නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කන්න රටඉඳි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

කන්න රටඉඳි

Published September 23, 2024

රටඉඳි කියන්නේ ශතවර්ශ ගණනාවක් තිස්සේ මිනිසුන් පරිභෝජනය කරන පෝෂිදායී වගේම රසවත් පලතුරක්. මේවා තන්තු, පොටෑසියම් වගේම ප්‍රති ඔක්සිකාරක ඇතුළු අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසකින්ම ඉතාම පොහොසත්. ඉතින් අපි බලමු මේ රටඉඳි ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා.

ස්වාභාවික බල ශක්ති උත්පාදනය

රටඉඳි කියන්නේ සීනි වල ස්වාභාවික ප්‍රභවයක් වගේම විශිෂ්ඨ ශක්තියක් ලබාදෙන කෙටි ආහාරයක්. මේවායේ ග්ලූකෝස්, ෆෲක්ටෝස්, සුක්‍රොස් ඇතුළු ස්වාභාවික සීනි සංයෝග අඩංගු වෙනවා. ඉතින් මෙමගින් ඔයාගේ ශක්ති මට්ටම් වැඩි කරනවා වගේම මලල ක්‍රීඩා කාර්ය සාධනයටත් සහයක් වෙනවා.

ආහාර ජීර්ණ සෞඛ්‍ය ප්‍රවර්ධනය.

රටඉඳි කියන්නේ ආහාරමය තන්තු බහුල පලතුරක්. ද්‍රාව්‍ය සහ ද්‍රාව්‍ය නොවන තන්තු වර්ග දෙකම මේවායේ අන්තර්ගත වෙනවා. ඉතින් රටඉඳිවල තියෙන මේ තන්තු මගින් බඩවැල් චලනය නියාමනය කිරීමට, මළ බද්ධය වළක්වන්න වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර දිරවීමටත් සහාය ලබා දෙනවා.

ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත්.

ඔබ දන්නවද, රටඉඳි ෆ්ලේවනොයිඩ්, ෆීනොලික් අම්ල වගේම කැරොටිනොයිඩ් ඇතුළු ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත්. මේ ප්‍රතිඔක්සිකාරකයන් ඔයාගේ ශරීරය නිරෝගීව තබාගන්න ඔයාට උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔයාගේ ආතතිමය තත්ත්වයන් මගහැරලා නිදන් ගත රෝගවලටත් හොඳ ප්‍රතිකර්මයක් වෙන්න මේවාට පුළුවන්.

හෘද සෞඛ්‍යයට සහාය දක්වයි.

රටඉඳිවල අන්තර්ගත වෙන පොටෑසියම්, රුධිර පීඩනය අඩුකිරීමට වගේම හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමටත් උපකාරී වෙනවා. ඒ විතරක් නෙවෙයි, ආඝාතය, වකුගඩු රෝග වගේම ඔස්ටියෝපොරෝසිස් අවදානම අඩු කරන්නත් මේවාට හැකියාව තියෙනවා.

ස්වාභාවික ශ්‍රම ප්‍රේරකහැකියාව.

සම්ප්‍රදායිකව ගර්භණී කාන්තාවන්ගේ ප්‍රසූතිය ඇති කිරීමට රටඉඳි භාවිත කර ඇති බව ඔබ දන්නවාද? රටඉඳිවල ඇති අධික සීනි ප්‍රමාණය ගර්භාෂය හැකිලීම උත්තේජනය කිරීමට උපකාරී වෙනවා වගේම මෙමගින් ශ්‍රමය ඇති කිරීම සඳහා ස්වභාවිකව වගේම ආරක්ෂිත ක්‍රමයක් බවටත් පත් කරනවා.ඉතින් රට ඉඳි ආහාරයට ගන්න ඔයාට මෙන්න මේ කියන ප්‍රයෝජනත් ලබාගන්න හැකියාව තියෙනවා.

අන්තර්ජාලය ඇසුරෙන්

ටෂ්මි ගමගේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?