නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: විනාඩියකට වරක් ස්ත්‍රී දූෂණයක් වන ඉන්දියාවේ අලුත්ම බිල්ල “මෞමිතා”
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

විනාඩියකට වරක් ස්ත්‍රී දූෂණයක් වන ඉන්දියාවේ අලුත්ම බිල්ල “මෞමිතා”

Published August 26, 2024

මුළු ඉන්දියාවම විතරක් නෙවේ ඉන්දියාව එක්ක කිට්ටු සම්බන්ධකම් පවත්වන බොහෝ රටවල් පවා කම්පාවට පත් කරපු ඛේදවාචකයක් පහුගිය දවසක ඉන්දියාවේ කොල්කටාවේදී වාර්තා වුණා. ඒ වෛද්‍යවරියක් රෝහලක් තුළදීම සමූහ දූෂණයට ලක්කොට මරාදැමීමේ සිදුවීමක්. මේ විදිහට ඝාතනයට ලක්වුණේ කොල්කටාවේ වෛද්‍ය විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි වෛද්‍ය ශිෂ්‍යාවක් වන 31 හැවිරිදි මෞමිතා ඩෙබ්නාත් නැමැති තරුණියක්.

පහුගිය 09 වෙනිදා උදෑසන මෞමිතාගේ නිසල දේහය ඇගේ මිතුරියන් කිහිපදෙනෙකුට හමුවෙන්නේ කොල්කටා ආර්.ජී. කාර් රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට යාබද දේශන ශාලාවක තිබියදීයි.

ඇය මෙම සිදුවීම වන්නට පෙර රෝහලේ පැය 36 ක් එකදිගට සේවය කර ඇති අතර එදින රාත්‍රියේද සේවා මුරයක් තිබුණු බැවින් කෙටි නින්දක් සඳහා දේශන ශාලාව වෙත පැමිණ තිබුණි. එහිදී මිතුරියන්ට දක්නට ලැබී ඇත්තේ ඇයගේ සිරුර දරුණු ලිංගික අතවරයක ලක්වූ බවක් සහ සීරීම් තුවාල බොහොමයකි. ඇයව විසිදෙනෙකුට ආසන්න ප්‍රමාණයක් දූෂණය කොට තිබුණි.

මෙම ඝාතනය සැලවීමත් සමගම මුළු ඉන්දියාව පුරාම විරෝධතා රැසක් ආරම්භ වුණු අතර වෛද්‍ය අංශයේ පූර්ණ වැඩ වර්ජන සහ විරෝධතා වැඩිවෙත්ම බෙංගාල මහ ඇමතිනි මම්තා බැනර්ජි මෙම සිදුවීමේ විමර්ශන කොල්කටා පොලිසියෙන් ඉවත් කර මධ්‍යම විමර්ශන කාර්යංශය වෙත භාරදී තිබුණි.

මෞමිතා ඩෙබ්නාත්ගේ ඛේදවාචකයේ ජුගුප්සාජනකම කාරණාව මෙම අපරාදයට ඇයත් සමඟම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි වෛද්‍ය ශිෂ්‍යාවක්ද සම්බන්ධ වීමයි. පිරිමින් ගණනාවක් වරින් වර පැමිණ මෞමිතාට අතවර කරන තෙක් ඇගේම යෙහෙළිය ඇගේ දෑත් අල්ලාගෙන සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එදින සවස විවේක ගැනීම සඳහා දේශන ශාලාවට යන ලෙස පවසා ඇත්තේද මෙම මිනීමරු යෙහෙළිය බව වැඩිදුරටත් අනාවරණය වේ.

මෙම සිදුවීමට සැකපිට රෝහලේ ස්වෙච්ඡාවෙන් සේවය කළා යැයි පැවසෙන සංජේ රෝයි නැමැත්තෙක් මුලින්ම අත්අඩංගුවට ගෙන තිබුණේ මෞමිතාගේ සිරුර අසල වැටී තිබුණු ‘Earbud‘ (බ්ලූටූත් මගින් සින්දු ශ්‍රවණය කළ හැකි උපාංගයක්) එක ඔහුට අයත් වීම හේතුවෙනි.

ඔහු ඇතුළුව මේ වනවිට චූදිතයින් 19 දෙනකු අත්අඩංගුවට පත්ව ඇත. ඇයගේ මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වූයේ මනුස්ස ශරීරයකට දරාගැනීමට අපහසුතරමේ දරුණු වදහිංසනයකට ඇය ලක්ව ඇති බවයි.

මෞමිතාට මෙම පිරිස පහර දී තිබුණු අතර ප්‍රාණ නිරුද්ධ සිරුර හමුවනවිට ඇගේ කණ්නාඩි යුගලය කුඩුවී එහි වීදුරු කැබලි ඇස් දෙකද පසාරු කර ගොස් තිබුණි. අතවරයකට ලක්කොට අවසානයේ ඇයව ඝාතනය කොට තිබුණේ ගෙල සිරකිරීමෙන් බව හෙලිවී ඇත.

මෙම සිදුවීම විනාඩියකට වතාවක් ස්ත්‍රී දූෂණයක් සිදු වන ඉන්දියාවේ තවත් එක් සිදුවීමක් පමණි‘ මීට වසර කිහිපයකට පෙර මෙයාකාරයෙන්ම ඇඟ කිලිපොලා යන ඛේදවාචකයකට මුහුණ දුන්නේ ‘නිර්භයා‘ ලෙස ප්‍රසිද්ධියට පත්වූ තරුණියයි. මෞමිතාව රෝහලේදීම සමූහ දූෂණයට ලක්වූවා සේම නිර්භයාව සමූහ දූෂණයට ලක්වූයේ දෙනෝදාහක් යන එන පාරේ යමින් තිබුණ බස් රථයක් තුළදීය.

නිර්භයාගේ සිදුවීමේදීද ඉන්දීය ජනයා මෙලෙසම පාරට බැස විරෝධතා ගෙන ගියේද යළිත් මෙවැනි අපරාධයක් රට තුළ සිදුනොවෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි. නමුත් ඉන් වසර කිහිපයකට පසු නැවතත් එවැනිම අපරාධයක් සිදුවී ඇති තැන ඔවුන් නැවතත් පාරට බැස කටේ ලේ රහ එනතෙක් කෑගසා ඉල්ලා සිටින්නෙ කාන්තාවකට ආරක්ෂිතව ජීවත් විය හැකි වටපිටාවකි.

මෙලෙස එක් කාන්තාවක් වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ බේදයක් නොමැතිව සියල්ලෝම පෙළගැසෙද්දී මිනිසත්කමටත් නිගා දෙන මිනිස් වෙසින් සිටිනා තිරිසනුන් පිරිසක් ඇසැබි වෙබ් අඩවිවල සොයා ඇති වැඩිම නම වූයේ ‘මෞමිතා ඩෙබ්නාත්‘ය. මිනිසත්කම ඒ තරමටම බල්ලට ගොස් ඇති වටපිටාවක සියලුම කාන්තාවන්ට අවශ්‍ය ආරක්ෂාවක් ඉල්ලා සටන්වැදීමෙන් පලක් ඇතැයිද විටෙක සිතේ.

නමුත් විනාඩියකට වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවීමේ සංඛ්‍යා ලේඛණවලට වඩා මෞමිතාගේ සිදුවීම මුළු රටක්ම ඇවිලුණු සිදුවීමක් නිසා මෞමිතාගේ මරණයටනම් සාධාරණයක් නුදුරේදීම සිද්ධ වනු ඇත. නමුත් ඉන්දියාවේ මෙවැනි අපරාධනම් කවදාවත් නොනවතිනු ඇත.

එරංදි කෞශල්‍යා ✍️

TAGGED: ඉන්දියා, මෞමිතා, ස්ත්‍රී දූෂණ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?