නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගෙදර ලස්සන වැඩි කරන Sweet Bathroom
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ගෙදර ලස්සන වැඩි කරන Sweet Bathroom

Published September 2, 2024

නිවස මුලික අංගයක් ලෙස අපිට Bathroom එක සලකන්න වෙනවා. මූලිකව නිවසක් නිර්මාණය කර ගැනීමේදී අපි නිවරදි ලෙස සිදු කරනවා මෙන්ම නිවසක් අලුත්වැඩියා කිරීමේදී Bathroom නිවසට එක කරගැන්න අවස්ථාව බහුලයි. එවන් අවස්ථාවකදී, ඔබට ඇතිවන ගැටළු මගහරවා ගැනීම සඳහා මූලික කරුණු කිහිපයක් ගැන අද මම හිතුවා.

01.ස්ථානගත කිරීම…

නිවසේ කුමන ස්ථානයක Bathroom  එක පිහිටිය යුතුද යන්න සැලකිම ඉතා වැදගත්. සාලයට හා ප්‍රධාන දොරට නොපෙනෙන පරිදි තැබිම වඩාත් උචිතවේ. Bathroom දොර, කෑම කාමරයට හා කුස්සියට විවෘත නොවන පරිදි නිර්මාණය කරගත යුතුවේ. ප්‍රධාන නිතර කාමරයට හෝ අනෙක් නිදන කාමර සඳහා පහසුවෙන් භාවිත කළ හැකි පරිදි ස්ථානගත විය යුතු වේ.

අවශ්‍ය වූ විටකදී, නිවසට පැමිණෙන අමුත්තකු සඳහා වුවද, නිවැසියන්ගේ පෞද්ගලිකත්වයට හානි නොවන පරිදි භාවිත කළ හැකි අයුරින් පිහිටීම වඩාත් උචිත වේ. නිවසේ ඊශාන දිශාවට Bathroom පිහිටීම සුදුසු නොවන බව ගෘහ වාස්තු විද්‍යාවට අනුව සමාජය තුළ මුල්බැහැගත් මතයක්ද පවතී.

02. සංකල්ප

නිවස නිර්මාණය කර ඇති ගෘහ නිර්මාණ සංකල්පයට අනුව, Bathroom  එක නිර්මාණය කිරීම සිදුකළ යුතුවේ. පරිසර හිතකාමී සංකල්පයට අනුව ඔබ නිර්මාණය කරන්නේ නම්, ඒ සඳහා Coutyard එකක් සහිත, ස්වභාවික වර්ණ හා උචිත ගෙබිම් හා බිත්ති නිමාවන් ඒ සදහා යොදා ගන්න ඔබට පුළුවනි. එමෙන්ම නවීනපන්නේ ආකාරයට (Modern designs ) හා Rustic designs ආකාරයට විවිධ සංකල්ප යටතේ නිර්මාණය කර ගැනීමට හැකියාව ඇත.

03. අවශ්‍ය තාව හදුනා ගැනිම…

Bathroom  එක සම්පූර්ණ කිරිම සදහා විශාල වියදමක් දැරිමට සිදුවන බැවින් නිවසට අත්‍යවශ්‍ය අවම Bathroom ප්‍රමාණය මුලින්ම තීරණය කිරිම වඩාත් ප්‍රායෝගිකයි. ඒ සඳහා ප්‍රධාන නිදන කාමරයට සම්බන්ධ Bathroom  එකක් හා පොදු Bathroom එකක් උඩු මහලේ දක්නට ලැබේ. බිම් මහලේ අමුත්තන් ගේ කාමරය සදහා සම්බන්ධ Bathroom එකක් වෙනුවට එම කාමරය ආසන්නයේ පොදු Bathroom එකක් නිර්මාණ කිරිමට හෝ ඡදඇර රදදප ( commode හා Bash basin පමණක් සහිතව ) නිර්මාණ කිරිම ද ඔබට සිදුකල හැකි වේ.

04. ප්‍රමාණය..

බොහෝ දුරට සිදුවන්නේ නිවසේ ප්‍රමාණය මත යම් ඉඩකඩ ප්‍රමාණයක් තීරණය කිරීමයි. නමුත් සිදුවිය යුත්තේ එම අදාළ කාර්යයන් සඳහා අවශ්‍ය වන සම්මත ඉඩ ප්‍රමාණයන් ( මානව මිතික මිනුම් ලෙස සැලකේ) සහිතව Bathroom  Fittings අතර නිවැරදි ලෙස දුර පවත්වා ගනිමින් Bathroom එකෙහි ප්‍රමාණය තීරණය කිරීමයි. එහිදි, Commode එකක් භාවිත කිරීම සඳහා එහි මැද සිට දෙපසට අගල් 18 ක ප්‍රමාණයක් අවශ්‍ය වේ.

එනම් සම්පූර්ණ අඩි 3ක ප්‍රමාණයක් Commode එක භාවිත කිරීම සඳහා අපට අවශ්‍ය වේ. Shower area එක සඳහා ද අගල් 36 ක් ප්‍රමාණය වඩාත් උචිත වන අතර Wash basin area එක සදහා මැද සට අගල් 13.5 තිබිම අවශ්‍ය වන අතර, ඒ සඳහා ද සම්පූර්ණ ඉඩ ප්‍රමාණය අඩි 3ක් තැබිම වඩාත් යෝග්‍ය වේ.

ඒ අනුව බිත්තියේ එකම පැත්තේ උපාංග සවිකරන්නේ නම් Bathroom දිග අඩි 9ක් විය යුතුවේ. නමුත් අවම අඩි 8ක් වත් තිබුම අනිවාර්ය වේ. මේහිදි සම්පූර්ණ පළල අඩි 4.5 පමණ අවශ්‍ය වේ. නමුත් රජයේ සම්මත ගොඩක් රෙගුලාසි අනුව එය 2021 ගැසට් පත්‍රය අනුව අවම පළල අඩි 5 ක් ලෙස දක්වා ඇත. මෙම අවම ප්‍රමාණය සහිතව ඔබගේ සිතැගී පරිදි ඉඩකඩ සහිත Bathroom එකක් නිර්මාණය කරගැනීමට පුළුවනි.

05. උපාංග සවිකිරිම…

උපාංක සවිකිරීමේදී ඉහත මා සදහන් කළ අයුරින් භාවිත කිරීමට අවශ්‍ය අවම ඉඩ ප්‍රමාණයක් මෙන්ම සම්මත උස ප්‍රමාණයන්ද ඔබ දැනුවත් වීම මගින් නිවැරදිව භාවිත කිරීමට ඔබට පහසුවක් ඇතිවේ. මේ කාලයේදී Wash Basin සඳහා Vanity Top භාවිත කිරීම බහුලව සිදුවේ. Wash Basin හී උඩ මට්ටමේ සම්මත උස අඩි 34- 36 විය යුතුවේ.

එම නිසා Venity Top එකක් නිර්මාණ කිරිම සිදු කරන්න. එවිට එහි නිමා වූ පසුව එහි උස අඩු 28-30 විය යුතුවේ. එමෙන්ම ඔබ භාවිත කරන Wash Basin අනුව ඒ සඳහා ගැළපෙන උස හෝ මිටි ඕච එකක් තෝරා ගැනීමට ඔබට පුළුවන්. එමෙන්ම උණු වතුර හා සිසිල් වතුර දෙකම භාවිත කළ හැකියි

ඒච වෙළඳපොලේ ඇති අතර ඔබට උණු වතුර අවශ්‍ය නම් පමණක්, එවැනි ඒච භාවිත කරන්න. මිල ගණන් සැසදීමේදී, Hot Water ඒච ඉතා මිලෙන් අධික වේ. Wash Basin සදහා සැම විටම Bottle Trap එකක් භාවිත කරන්න. නාන කරාමේ සවි කිරීමේදී බිම සිට අඟල් 36 ක් උසකින් සවිකිරීමට කටයුතු කළ යුතුවේ. Showe එක අවම අඩි 7 වත් උස තිබිය යුතුවේ.

06. ආලෝකය හා වාතාශ්‍ර

හොඳින් ආලෝකය හා වාතාශ්‍රය ලැබීම ඉතාමත් වැදගත්වේ. විෂබීජ විනාශ වීම සහ දුගඳ ඇතිවීම වළක්වා ගැනීමට පුළුවනි. වාතාශ්‍රය අඩුවෙන් ලැබෙන ස්ථානයකදී කෘතිමව වාතාශ්‍රය ලබා දීම Exhaust fan භාවිත කිරීමට පුළුවනි. Light භාවිතා කිරීමේදී පොදුවේ ආලෝකය ලබාගන්නවා. කණ්නාඩිය සඳහා අමතර Light එකක් භාවිත කිරීම සිදුකළ යුතුවේ.

07. නිමාවන්…

Bathroom එකක් නිර්මාණය කිරීමේදී එහි ඇතුළත බිත්ති Waterproof කරගැනිම අනිවාර්යයෙන් සිදුකළ යුතුවේ. Tile කිරීමට පෙර නළ වතුර සම්පීඩනය කර, වතුර කාන්දු වීමක් ඇත්දැයි දිනක්වත් නිරීක්ෂණය කිරීම මඟින් ඔබට පසුව සිදු විය හැකියි ගැටලු වළක්වා ගත හැකි වේ.

පොළව සඳහා Tile කිරීමේදී, වතුර සමඟ ලිස්සන ස්වභාවයක් ඇති නොවන ටයිල් භාවිත කිරීමට ඔබ වග බලා ගත යුතුවේ. Showe area එක ටයිල් කිරීමේදී අඩි 7-8ක් පමණ උසක් කළ යුතු අතර අනෙක් බිත්ති අඩි 4ක් පමණ කිරීම සෑහේ. නමුත් සියලු බිත්ති අඩි 7 ටයිල් කිරීමට හැකි නම් එය වඩාත් යෝග්‍ය වේ. එමෙන්ම නවීන සංකල්පයට අනුව නිර්මාණය කරන්නේ නම් සිවිලිම දක්වාම සිදුවේ.

ආලෝකය හොඳින් ලැබෙන අවස්ථාවකදී තද පැහැති ටයිල් භාවිත කළ හැකි වුවද, ආලෝකය අවම ලැබෙන අවස්ථාවකදී ලා පාට ටයිල් භාවිත කිරීම මඟින් අවකාශය ආලෝකමත් වීම හා ප්‍රමාණය විශාල හැඟීමක් ඔබට ඇතිවේ. විවිධ නිවාවන් සහිත රළු ටයිල් භාවිත කිරීමේදී, ජලය සමග මුසු වන අවස්ථාවේදී, එහි නඩත්තුව හා පිරිසිදු කර ගැනීම පිළිබඳව ඔබ සැලකිලිමත් වී එවැනි ටයිල් අල්ලන ස්ථානය තීරණය කිරීම වැදගත් වේ.

උණුසුම් වතුර භාවිත කිරීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය ජල නළ පද්ධති හා විදුලි සැපයුම් ලබාදීමද ඔබ මූලික අවස්ථාවේදීම සිදු කළ යුතුවේ. වතුර බැස යාම සඳහා නියමිත ආනතියකින් යුතුව පොළොව නිර්මාණය කිරීමද ඒ සඳහා ගලිකවර භාවිත කිරීමද නිවැරදි මඟ පෙන්වීම් යටතේ සිදුකළ යුතු කාර්යයන් වේ.

ගොඩනැගිලි සැලසුම් තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පිණී
කවිෂා පෙරේරා
Viharaa HomeDesign

අර්චිත ඉඳුවර ✍️

 

TAGGED: Sweet Bathroom
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?