නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඉර හැරෙන පැත්තට බෑ නොකියා හැරෙන මල් වත්තක් අපේ මේ යාපනයේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඉර හැරෙන පැත්තට බෑ නොකියා හැරෙන මල් වත්තක් අපේ මේ යාපනයේ

Published September 2, 2024

විදූෂනීගේ මල්වත්තේ Photoshoot කරන්න යන්න

මල් දෙන්නෙ ආදරෙටලු. මේ ලෝකේ මල්වලට එක එක්කෙනා එක එක තේරුම් දෙනවා. ඒ අතරින් සූරියකාන්ත මල් කියන්න විශේෂ මල් ජාතියක්. ඒක නිකම්ම නිකම් මලක් නෙවෙයි. එක ඉරක් වෙනුවෙන් හැමදාම බලන් ඉන්න මලක්. ඉර හැරෙන පැත්තට බෑ නොකියා හැරෙන මලක්.

සූරියකාන්ත මල දුටුවන් පිනායන විශාල කහ පැහැති මලක්. සූරියකාන්ත මල් වත්තක් කියන්නෙ දිව්‍යලොකයක් වගේ තමා ඉතින්. අන්න ඒ වගේ දිව්‍යලොකයක් අපිට හමවුණා.

ඒ අපේ ලංකාවේ යාපනයේ අරාලි ගම්මානයෙන්.මේ ලස්සන මල්වත්තේ අයිතිකාරිය විසිහය හැවිරිදි මානික්කපිල්ලේ විදූෂනී. ඇය යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක්. උපාධිය හදාරා ඇත්තේ කලමනාකරණ විෂයන්ගෙන්.

මේ වනවිට ඇගේ නැගණියත් උසස් පෙළ විභාගයෙන් සමත්ව නිවසේ ඉන්නවා. මෙහෙම ඉන්න ගමන් විදූෂනි නංගිත් එක්ක ගෙදර පිටිපස්සෙ තියෙන ඉඩකඩේ සූරියකාන්ත මල් වවන්න අරන්. මුලින්ම නම් විනෝදෙටයි අතට සල්ලී කීයක් හරි ගන්න එකයි මෙයාලගේ අරමුණ වෙලා තියෙන්නේ.

විදූෂනි කුඩාවට පටන් ගත්ත සූරියකාන්ත මල් වගාව මේ වෙනකොට විශාල පරිමාණයෙන් වගාකිරිම් සිදුකරනවා. ඈ පවසන පරිදි සූර්යකාන්ත මල්වල ඇට කිලෝ එකකට ඉන්දියාවෙදි රුපියල් 3000 ත් 4000 ත් අතර මිලක් ගන්න පුළුවන්ලු.

මේ වගාවෙන් ඇය සූර්යකාන්ත මල් ඇට කිලෝ 25000 ත් 40000 ත් අතර ප්‍රමාණයක් ගන්න බවත් ඇය පවසනවා. යාපනය ඉන්දියව අතර නැව් සේවාවක් තිබෙන නිසා ඇය ඒ හරහා ඉන්දියාවට යවන්න පටන් ගෙන තියෙනවා.

ඉතින් පොඩියට පටන්ගත්ත මේ මල්වත්ත අද වෙනොකොට විශාල අලංකාර මල් වත්තක් වෙලා. සූරියකාන්ත මල්යායේ තියෙන සුන්දරත්වය නිසාම ඕනෑම පුද්ගලයකු මේ සූරියකාන්ත මල්වත්ත ගැන ඇතිවන හැගිම සුළුපටු නෑ. ඒ නිසාම මේ මල්වත්ත ෆොටෝ ගහන අයට ෆොටෝ ශූට් කරන්න කලාගාරයක් වෙලා තියෙනවා.

වෙඩින්වලට, ෆ්‍රී ශූට්වලට ගොඩ දෙනෙක් මේ ලස්සන සූරියකාන්ත මල් වත්තට එනවා කියලයි ආරංචි.විදූෂනිගෙ අරමුණ වෙලා තියෙන්නෙ දිගටම යාපනයේ සූර්යකාන්ත මල් වගා කරන්න.

ඇගේ මේ ලස්සන සූරියකාන්ත මල්වත්ත ධෛර්යයවන්ත දියණියක් තම ජීවිතය සාර්ථක කරගන්න කරනු ලැබු නොපසුබට උත්සාහයක ප්‍රතිඵලයක් කියලයි අපිට හිතෙන්නේ.

නිපුනි සම්මානි ✍️

TAGGED: මානික්කපිල්ලේ විදූෂනී
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love5
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?