නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලංකාවේ මුල් වතාවට බෝට්ටුවක් ඇතුළේ එළිදැක්වූ පොතක් ‘Map of Bones’
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ලංකාවේ මුල් වතාවට බෝට්ටුවක් ඇතුළේ එළිදැක්වූ පොතක් ‘Map of Bones’

Published September 16, 2024

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පසුගිය 8 වැනි ඉරිදා බෝට්ටුවක් ඇතුළේ අපූරු කටයුත්තක් සිද්ධ වුණා. කට්ටිය මේ බෝට්ටුවට එකතු වෙලා හිටියේ සිතියමක් ඔස්සේ පූජනීය අස්ථි කිහිපයක් හොයාගෙන යන ගමනකට එක්කාසු වෙන්න. බෝට්ටුවෙන් නැතත් ඔයාටත් මේ ත්‍රාසජනක ගමන යන්න එකතු වෙන්න තාමත් අවස්ථාව තියෙනවා. ඒත් ගමන පිටත්වෙන්න කලින් අස්ථි සිතියම හොඳින් අධ්‍යයනය කළ යුතුයි. සිතියම අධ්‍යයනය කරන්නනම් ‘Map of Bones’ කියවිය යුතුයි. ඉතින් මේ සිතියම අධ්‍යයනය කරලා ගමන යන්න පිටත්වෙන්න මුල්ම පියවර විදිහට තමයි එදා පාලිත ජයකොඩි විසින් පරිවර්තනය කළ ජේම්ස් රෝලිංගේ ‘Map of Bones’ කෘතිය දොරට වැඩුණේ…

පාලිත මහත්මයා මොකද මේ පාර වෙනස්ම විදිහකට පොත එළිදක්වන්න හිතුණේ?

මේ වැඩේ සම්පූර්ණයෙන්ම ප්ලෑන් කළේ පොතේ පබ්ලිෂර් වෙන මියුසස් ආයතනය. අපි කතාවෙලා හිටියේ විශේෂ විදිහකට අලුත් පොත එළිදක්වමු කියලා. මේ වැඩේ ලස්සනට ප්ලෑන් කරපු මියුසස් ආයතනයේ කවීෂ නඳුන්ට ස්තූති කරන්න ඕනේ.

අස්ථි ගැන පොත එළිදක්වනකොට ඔබේ අතේ අස්ථියකුත් බිඳිලා…

ඔව්. මම ගුරුවරයෙක්. දවසක් මාව පන්තියෙදි ලිස්සලා වැටිලා අත කැඩුණා. පොත එළිදක්වද්දිත් අත කැඩිලා සති තුනක් විතර.

ඔබ වික්‍රම කතාවලට වගේම ඉන්දියාව හා සබැඳි පොත් පරිවර්තනයටත් නැඹුරුවක් දක්වනවා නේද?

ඔව්. ඉන්දියානු වන කතා කීපයක්ම මම පරිවර්තනය කළා. ඒ වගේම ‘කල්කි’ සීරීස් එක සහ ඉන්දියානු ශාස්ත්‍රීය පරිවර්තන කීපයකුත් කළා.

‘Map of Bones’ පොතට කලින් මොකද්ද පරිවර්තනය කළේ?

කේන් ෆොලෙට් කියන රචකයගේ The Pillars of the Earth පොත තමයි ‘පොළව රඳන තැන’ නමින් මම පරිවර්තනය කළේ. ඒක ඓතිහාසික නවකතාවක්.ගිය පාර පොත් ප්‍රදර්ශනයෙදි ඒක එළිදැක්වුණේ. පිටු 1600 ගාණක ලොකු පොතක්. පරිවර්තනය කරන්නත් මට ලොකු කාලයක් ගියා.

කොහොමද ලේඛන කලාවට පිවිසෙන්නෙ?

ලොකු කාලයක් කියවන්නෙක් විදිහට ඉඳලා තමයි මම පර්වතයනයට යොමු වෙන්නේ. පාසල් කාලයෙදීවත් නිර්මාණකරණයේ යෙදුණෙ නෑ. 2005දි තමයි මුලින්ම පොතක් පරිවර්තනය කළේ. නමුත් ඊට කලින් ඉඳන් මට ලේඛන කලාවට පිවිසෙන්න උවමනාව තිබුණා. 1999 දි මම ලංකාදීපෙට ඉන්ටවීව් එකකටත් ගියා පුවත්පත් කලාවේදියෙක් වීමේ බලාපොරොත්තුවෙන්.

නමුත් මගේ මාමා සරත්චන්ද්‍ර ජයකොඩි කිව්වා ලේඛන කලාවට එන්න හදිස්සි වෙන්න එපා පොඩ්ඩක් ඉවසන්න කියලා. ඒ නිසා මම ඒ අදහස අත්හැරලා හිටියා. ඒ සිදුවීම වෙලා අවුරුදු පහකට පස්සෙ මාමාගේම ආරාධනයකින් තමයි මම මගේ පළමු කෘතිය පරිවර්තනය කළේ ඒ ‘Jungle of the Island of Ceylon’ කියලා ලන්දේසි ජාතිකයෙක්ගෙ මුල් කෘතියක්.

ගොඩක් අය කියන දෙයක් තමයි සරත්චන්ද්‍ර ජයකොඩි මහත්මයගෙ පොත්වල තියෙන රසබර වචන ඔබේ පොත්වලත් දකින්න ලැබෙනවා කියන දේ…

අනේ මන්දා ඒකටනම් උත්තරයක් දෙන්න මං දන්නෑ. සමහර දේවල් තියෙනවනෙ පරම්පරාවෙන්ම එන. එහෙම දෙයක් වෙන්න ඇති සමහරවිට. ඇතැම් වචන මාමාගේ රචනයන් වගේම එනවා ඇති. නමුත් ඒක හිතාමතාම මම කරන දෙයක් නෙවේ.

පවුලෙ විස්තර ගැන සඳහනක් කළොත්…

මට ඉන්නෙ දුවයි, පුතාලා දෙන්නයි. ලොකු පුතා උසස් පෙළ කරනවා. දෙවෙනියා අට ශ්‍රේණියේ. පොඩි දුව මේ පාර ශිෂ්‍යත්වේ. බිරිඳ ගුරුවරියක්. ලොකු පුතාත් පොතක් පරිවර්තනය කළා. ‘අලුත් ඉස්කෝලේ පුදුම ගුරුතුමී’ කියලා. ඒකත් මේ පාර පොත් ප්‍රදර්ශනයේදී එළි දක්වනවා.

දරු පවුලේ වැඩකටයුතුත් එක්ක කොහොමද ලියන්න වෙලාවක් වෙන් කරගන්නෙ?

බොහෝ වෙලාවට මට රෑට තමයි ලියන්න විවේකය ලැබෙන්නේ. පවුලේ වැඩකටයුතු එක්ක අවබෝධයෙන් කරගෙන යනවා. ‘Pillars of the Earth’ මං පරිවර්තනය කළේ එළිවෙනකල්ම නැගිටගෙන ඉඳලා. නමුත් මං මේ වැඩේ කාටවත් රෙකමන්ඩ් කරන්නෙනම් නෑ. මොකද ඒක ශරීර සෞඛ්‍ය එතරම් හොඳ නෑ. කොහොම නමුත් ගෙදර අයගේ     සහයෝගය නැත්නම් මට මේ මුකුත් කරගන්න වෙන්නෑ.

ඔබ කැමතිම ජාත්‍යන්තර කතුවරයා කවුද?

ඇමෙරිකානු කතුවර බුකර් ටී වොෂින්ටන්ට වැඩි කැමැත්තක් තියෙනවා. ඔහු තමයි කළු ජාතිකයින් වෙනුවෙන් ලෝකෙ පළමු වතාවට වෘත්තිය පාසලක් ආරම්භ කළේ. ඒ වගේම තරුණ රචකයෙක් වක කෙවින් වික්ටර්ටත් කැමතියි. මම ඔහුගේ පොත් තුනක් පරිවර්තනය කළා.

කොහොමද ‘Map of Bones ’ කෘතියට ලැබෙන ප්‍රතිචාර?

දැන් ටිකෙන් ටික ඒක කියවන්නෝ අතරට යනවා. එහි උච්ඡතම අවස්ථාව තමයි පහුගිය 8 වෙනිදා තිබුණේ. හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. පළවෙනි වතාවට මම James Rolling ගේ කෘතියක් පරිවර්තනය කළෙත්.

මේ සීරීස් එකේ පළවෙනි පොත ‘සෑන්ඩ්ස්ටෝම්’ පරිවර්තනය කළේ නෞමි කත්‍යානා. නෞමිගේ රැකියාවේ කාර්යබහුලත්වය එක්ක දෙවෙනි පොත කිරීමේ අපහසුවක් තියෙන බව මියුසස් එකේ කවීෂ මට කිව්වා. ඒ විදිහට තමයි මට මේ පොත පරිවර්තනය කරන්න ලැබුණේ.

එරංදි කෞශල්‍යා ✍️

TAGGED: Map of Bones
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?