නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඉස්සරහට නෙවෙයි,පස්සට ඇවිදින්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඉස්සරහට නෙවෙයි,පස්සට ඇවිදින්න

Published September 16, 2024

කාලයෙන් කාලයට එක එක දේ වෙනස් වෙනවා. ටික්ටොක් වේගයෙන් ජනතාව අතර පැතිර ගිය එවැන්නක්. ඇත්ත වශයෙන්ම එය ඇබ්බැහියක් බවට පත්වී තිබෙන්නේ වයස් භේදයකින් තොරවයි. මේවා තුළින් නවතම නිර්මාණ, අලුත් අදහස් සඳහා පසුබිම නිර්මාණයවීම සිදුවෙනවා. අතීතයේ සිට භෞත චිකිත්සකයන් විසින් භාවිත කරනු ලැබූවත් සෞඛ්‍යමය වශයෙන් එහි ඇති වැදගත්කම සොයා බැලීම සඳහා විශේෂඥයින් යොමු කළ පසුපසින් පසුපසට ඇවිදීමේ ටික්ටොක් ක්‍රීඩාවත් එවැන්නක්.

ඇවිදීමට අභියෝගයක්

ශාරීරික හා මානසික යෝග්‍යතාව රැකගැනීම සහ බර අඩුකර ගැනීම සදහා නිර්දේශිත ඉතිහාසයක් ඇති ඵලදායී ක්‍රමය සරල ඇවිදීමයි. එහෙත් පසුපසට ඇවිදීමේදී විවිධ මාංශපේශී කාණ්ඩ ක්‍රියාකාරී වෙයි. මෙමඟින් වඩාත් හොඳ සෞඛ්‍ය හා මානසික ප්‍රතිලාභ ලැබේ. හෘදයාබාධ අවදානම අඩුකර ගැනීම සඳහාද මෙය උපකාරී වෙයි.

පසුපසට ඇවිදීම ධනාත්මක ප්‍රවේශයක් වන අතර එමගින් ලැබෙන්නේ සංජානන ක්‍රියාවලියට වඩාත් ක්‍රමවත් පුහුණුවකි. Tread mill ව්‍යායාම උපකරණයක ආධාරයන් එය කළ හැකි නමුත් එළිමහනකදී හෝ ඇවිදීමේ මං තීරුවකදී වුවද එය පහසුවෙන් කළ හැකිය.

ප්‍රතිලාභ

ශක්තිය, හෘද ධමනි යෝග්‍යතාව සහ සෞඛ්‍ය, ඉරියව් පවත්වාගෙන යෑම, සමබරතාව, විශේෂයෙන් දණහිස් හා පිටකොන්ද ඇතුළු වෙනත් වේදනා සමනය, චලනය කිරීමේ හැකියාව, මානසික සෞඛ්‍ය, අවධානය සහ හඳුනාගැනීමේ හැකියාව, ශාරීරික යෝග්‍යතා වර්ධනය ආදිය මේ ව්‍යායාමය තුළින් ලැබෙන ප්‍රතිලාභයි.

පාදවලටත් හොඳයි

පාදවල මාංශපේශී ශක්තිමත් කරන නිසා දණහිස් තුවාලවලින් සුවය ලබන අයට විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. දිගු වේලාවක් හිඳගෙන සිටින අයටත් ගුණදායකයි. පාද පසුපසට තැබීමේදි සමබරතාව රැකගැනීම දියුණු වෙයි.නිවැරදි ඉරියව් සහ අවධානය ඔබ යන්නේ කොතැනටදැයි ඔබට නොපෙනෙන නිසා අවධානය සහ නිවැරදි ඉරියව් පවත්වාගෙන යෑම දියුණු වෙයි.

මේ නිසා ඇදවැටීම් අවදානම් අඩුවෙයි. එසේම වළලුකරවල චලන පරාසයද පසුපසට ඇවිදීමේදී වැඩිදියුණු වෙයි. කොඳුඇට පෙළෙහි පීඩනයද අඩුවන නිසා ඒ ආශ්‍රිත වේදනා සමනය කරයි. මානසික අබාධවලටත් හොඳයි.

සාමාන්‍ය ඇවිදීමේදී මෙන් නොව පසුපසට ඇවිදීම සඳහා වැඩි මානසික ශක්තියක් අවශ්‍ය වේ. එහිදී ඔබට සිතීමට සලස්වයි. ඔබගේ මනස චලනය හා සම්බන්ධ කරයි. මේ නිසා මනස සක්‍රිය වන අතර අවධානය යොමුකිරීමද ශක්තිමත් වන නිසා මානසික රෝගාබාධ සඳහා සහනයක් ලැබෙයි. මීට අමතරව කෙටි කාලීන මතකය ඇතුළු සිහිය හා සම්බන්ධ සංජානන ක්‍රියාකාරීත්වය අවදි කරයි.

www.healthline.com ඇසුරින්

සුනිල් අල්ගම ✍️

 

TAGGED: ඇවිදින්න
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?