නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: චාල්ස් රජ්ජුරුවන්ගේ අපූරු එළුවා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

චාල්ස් රජ්ජුරුවන්ගේ අපූරු එළුවා

Published September 16, 2024

චාල්ස් රජතුමාගේ පාසල් අවධියේදී නිර්මාණය කරන ලද මැටි එළුවෙක් අද වනවිට පවුම් 5000 ක වටිනා අත්කම් නිර්මාණයක් බවට පත් වී අවසානයි. 1960 දශකයේදී චාල්ස් කුමාරයා සරසවි තමන්ගේ අත්වැඩක් ලෙසින් නිර්මාණය කරන ලද මේ පිඟන් මැටි එළු රූපය හෙලන් පැටන්ට දුන්නා. ඇය චාල්ස් කුමරු කේම්බ්‍රජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදී නේවාසිකාගාරයේ අරක්කැමි කාන්තාවක්. චාල්ස් කුමාරයා විසින් මේ මැටි රූපය ඇයට ලබා දී තිබෙන්නේ 1971 වසරේදී.

හෙලන් මේ පිඟන් මැටි එළු රූපය ඇගේ බෑණා කෙනකු වූ රේමන්ඩ් පැටන්ගේ උපන්දිනයට තෑග්ගක් ලෙසින් ලබා දුන්නා. බෑණා තමන්ට ලැබුන තෑග්ග බොහොම පරිස්සමින් රැක ගත්තා. කොටින්ම වසර 53 ක කාලයක්. රාජකීය පවුල වෙනුවෙන් තම්න්ගේ නැන්දණිය ඉතා හිතෛෂිව කටයුතු කළ අතර ඇය මව් රැජින වෙනුවෙන්ද ආහාර පිසීමේ කටයුතුවල නිරත කාන්තාවක්. පසුගිය ජූනි 4 වැනි දින හැන්සන්ස් ( Hansons) වෙන්දේසි ආයතනය විසින් මේ එළුවා පවුම් 10,000 කට ආසන්න මුදලකට වෙන්දේසි කිරීමට ලංසු තැබුවා. කොහොම වුණත් මේ සිදුවීමෙන් එකක් පැහැදිලියි. චාල්ස් රජතුමා මැටි අත්කම්වලට වැඩි කැමැත්තක් වගේම දක්ෂතාවයක් පෙන්වලා තිබෙන බවත් මෙයින් තහවුරු වෙනවා.

Daily mail ඇසුරෙන්

පුන්‍යා චාන්දනී ද සිල්වා✍️



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?