නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔබව දිනවන Red Car තියරිය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඔබව දිනවන Red Car තියරිය

Published September 30, 2024

රෙඩ් කාර් තියරිය පැහැදිලි කරන්න කලින් මං ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ඔබ අද දවසේ පාරක ඇවිදන් හෝ වාහනයක ගියා නම්, ඒ යන අතරේ ඔබව පහුකරගෙන රතු පැහැති කාර් කීයක් ගියාද? ඔබ කල්පනා කරයි පාරෙ කොච්චර මෝටර් රථ යනවද? ඒ අතරින් රතු පාට කාර් කීයක් ගියාද කියලා කවුද දන්නේ කියලා. හැබැයි මං කිව්වොත් හෙට පාරේ යන රතු පාට කාර් ගණන් කරලා කිව්වොත් ඒ හැම කාර් එකක් වෙනුවෙන්ම රුපියල් පනස්දාහක් දෙනවා කියලා ඔබ මොකද කරන්නේ? ඔබ නිසැකවම පාරේ ඔබව පාස් කරන් යන හැම රතු කාර් එකක්ම ගණන් කරන්න පටන් ගන්නවා..

මොකක්ද මේ රෙඩ් කාර් තියරිය?

ඔබ මේ රතු පැහැ මෝටර් රථ හොයමින් ගණන් කරන්න පටන් ගත්තේ ඒකෙන් යම් වාසියක් ඔබට සැලසෙන බව නිරීක්ෂණය කළාට පස්සේ. නමුත් ඊට පෙර ඔබව පසුකරන් රතු පැහැති කාර් ගියාද කියලවත් ඔබට ගානක් නෑ. ඔබේ වාසනාවත් මේ වගේ. ඔබ නිරීක්ෂණය නොකරන, විමසිලිමත් නොවන සෑම අවස්ථාවකදීම වාසනාව ඔබේ ඇස් පනාපිටම ඔබව පහුකරගෙන යනවා. නමුත් ඒ කිසිම අවස්ථාවක ඔබේ ජීවිතය වාසියට පෙරළාගත හැකි අවස්ථා කිසිවක් ඔබට නිරීක්ෂණය නොවන බවයි මේ රෙඩ් කාර් තියරි එකෙන් පැහැදිලි කරන්නේ. සරලවම කිව්වොත් ඔබ නොසොයන තාක් ඒවා ඔබට දකින්න ලැබෙන්නේ නෑ.

අපි දෙයක් පිළිබඳ විමසිලිමත් වෙනකොට ඒක අපිට පේන විදිහට තමයි අපේ මොළය සකස් වෙලා තියෙන්නේ. Reticular Activating System කියන්නේ මොළයේ තියෙන එක්තරා විදිහක ෆිල්ටර් එකක්. මේ ෆිල්ටර් එකෙන් කරන්නේ ඔබ හොයන දේ ඔබට වහාම පෙන්නන එක. ජීවිතයේ අපි හොයන දේ හම්බවෙනවා කියන කාරණාව ගොඩනැගිලා තියෙන්නේ මේ RAS ෆිල්ටර් එක මත..

Nokia සමාගම අපි දන්නේ ජංගම දුරකථන සමාගමක් විදිහට වුණාට ඔවුන් මුලින්ම නිෂ්පාදනය කළේ ටොයිලට් පේපර්ස්. Sony සමාගම මුලින්ම හැදුවේ රයිස් කුකර්. Amazon ව්‍යාපාරය මුලින්ම ක්‍රියාත්මක වුණේ Online book store එකක් විදිහට. Lambogini සමාගම මුලින්ම හැදුවෙ ට්‍රැක්ටර්ස්.

මේ ව්‍යාපාර පටන්ගත්ත මිනිස්සු තමන්ගේ බේසික් ලෙවල් එකේ ඉඳන් විශිෂ්ට තැනකට මේ ව්‍යාපාර පරිවර්තනය කළේ කොහොමද? ඔවුන් සෑමවිටම නොපසුබස්නා උත්සාහයකින් හෙව්වා තමන්ගේ ව්‍යාපාරය ජයගන්නේ මොන අවස්ථාවෙදිද කියලා. ඔබ පාරේ වාහනයක් පදවගෙන යන්නේ කොයි මොහොතේ හෝ හැප්පෙයිද කියන බයෙන් නම්, ඔබේ වාහනය අනතුරකට ලක්වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. නමුත් ඔබ නිතරම හිතන්නේ මම මේ වාහනය පරිස්සමෙන් පදවනවා කියලා නම් ඔබ හැමවිටම අනතුර වළක්වා ගනිමින් ගමන් කරනවා.

ඔබේ ජීවිතයේ ජයග්‍රහණ කෙරෙහි ඔබ කොතෙක් දුරට විමසිලිමත් වෙලා තියෙනවද කියන කාරණාව පිළිබඳව ඔබට ඔබෙන්ම ප්‍රශ්න කරලා බලන්න පුළුවන් මේ රෙඩ් කාර් තියරියකට දාලා. මේ තියරියේ තේරුම ඔබ හොයන හැමදේම ඔබට ලැබෙනවා කියන එක නෙවෙයි. ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් අපිට දේවල් ලැබෙන්නේ නෑ. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගැනීම සඳහා කළ යුතු දේ කරන්නත් ඕනේ.

ඔබේ ජීවිතයේ ඊළඟ ජයග්‍රහණයට යන්න දක්ෂතාව ගෙනයා යුතු ලෙවල් එක, ඒ ලෙවල් එකට යන්න ඇසුරු කළ යුතු පුද්ගලයන්, කියවිය යුතු පොතපත, පරිශීලනය කළ යුතු වීඩියෝ මොනවද කියලා ඔබ දැනගෙන සිටිය යුතුයි. එහෙම නැතුව ඔබේ ජයග්‍රහණය පමණක් දැක්කා කියලා ඒ ජයග්‍රහණය කරා යන පියවර නොදැක හිටියොත් ඔබට ජයග්‍රහණයට ළංවෙන්න හැකියාවක් ලැබෙන්නේ නෑ.

ගොඩක් අය සිහින දකින්නන් වුණාට ඒ සිහින වෙනුවෙන් වැඩකරන අය නෙවෙයි. ඉතින් රෙඩ් කාර් තියරිය ඔබේ ජීවිතයට යොදා ගන්නවා නම් ඔබ හිතන්න ඕන දේ තමයි ඇත්තටම ඔබ දකින සිහිනය වෙනුවෙන් කරන්න අවශ්‍ය දේවල් මේ වෙද්දි ඔබ කරමින් ඉන්නවද කියන දේ.රතු කාර් දැකල විතරක් මදි ගණන් කරන්නත් ඕනේ. එතකොට තමයි ඔබට රුපියල් පනස්දාහ ලැබෙන්නේ. රෙඩ් කාර් තියරිය අනුගමනය කළොත් ඔබට ජයග්‍රහණයන් විශාල ප්‍රමාණයක් ළඟා කරගත හැකියි.

ඔබ දැන්මම ඔබෙන් විමසලා බලන්න තව අවුරුදු දහයකින් ඔබගේ ජීවිතයට අවශ්‍ය ජයග්‍රහණ මොනවද කියලා. ඔබට උත්තරයක් තියෙනවා නම් ඔබ රතු පැහැති කාර් ගණන් කරන්න පටන් ගත්තාය කියලා සතුටු වෙන්න පුළුවන්. නමුත් ඔබට උත්තරයක් නැත්නම් දැන්ම හෝ රතු පැහැති කාර් ගණන් කරන්න පටන්ගන්න. පියවරක් තිබ්බොත් ඒ පියවර තිබ්බෙ කොහෙටද කියල දකිමින් පියවර තියන්න. මුදලක් වියදම් කළොත් වියදම් කරන්නේ කුමක් සඳහාද කියලා දැනගෙන වියදම් කරන්න.

අභිප්‍රේරක,පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු
භාතිය අර්ථනායක


එරංදි කෞශල්‍යා ✍️

TAGGED: Red Car
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?