කළ ද නුවරඑළිය වැනි සිසිල් බව වැඩි යම් ප්‍රදේශවල අප උත්සාහ ගන්නේ නිවස තුළ උණුසුම පවත්වා ගැනීමට වේ. නිවස පවතින වටපිටාව අනුව ඔබේ නිවසේ සැකසුම වෙනස් වේ ”

ගොඩනැගිලි සැලසුම්
තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ
නිර්මාණ ශිල්පි
කවිෂා පෙරේරා
Viharaa HomeDesign

අර්චිත ඉඳුවර
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?