නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගලේ කෙටූ ඉරි වෙනුවට දැන් සිතුවම් අඳින නිශානි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ගලේ කෙටූ ඉරි වෙනුවට දැන් සිතුවම් අඳින නිශානි

Published September 16, 2024

මැණික් ගලක පය හැපුණත් ඇස් නොපෙනෙන පුද්ගලයකුට එය අහුලා ගැනීම අපහසුයි. නමුත් ගලකටත් දෑස් දුන් මිනිසුන් ගැන අතීතයේ පටන්ම අපිට කතාකරන්නට ලැබී ඇත. ඒ විදිහට තිරුවානා ගල් කැටයක් මත අපේ ඇස සනහන සිතුවමක් නිර්මාණය කිරීමත් පහසු නොවේ. නමුත් ගොරහැඩි ගලක් මතුපිට ආකර්ශණීය සිතුවම් මවන ඇය අද අපේ කතාවේ නිමිත්ත වී ඇත.

ඔබ ගැන ඔබේ වචනයෙන්ම කියනවා නම්…

මම නිශානි රනේත්‍රි ජයසූරිය.පදිංචිය වේයන්ගොඩ. නිට්ටඹුව සංඝබෝධි පාසලෙන් අධ්‍යාපනය ලබන කාලයේ පටන්ම මම චිත්‍ර අඳින්න දක්ෂයි. ඒ නිසාම මම සමකාලීන මිතුරියන් අතර චිත්‍ර අඳින්න දක්ෂයකු විදිහට නමක් දිනාගෙන හිටියා. උසස් පෙළ වාණිජ අංශයෙන් ඉගෙනුම ලැබුවත් චිත්‍ර වෙනුවෙන් තිබුණ මගේ හැකියාව යටපත් වෙන්න ඉඩ දුන්නේ නැහැ.

ඔබට ගලක චිත්‍ර අඳින්න හිතුණේ ඇයි?

මම සාමාන්‍යයෙන් අලුත් දෙයක් කරන්න කැමැති කෙනෙක්. ඒ වගේම කඩදාසියක අඳින චිත්‍රයකට වඩා ගලක චිත්‍රයක් ඇන්දොත් වාසි ගොඩක් තියෙනවා.

මොනවද ඒ වාසි ?

කඩදාසියක අඳින චිත්‍රයක් කල් තබාගැනීම අපහසුයි. පහසුවෙන් ඉරෙන්න පුළුවන්. රාමු කළොත් හැර විවෘතව තබා ගැනීම අපහසුයි. ඒ වගේම චිත්‍ර කොළයක පරාසය විශාලයි.

ඒ නිසා කොච්චර ලස්සන චිත්‍රයක් වුණත් එය තබාගැනීමටත් වැඩි ඉඩක් ඕන වෙනවා. මේ අවාසි මම ගලක අඳින චිත්‍රයක් සමග සංසන්දනය කරලා බැලුවා. ඒ වගේම අපට කවදාවත් ගොඩ

ඉඳගෙන ජලය ගැඹුරුයි කියලා කියන්න බැහැ. අපේ ආරක්ෂාව සලසා ගෙන ජලයේ ගැඹුර පරීක්ෂා කර බලන්න ඕන. ඒ නිසා මමත් මුලින්ම ගලක චිත්‍ර ඇන්දා.

මුල්ම චිත්‍රයටත් ඉල්ලුමක් ආවා?

ඔව්. ඒ ගැන සතුටින් සඳහන් කරන්න පුළුවන්. මම මුලින්ම ගලක ඇන්ද චිත්‍ර දෙක රුපියල් 2000 කට අලෙවි වුණා. මගේ ගලක අඳින චිත්‍රවලට ඉල්ලුමක් ලැබෙන බව මටත් ඒත්තු ගියා.මට එක පුතෙක් ඉන්නවා.

දැන් එයාටත් වයස අවුරුදු 16 ක් වෙනවා. දවල්ට නිවසේ ඉන්නේ මමයි නැන්දයි විතරයි. විවේක කාලය මම සාර්ථකව යොදාගන්නවා. එක අතකින් මේක මගේ විනෝදාංශයක්.

චිත්‍රයක් ඇඳලා ඉවර වුණාම හිතට දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ. හැම කෙනෙක්ම ගලේ අඳින චිත්‍ර ගැන අගයන්න පටන් ගත්තා. මුලින්ම ඇන්ද චිත්‍ර දෙකත් අලෙවි වුණා. දැන් මම ගල්වල අඳින චිත්‍ර හැම දෙනාම අගය කරන්න පටන්ගත්තා. ඒ නිසා මට හිතුනා මේ විසිතුරු ගල් අලෙවි කරන්න. ඊට අමතරව කැන්වස් චිත්‍රත් නිර්මාණය කරනවා.

ඒ වෙනුවෙන් ඔබ ගත් පියවර…

මම ‘සිතුවම්’ නමින් ෆේස් බුක් පිටුවක් පටන් ගත්තා. ඊට අමතරව මගේ පුද්ගලික ෆේස් බුක් ගිණුමෙත් මම නිර්මාණය කරන විසිතුරු ගල් ගැන තොරතුරු දැම්මා. ඒ අනුව මට ඇනවුම් ලැබෙන්න පටන්ගත්තා.

මේ වගේ ගල් නිවසක වගේම කාර්යාලයක ලස්සන වෙනුවෙන් යොදාගන්න පුළුවන්. ඒ වගේම සිහිවටන විදිහටත්, තෑගි විදිහට දෙන්නත් පුළුවන්.

හැම ගලකම සිතුවම් අඳින්න පුළුවන්ද?

නැහැ. තිරුවානා ගල් වගේම ඒ වෙනුවෙන් විශේෂිත ගල් තිබෙනවා. අපි ‘මින් මැදුරුවල’ අලෙවියට තිබෙන ගල් මේ වෙනුවෙන් යොදා ගන්නවා. සිතුවම් අඳින්න විශේෂිත ත්‍්ඉරසජ සායම් තිබෙනවා. මේ සායම් වතුර වැටුණත් අඩු වෙන්නේ නැහැ.

ගලේ ඇන්ද චිත්‍ර වගේ කියන්නත් පුළුවන්ද?

ඔව්. මේ ගල්වල අඳින සිතුවම්වල වර්ණ වෙනස් වෙන්නේ නැහැ. මේ විසිතුරු ගල් වැස්සට, අව්වට නිරාවරණය නොවන නිසා වර්ණ වෙනස් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හිතාමතා කුරුටු ගෑමක් වැනි දෙයකින් මිසක සිතුවමට හානිවන්නේ නැහැ.

ඔබ අඳින සිතුවම් ගැනත් විස්තර කරනවා නම්…

හැම ගලක්ම එක ප්‍රමාණයේ නැහැ. ඒ නිසා ගලේ ප්‍රමාණයට අනුව සිතුවම සීමා වෙනවා. පරිසරය, සංස්කෘතික ලක්ෂණ වගේම පුද්ගලයන්ගේ සිතුවම් පවා ගලක සිත්තම් කරන්න මට පුළුවන්.

ඒ වගේම පුද්ගල ඡායාරූපයක් දීලා එය ගලක සිතුවම් කරන්න කිව්වොත් ඒ දෙය කරලා දෙනවා. ඡායාරූපයක් නම් දවස් දෙකහමාරක් වගේ ගතවෙනවා. සාමාන්‍ය චිත්‍රයක් නම් දවසක් ඇති.
මේ වගේ ගලක මිල…

මට දවසකට මෙවැනි නිර්මාණ දෙකක් පමණ කරන්න පුළුවන්. කුඩා ප්‍රමාණයේ ඒවා නම් ප්‍රවාහන ගාස්තු නැතුව රුපියල් 900 කට වගේම ඡායාරූපයක් නම් ප්‍රවාහන ගාස්තු නැතුව රුපියල් 2500 කට පමණ අලෙවි කරනවා.

දේශීය වශයෙන් වගේම මට විදේශීය රටවල්වලිනුත් ඉල්ලුම් ලැබෙනවා. දැනට ඔස්ටේ්‍රලියාව, ජර්මනිය වගේ රටවල්වලින් ඉල්ලුම් ලැබෙනවා. මේ ව්‍යාපාරය පටන් ගෙන අවුරුදු තුනක් පමණ වෙනවා.

ඒ වගේම මම බිත්ති පින්තාරු කිරීමත් දැන් කරගෙන යනවා. සාමාන්‍ය මටසිළිටු බිත්ති පින්තාරු කිරීමේ ඇනවුම් බාර ගන්නවා. රටේ ඕනෑම තැනකින් ඇනවුමක් ලැබුණොත් ඒ දෙය කරදෙන්න මට පුළුවන්.

අපේ රටේ ඔබේ විසිතුරු ගල් අලෙවි කරන්න අවස්ථාවක් ඇති කරගන්න කැමැතිද?

ඔව් අපේ රටේ කවුරුන් හෝ මේවා තමන්ගේ පළාතේ අලෙවි කරගැනීමට කැමැති නම් මගේ මුහුණු පොත ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: නිශානි, සිතුවම්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?