නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Motion Sickness  ගැන හරියටම දැනගන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

Motion Sickness  ගැන හරියටම දැනගන්න

Published September 23, 2024

නැවක, ගුවන්යානයක එහෙමත් නැත්නම් මෝටර් රථයක ගමන් කරන විට ඔබට වමනය, ඔක්කාරය එහෙමත් නැත්නම් හිසරදයක් වගේ තත්ත්වයක් ඇති වෙනවා නම් එය මෝෂන් සික්නස් (Motion Sickness) යනුවෙන් හැඳින්වෙනවා. ඕනෑම කෙනකුට මෝෂන් සික්නස් තත්ත්වය ඇතිවීමට ඉඩ ඇති නමුදු වයස අවුරුදු දෙකේ සිට දරුවන්, ගර්භණී කාන්තාවන් සහ ඉරුවාරදය ඇති පුද්ගලයන් සාමාන්‍ය අයට වඩා මෝෂන් සික්නස් තත්ත්වය ඇතිවීමට වැඩි අවදානමක් ඇති අය අතරට ඇතුළත් වේ. මෝෂන් සික්නස් තත්ත්වයට ජානමය බලපෑමක් ඇති බැව් ලන්ඩනයේ වෙස්ට් මිනිස්ටර් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ගෝල්ඩින් සඳහන් කරනවා. නමුත් ළදරුවන් මෝෂන් සික්නස් තත්ත්වයට ගොදුරු නොවන බැව් ඔබ මෙතෙක් දැන සිටියාද…? ළදරුවන්ගේ ඇස් සහ කන් අතර සහසම්බන්ධතාවයට මොළය තවමත් අනුවර්තනය නොවීම නිසා චලනයන් හඳුනා ගැනීමේ කාර්යයන් වෙනුවෙන් මෙම ඉන්ද්‍රියයන් සකස් වී නැහැ.

Motion Sickness  ඇති වෙන්නේ ඇයි…?

මොළයට පරස්පර අන්දමින් සංඥාවන් ලැබීම නිසා මෙම අපහසුතාවය ඇති වෙනවා. අප යම් ප්‍රවාහන මාධ්‍යයකින් ගමන් කරනවිට ඇසට පෙන වස්තුන් චලනය වෙනවා. නමුත් අප සිටින්නේ චලනය නොවන ඉරියව්වකයි. මේ පරස්පරතාවයට අපේ සිරුර දක්වන ප්‍රතිචාරය මෝෂන් සික්නස් තත්ත්වයට හේතුවයි.

අපේ ඇතුළු කන සමතුලිතාවයේ කේන්ද්‍රස්ථානයයි. එය වෙස්ටිබියුලර් පද්ධතිය යනුවෙන් හැඳින්වෙනවා. මෙම පද්ධතිය අර්ධ වක්‍රාකාර නාළ යුගල තුනකින් යුක්තයි. ඒ වගේම සැකියුල් සහ යුට්රිකල් යනුවෙන් හැඳින්වෙන කොටස් ඇතුළත් කර්ණාලින්ද සමන්විත වෙනවා.

මේවා මගින් ශරීරයේ චලනය වන තොරතුරු මොළයට යවනවා. අපේ හිස හරවන විට එහා මෙහා ගමන් කරන තරළයක් අර්ධ චක්‍රාකාර නාළ තුළ තිබෙනවා. මේ මගින් හිස චලනය වන දිශාවන් හෙවත් ඉහළට හෝ පහළට එසේත් දකුණට හෝ වමට ඇලවීම පැත්තට හැරවීම වැනි චලන හඳුනාගනී.

මෝෂන් සික්නස් රෝග ලක්ෂණ මොනවාද…?

කරකැවිල්ල
ඔක්කාරය
වමනය
හිසරදය
දහඩිය දැමීම
තෙහෙට්ටුව


නාවිකයන් සඳහන් කරන අන්දමටමුහුදු ගමනකින් පසුව සිරුර සමතුලිතාවයට පත්වීමට මිනිත්තු 20 ක් පමණ කාලයක් ගත වෙනවා. රෝග ලක්ෂණ දරුණු වූයේ නම් ඒ වෙනුවෙන් පැය 24 ක් පමණ කාලයක් ගත වෙන්නත් පුළුවනි.

රෝග ලක්ෂණ අඩු කර ගැනීම…

ගමනක් යෑමට පෙර සැර සහ බර ආහාර නොගැනීම
කැෆේන් සහ මත්පැන් භාවිත නොකරන්න
ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න


ගමන අතරවාරයේදී…

  • ඔබේ ආසනය ප්‍රවේශමෙන් තෝරා ගන්න.
  • මෝටර් රථයක නම් ඉදිරිපස වාඩි වෙන්න.
  • බෝට්ටුවක හෝ දුම්රියන කම් මැද අසුනේ වාඩි වෙන්න.
  • හිස චලනය කිරීමෙන් වළකින්න ක්ෂිජය දිහා බලන්න.
  • හිස හදිසියේ සෙලවීමෙන් වළකින්න.
  • නැවුම් වාත උපරිම ලෙසින් ලබා ගැනීමට ජනේල විවෘත කරන්න
  • පොත් කියවීම, චිත්‍රපට බැලීම නොකළ යුතුයි.
  • සංගීතයට සවන් දෙමින් අවධානය වෙනස් කර ගන්න.
  • ඇස් වසා ගන්න.
  • ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න.

මෝෂන් සික්නස් තත්වයට ප්‍රතිකාර ලෙසින් ඉඟුරු පෙත්තක් බිස්කට් හෝ ඉඟුරු තේ ලෙසින් ලබා ගැනීම මගින් සහනයක් ලබාගත හැකි බැව් මීට පෙරාතුව සිදු කරන ලද අධ්‍යනයන් මගින් පෙන්වා දෙනවා.

නමුත් මහාචාර්ය ගෝල්ඩින් සඳහන් කරන්නේ ඊට වෙනස් අදහසක්.මෝෂන් සික්නස් තත්ත්වය සඳහා ඉඟුරුවලින් යම් සහනයක් ලැබෙන්නේ නම් එය ඉඟුරු සහ මෝෂන් සික්නස් අතර ඇති සම්බන්ධතාවයක් ලෙසින් අපට සඳහන් කරන්න බැහැ.

නමුත් ඉඟුරුවල ඇති සංඝටක ආහාර ජීරණයට උදව් වෙනවා. ඒ නිසා මෝෂන් සික්නස් තත්ත්වය අඩු වෙන්න පුළුවන්. එසේ නොමැතිව ඉඟුරු නිසා මෝෂන් සික්නස් සුවය ලබනවා යැයි සඳහන් කරන්න නොහැකි බැව් මහාචාර්ය ගෝල්ඩින් සඳහන් කරනවා.

අවධානයෙන් හුස්ම ගැනීම…

අවධානයෙන් හුස්ම ගැනීම මඟින් මෝෂන් සික්නස් තත්ත්වය පාලනය කළ හැකි බැව් මහාචාර්ය ගෝල්ඩින් සඳහන් කරනවා. එය පෙති බාගයක් ගැනීමෙන් ලැබෙන සහනයට සමානයි.

මෙතැනදී අවධානයෙන් හුස්ම ගැනීම යනු ස්ථාවරව හෝ සාමාන්‍ය වේගයකින් හුස්ම ගැනීමයි. එයින් මොළයේ අවධානය වෙනතකට යොමු කිරීමක් සිදු වෙන බවත් මහාචාර්යවරයා සඳහන් කරනවා.

නිල තෙරපුම සහ රිස්ට් බෑන්ඩ් මගින් මෝෂන් සික්නස් තත්ත්වය පාලනය වෙනවාද…?

මෙතෙක් සිදු කරන ලද අධ්‍යනයන්ට අනුව නිල තෙරපුම හෝ රිස්ට් බෑන්ඩ් යෙදීම මඟින් මෝෂන් සික්නස් තත්ත්වය පාලනය කිරීමේ හැකියාවක් ඇති බවට තහවුරු වුණ විද්‍යාත්මක අධ්‍යනයන් නොමැති බැව් මහාචාර්ය ගෝල්ඩින් සඳහන් කරනවා.

ඖෂධ ලබා ගැනීම…

මෝෂන් සික්නස් රෝග තත්ත්වය සඳහා අපි ඖෂධීය ප්‍රතිකාර ලබාගැනීමෙන් අදහස් කරන්නේ රෝග ලක්ෂණ සුව කර ගැනීම නොව ඒවා වළක්වා ගැනීමයි. ඕනෑම ඖෂධයක් ඔබේ රුධිර ප්‍රවාහයට අවශෝෂණය කරගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වෙනවා. එය විනාඩි 30-60 ක් වැනි කාලයක් විය හැකියි.

ඒ වගේම මෙම තත්ත්වයට සහනයක් ලෙසින් ලබාදෙන ඖෂධ ආාමශයේ කුඩා අන්ත්‍ර වෙත ගමන් කිරීමටත් යම් කාලයක් අවශ්‍ය වෙනවා. ඒ කිලය නිසා “ ගැස්ට්‍රයිටිස් ” රෝග තත්ත්වය ඇති වීමටත් පුළුවනි.

ඒ නිසා ඔබ අසනීපයෙන් පසුවන අවස්ථාවක මෝෂන් සික්නස් තත්ත්වය වෙනුවෙන් ඖෂධ ලබා ගත්තත්, ඒවා අවශෝෂණය වීමටත් යම් කාලයක් ගත වන නිසා ඵලදායිතාවය අඩු විය හැකි බැව් මහාචාර්වරයා සඳහන් කරනවා.

ඒ වගේම මෝෂන් සික්නස් වෙනුවෙන් ලබා දෙන ඖෂධවලට වඩා Anti-motion sickness patches සෙමින් ක්‍රියා කරන බැවින් ඒවා සම ඔස්සේ අවශෝෂණයට වැඩි කාලයක් ගත වෙනවා.

එබැවින් මෙම පැච් ලබා ගන්නවා නම් ගමනට පැය දහයකට පෙරාතුව Anti-motion sickness patches ලබා ගත යුතු බවත්, මේවා වඩාත් ගැළපෙන්නේ වැඩිහිටියන්ට සහ වයස අවුරුදු 10 ට වඩා අඩු දරුවන්ට බවත් එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවාව සඳහන් කරනවා.

බී.බී.සී පුවත් ඇසුරිනි

පුන්‍යා චාන්දනී ද සිල්වා
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?