නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සයිබර් හිරිහැරවලට දඬුවම් තියෙනවා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සයිබර් හිරිහැරවලට දඬුවම් තියෙනවා

Published September 9, 2024

වැඩි පිරිසක් අන්තර්ඡාල හා සමාඡ මාධ්‍ය භාවිතය කිරීමත් සමඟම සයිබර් අවකාශය හරහා සිදුකෙරෙන අපයෝඡන, අකටයුතුකම් හා පුද්ගල හිරිහැර කිරීම්ද ඉහළ ගොස් ඇත. ඉහත මාධ්‍ය හරහා යම් පුද්ගලයෙකුගේ හෝ ආයතනයක ප්‍රතිරූපය බිදවැටෙන අයුරින් හෝ පාඩු, අලාභ සිදුවන අයුරින් නොමනා තර්ඡනාත්මක සහ අපහාසාත්මක අන්තර්ගතයන් බෙදාහැරීම මෙන්ම එයට අනුබලදීමද සයිබර් හිරිහැර යටතට වැටේ.

මෙය පුද්ගල, ආයතනික, සමාඡීය, ආර්ථික හා භූ දේශපාලනික යන විවිධාකාරයෙන් සිදුවිය හැක. පුද්ගල වශයෙන් ගත් කළ අන්තර්ඡාල අවකාශ හා සමාඡ මාධ්‍ය තුළ, තර්ජනාත්මක පණිවිඩ, කෙටි පණිවිඩ, පුද්ගලික ඡායාරූප – වීඩියෝ බෙදා හැරීම, යමෙකුගේ කීර්ති නාමයට හානි වන අයුරින් කටකතා පැතිරවීම, අපහසුතාවයට පත්වන ආකාරයේ තොරතුරු අන්තර්ඡාලයට මුදාහැරීම ආදිය ඇතුළත් වන අතර සාමාඡීය, ආර්ථික හා භූ දේශපාලනික වශයෙන් ගත්කළ පරිගණක අපරාධ, බැංකු දත්ත හා රහස් දත්ත ගබඩාවලට අනවසර ප්‍රවේශය, භූ දේශපාලනික අභිප්‍රායන් මත රටවල ආර්ථික, යුධ මර්මස්ථානවලට පහරදීම, පරිගණක වෛරස් මුදා හැරීම, රටවල ආරක්ෂක පද්ධති බිඳදැමීමට කටයුතු කිරීම, හැකර්වරුන් යොදවා කප්පම් ඉල්ලීම ආදිය දැක්විය හැකිය.

සයිබර් හිරිහැර ව්‍යාප්තියට බලපාන සාධක

අන්තර්ජාලය, විද්‍යුත් තැපෑල, සමාජ මාධ්‍ය යෙදුම් ( ට්විටර් හෙවත් (X), මුහුණු පොත, ඉන්ස්ටර්ග්‍රම්) පරිගණකජාල, සන්නිවේදන පද්ධති, ස්මාර්ට් ෆෝන් ආදිය භාවිතය.

සයිබර් හිරිහැරයට ගොදුරු වන්නෝ කවුරුන්ද?

මෙම හිංසන ( Cyber Harassments / Bullying ) වලට ලෝකයේ සෑම රටකම වයස් භේදයකින් තොරව මාර්ගගත (Online) පහසුකම් භාවිත කරන වැඩි පිරිසක් ගොදුරු වේ.

එසේ ගොදුරු වීමට හේතු

වින්දිතයන් අතර දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් වන්නේ. ජංගම දුරකථන, ටැබ්ලට් පරිගණක, සමාජමාධ්‍ය වෙබ් අඩවි යෙදුම් හා ආගන්තුක පුද්ගලයින් සමඟ දැනුවත්ව හෝ නොදැනුවත්ව සම්බන්ධව සිටීමයි.

එමෙන්ම අන්තර්ජාලය හරහා හිරිහැර කරන බොහෝ දෙනා ඡායාරූප, වීඩියෝ, නම්ගම්, දුරකථන සබදතා, ලිපින වැනි ඔවුන්ගේ පෞද්ගලිකත්වය බෙදා හදා ගැනීමට පුරුදුව සිටිම.

සයිබර් හිරිහැරවලින් ආරක්ෂා විය හැකි ආකාරය

සයිබර් හිරිහැරයට ගොදුරු වුවන් මුල් අවස්ථාවේදීම ක්‍රියාත්මක නොවීම, තනිව විසදුම් සෙවීමට යාම හා නොදන්නා පුද්ගලයින්ගෙන් උපදෙස් පැතීම වැනි කරුණු මත අගතියට පත්වේ.

එමනිසා ඔබේ මුරපදවල රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම, පොදු පරිගණකයක් භාවිත කරන අවස්ථාවලදී බ්‍රවුසරය අවසන් කිරීමට පෙර (Close) ඔබ ප්‍රවේශ වූ සියලුම ගිණුම්වලින් ඉවත් වීම (Log Out).

● ඡායාරූප හෝ වීඩියෝ අනවශ්‍ය ලෙස අන්තර්ඡාලයට මුදා හැරීමෙන් ඒවා අන්අය අතට පත්ව ඔබේ නමින් ගිණුම් සෑදීම හෝ පේජ් හරහා හුවමාරුවීමට ඇති ඉඩකඩ ඇහිරීම.

● සබැඳි මිතුරන් වැනි ව්‍යාඡ හා වංචනික ලෙස පෙනී සිටින්නන්ගෙන් සිදුවන හානි අවම කර ගැනීම.

● මුරපද සැකසීමේදී ශක්තිමත් දීර්ඝ මුරපද භාවිතය මෙන්ම පුද්ගලික නම් උපන්දින, බැංකු ගිණුම් අංක වැනි අතිශය පුද්ගලික තොරතුරු නොයෙදීම.

● වෛරස් ගාඩ් භාවිතය.

● නොදන්නා පුද්ගලයින්ගේ පණිවිඩවලට ප්‍රතිචාර නොදැක්වීම.

ඒ සම්බන්ධව ලංකාවේ පවතින නීති තත්ත්වය

සයිබර් අපරාධ විසඳීමට හා සයිබර් හිංසනයට මූලික වන පුද්ගලික දත්ත ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් නීතීමය රාමුවක් ස්ථාපිත කර ඇත.2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනතේ 6 (1) (ආ) වගන්තිය යටතේ පරිගණක වැඩසටහන් සඳහා ප්‍රාකශන හිමිකම ලැබෙන අතර එමඟින් ඔබේ මෘදුකාංග සොරා ගැනීමට ඇති අවස්ථාව වළක්වා ඇත.

2006 අංක 17 දරණ දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනත මඟින් පරිගණක සේවා සපයන්නන් (සයිබර් කැෆේ වැනි) දරුවන් ලිංගික අපයෝඡනයට ලක්කිරීමෙන් වැළැක්වීමේ වගකීමට යටත් කිරීම.

2007 අංක 24 දරණ ශ්‍රී ලංකා පරිගණක අපරාධ පනත අනුව තමන්ට නීත්‍යානුකූල අයිතියක් නොමැති පුද්ගලයන්ට පරිගණකයකට හෝ පරිගණක තොරතුරුවලට ඇති අනවසර ප්‍රවේශය අහුරා ඇත.

2022 අංක 09 දරණ පුද්ගලික දත්ත ආරක්ෂණ පනත මගින් පුද්ගලික දත්ත රැස් කිරීම, භාවිතය, ගබඩාකිරීම හා තොරතුරු හෙළිදරව් කිරීම පාලනය සදහා දැඩි නීති පනවා තිබීම.

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමට විශේෂඥ විද්වත් මණ්ඩලයකින් සමන්විත දත්ත ආරක්ෂණ අධිකාරියක් (DPA) පිහිටුවා ඇත.

එමෙන්ම රාඡ්‍ය ආයතනවල දත්ත ආරක්ෂාව සඳහා තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තිය නිකුත් කර ඇත.මීට අමතරව සයිබර් අපරාධ හා දත්ත ආරක්ෂාවට අදාල වන හා සයිබර් හිංසනය වැළැක්වීමට දායක වන නීති කීපයකි,

● 2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික් ගණුදෙණු පනත.

● 2006 අංක 30 දරණ ගෙවීම් උපාංග වංචා පනත.

● 1996 අංක 27 දරණ විදුලි සංදේශ පනත දැක්විය හැක.

සයිබර් අපරාධ පිටු දැකීමට ගත හැකි පියවර

යම් අපහාසාත්මක පණිවිඩයක් ලද විට එහි තිර රුවක් (Screen shot) ලබාගෙන එය වාර්තා කිරීම, සයිබර් අවකාශයේ ඇති අවධානම පිළිබද අන්‍යයන් දැනුවත් කිරීම, ඡායාරූප හෝ වීඩියෝ පට මුදා හැරීමට පෙර ඒවායේ හිමිකරුවන්ගේ අවසරය ලබා ගැනීම කළ යුතුය.සයිබර් හිරිහැරයකට ලක් වූ විට නිහඩව නොසිට ඒ පිළිබද බලධාරීන්ට හා පහත ආයතනයන්ට පැමිණිලි කළ හැකිය.

● ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය.

● ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ක්ෂණික දුරකථන අංක 1929

● ශ්‍රී ලංකා පොලිස් අන්තර්ඡාල අපරාධ පැමිණිලි මධ්‍යස්ථානය

● අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ ජාල අංශය

●සයිබර් අපරාධ ක්ෂණික ඇමතුම් අංක 101

නීතීඥ කුෂානි හත්තොටුව
kuhat3000@gmail.com






























 

TAGGED: සයිබර් හිරිහැර
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?