නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මීයන්ට ටීවී පෙන්නලා වෙච්ච වැඩේ ළමයින්ට වෙන්න දෙන්න එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

මීයන්ට ටීවී පෙන්නලා වෙච්ච වැඩේ ළමයින්ට වෙන්න දෙන්න එපා

Published August 26, 2024
අපි දැන් ඉන්නෙ ස්මාට්, ඩිජිටල් ලෝකෙක. හැම කෙනා ගාවම තියෙන්නෙ ස්මාට් උපකරණ. හැබැයි මේ ස්මාට් ලෝකෙ ස්මාට් විදිහට ජීවත් වෙන්න හැමෝටම බෑ. ඒ නිසා අද ලිපිය ඩිජිටල්කරණය සහ මනෝවිද්‍යාව කියන මාතෘකා දෙකෙන් අපි කතා කරමු. මේ මාතෘකාවලට ප්‍රවිශ්ඨ වෙන්න කලින් පොඩි කතාවක් කියන්න ඕනෙ.

වැඩිහිටියන් වන අපි හැමෝටම ළමා කාලයක් තිබුණා. දරුවන් ඒ ළමා කාලය ගෙවමින් ඉන්නවා. අපේ පුංචි කාලෙ ස්මාට් ෆෝන් තියා ටීවී එකක්වත් ගෙදරක තිබුණෙ නෑ. නමුත් දැන් ඉන්න දරුවන්ට මේ හැමදේම තියෙනවා. ඒකෙ කිසි ගැටලුවක් නෑ. නමුත් ස්මාට් ලෝකෙ ස්මාට් විදිහට ඉන්න විදිහ පරිස්සමෙන් ඉගෙනගන්න ඕන දෙයක්.

වර්තමානයේ ඩිජිටල් පරිසරයක ඉන්න දරුවන්ගෙත් ස්වභාවික පරිසරයක හැදුණ දරුවන්ගෙත් මොළය වර්ධනය වෙන්නෙ දෙආකාරයකට. වරදවා වටහාගන්න එපා. මං මේ කියන්නෙ අපි පුංචි කාලෙ පරිසරය ආශ්‍රිතව කළ ක්‍රියාකාරකම් දැන් ඉන්න ළමයින්ටත් කරන්න කියලා නෙවේ. නමුත් මේ පරිසර දෙකේ දරුවන්ගෙ මොළයේ වර්ධනය ගැන දරුවන් දැනුවත් විය යුතුයි.

මොන තාක්ෂණික මෙවලමක් වුණත් හරියට පාවිච්චි නොකළොත් වෙන්නෙ මහ විනාශයක්. මොළය තමයි ජීවීන්ට ලැබිලා තියෙන විශිෂ්ඨම අවයවය. නමුත් මොළයක් තිබිලා වැඩක් නෑ හරියට පාවිච්චි කරන්න නොදැන.

පුංචි කාලෙදිම මොළේ විනාශ කරගත්තොත් ඔබේ ජීවිතේම අඳුරු වෙනවා. ඒ නිසා හානිකර නොවන විදිහට ස්මාට් උපකරණ පාවිච්චි කරන්න දරුවො ඉගෙනගන්න ඕනෙ.

දිමිත්‍රි ක්‍රිස්ටේකිස් කියන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා ඩිජිටල් තිරවල ක්‍රියාකාරීත්වය දරුවන්ගේ මොළයට බලපාන ආකාරය පිළිබඳව අපූරු පරීක්ෂණයක් මීයන් යොදාගෙන කළා.

දවස් දහයක් විතර වයස මී පැටවු ටිකක් අරගෙන ඒ මීයන්ගෙ කූඩු වටේට ඩිජිටල් තිර සවි කරලා දිනකට පැය 6 ගාණෙ දවස් 42ක් මීයන්ව ඩිජිටල් තිරවලට නිරාවරණය කළා. වැඩෙන මොළයකට ඩිජිටල් තිර බලපාන විදිහ අඳුනගන්න ඕන නිසයි දවස් දහයක් වයස මීයන්ව මේකට යොදාගත්තෙ.

දින 42 ගෙවුණම ඔහු ඩිජිටල් තිරවලට නිරාවරණය වුණ මීයන් සහ ස්වභාවික පරිසරයේ හිටපු මීයන්ගේ චරියාත්මක වෙනස්කම් අධ්‍යයනය කළා. සාමාන්‍යයෙන් මීයන් ගමන් කරද්දි ආරක්ෂිත චර්යාවක් අනුගමනය කරනවා.

මීයෝ දුවන්නෙ මුළුවල හැංගි හැංගි. දිමිත්‍රි ක්‍රිස්ටේකිස් මේ පර්යේෂණයට ගත්ත ස්වභාවික පරිසරයේ මීයොත් එහෙමයි. නමුත් ඩිජිටල් තිරවලට දවස් ගණනක් නිරාවරණය වුණ මීයෝ අධික ලෙස ක්‍රියාශීලී වෙලා කිසිම ආරක්ෂාවක් නැතිව හැමතැනම දුවන්න පටන්ගත්තා. මේ දේම තමයි ඉවක් බවක් නැතුව එක දිගට පැය ගණනක් ඩිජිටල් තිරවලට නිරාවරණය වෙන දරුවන්ටත් වෙන්නෙ.

අනිත් පර්යේෂණය නව දෙයක් හඳුනාගැනීම සහ කුතුහලය පරික්ෂා කිරීම. එක් දවසක් දිමිත්‍රි ක්‍රිස්ටේකිස් මේ මීයො ඉන්න කූඩු දෙකට එකම හැඩයේ බොත්තම් දෙකක් දැම්මා. මීයෝ දෙවර්ගය ඒක වටේ දුවලා, ඉව කරලා ඒ බොත්තමට හුරු වුණා.

දවස් දෙකක් විතර ගිහින් දිමිත්‍රි කූඩු දෙකෙන් එක බොත්තමක් තියෙද්දි අනිත් බොත්තම අයින් කළා. ඒ වෙනුවට වෙනස් හැඩයක බොත්තමක් කූඩු දෙකට දැම්මා. ස්වභාවික පරිසරයේ හිටපු මීයෝ වෙනස් හැඩයේ බොත්තම වටේ කුතුහලයෙන් ගිහින් බැලුවා. නමුත් ඩිජිටල් පරිසරයේ හිටපු මීයො අලුත් බොත්තම ගාවට වැඩිය ගියේ නෑ. පරණ බොත්තම ගාවම කැරකෙමින් හිටියා.

මේ වගේම තමයි ඩිජිටල් පරිසරයට වැඩි වශයෙන් මොළය නිරාවරණය වන දරුවන්ගෙත් කුතුහලය අඩුවෙලා ඉගෙනුම එපා වෙන්න ඉඩ තියෙනවා. දරුවො ලැප්ටොප්වලින්, ෆෝන්වලින් වැඩ කරන්න ඕනෙ.

නමුත් මේ හැමදේම පාවිච්චි කරන්න ඕන විනයක් ඇතුවයි. මේ ඩිජිටල් තිර අධ්‍යාපනික පරමාර්ථ සඳහා භාවිත කරනවනම් මොළයේ සංවර්ධනයට හානියක් නෑ. නමුත් ඩිජිටල් තිර වැඩිපුර පාවිච්චි වෙන්නෙ විනෝදාස්වාදය සඳහා විතරක්නම් අධි ක්‍රියාශීලීත්වය 60% කින් වැඩිවෙන්න පුළුවන්. ගේම් ගහනවනම් මේ ප්‍රතිශතය ඊටත් වැඩියි.

ඒ වගේම නිදාගන්න පැය දෙකකට කලින් ඩිජිටල් තිරවලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න අත්‍යාවශ්‍යයි. රාත්‍රී කාලයෙත් ඩිජිටල් තිරවලින් විනෝදාස්වාදයම හොයනවනම් ලේවල කෝටිසෝල් ප්‍රමාණය ඉහළ යනවා.

ගොඩක් දරුවො පාන්දර වෙනකල්ම ගේම් ගහනවා. ඊටපස්සෙ දවල් දොළහ, එක වෙනකල් නිදාගන්නවා. මේක අන්තිම නරක පුරුද්දක්. මානසික රෝගියො වෙන්නෙත් මෙහෙම පුරුදු අනුගමනය කරන දරුවෝ.

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක
සහ මනෝ චිකිත්සක
වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන


එරංදි කෞශල්‍යා ✍️

TAGGED: ඉගෙනගන්න, ළමයි
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?