නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කවකටුවෙන් චිත්‍ර අඳින සිත්තරාවී
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

කවකටුවෙන් චිත්‍ර අඳින සිත්තරාවී

Published August 19, 2024

කලාව කියන්නේ අපි කාගේත් සිත් සුවපත් කරන ඔසුවක්. ඒ අතරින් චිත්‍ර කලාව ඉතාම සුවිශේෂයි. මොකද චිත්‍ර කලාව කියන්නේ හරියට භාවනාවක් වගේ අපේ සිත් සනසන්න පුළුවන් කලාවක්. මේ චිත්‍ර කලාව ගැන එක එක කතා අපිට එක එක විදියට ඇහෙන්න, දකින්න ලැබෙන කාලෙක අමුතුම විදිහට කවකටුවෙන් චිත්‍ර අඳින සිත්තරාවියක් ගැන පුවතක් අපිට අසන්නට ලැබුණා. ඇය නමින් අශේනි. ඉතින් අපි හිතුවා ඇගේ කතාව ඇයගෙන්ම අහලා දැනගන්න.

මුලින්ම අපි අශේනිගෙ පෞද්ගලික විස්තර ටිකක් දැනගමු.

මගේ නම අශේනි ජයංගනී. මගේ වයස අවුරුදු 21 යි. මම ඉන්නේ මීගමුවෙ. දැනට මම තොරතුරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරනවා. ඒ වගේම තමයි මම පරිගණක විද්‍යාව උපාධියක් හදාරන්නත් බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ.

කොහොමද ඔයා මේ චිත්‍ර කලාවට යොමු වෙන්නේ?

ඇත්තටම මම පොඩි කාලෙ ඉඳලම චිත්‍ර ඇඳපු කෙනෙක් නෙවෙයි. ලංකාවට කොරෝන වසංගතය ආපු කාලේ ගෙදරට වෙලා ඉන්න අතරතුර තමයි මම චිත්‍ර අඳින්න පටන් ගත්තේ. ඒ ආරම්භය තමයි අද වෙද්දි මම චිත්‍ර කලාවට යොමු වෙන්න මූලිකවම බලපෑවේ.

මේ ගමනේ ආරම්භය ගැනත් කතා කළොත්….

ඔව්, මම මුලින්ම නෝමල් පෙන්සිල් ආර්ට් වලින් තමයි චිත්‍ර අඳින්න පටන් ගත්තෙ. ටික කාලයක් යද්දි මට හිතුණා මේ ක්‍රමේ පොඩ්ඩක් වෙනස් කරලා කොෆි ආර්ට් කරන්න. ඒත් එක්කම මම නෝමල් කොෆි පාවිච්චි කරලා චිත්‍ර අඳින්න පටන් ගත්තා.

ඒකත් ටික කාලයක් කරද්දි මට හිතුණා කවකටුව පාවිච්චි කරලා චිත්‍ර අඳින්න. ඉතින් මම ඒ දේත් ට්‍රයි කරලා බැලුවා. ඒකත් එක්ක අද වෙද්දි මම ගොඩක් චිත්‍ර කවකටුව භාවිතා කරලා නිර්මාණය කරනවා.

කවකටුව පාවිච්චි කරලා චිත්‍ර අඳින්න ඕන කියන අදහස ඔයාට ඇතිවෙන්නේ කොහොමද?

ඇත්තටම මේ ගැන පිටරට ආටිස්ට් කෙනෙක් කරපු වීඩියෝ එකක් ටික් ටොක් එකේ තමයි මම මුලින්ම දැක්කේ. ඒ වීඩියෝ එක දැක්කම මට ආසාවක් ආවා මේ අලුත් ක්‍රමය ට්‍රයි කරලා බලන්න. මොකද ඒ වෙද්දි ලංකාවේ කවුරුත් මේ විදිහට චිත්‍ර අඳිනවා මම දැකලා තිබුණෙ නැහැ. ඉතින් ඒ නිසා මම කවකටුව පාවිච්චි කරලා චිත්‍රයක් ඇඳලා බැලුවා.

ඔයාගේ මේ නිර්මාණ කරද්දි ඔයා භාවිත කරන උපකරණ මොනවද?

නෝමල් පෙන්සිල් ආර්ට් වලදි නම් සාමාන්‍යයෙන් B අගයේ පැන්සල්, HB, 2HB, 3HB වගේ පැන්සල් වර්ග, බ්ලෙන්ඩින් ටූල්ස්, චාකෝල් වගේ දේවල් ඕන වෙනවා. කවකටුවෙන් චිත්‍ර අඳිද්දී කවකටුව සහ 6HB, 8HB,10HB වගේ ඩාර්ක් පෙන්සිල් එකකුත් තමයි මම පාවිච්චි කරන්නේ.

ජනප්‍රිය චරිතවල චිත්‍රත් ඔයා මේ විදියට කවකටුවෙන් ඇඳලා තියෙනවද?

ඇත්තෙන්ම මම මුලින්ම කවකටුවෙන් ඇන්දෙ මිස්ටර් බීන්ගේ චිත්‍රයක්. ඒ වගේම පිටරට අයගෙන් ගත්තොතින් ඉන්දීය නළු ධනුෂ්ගෙ, ෂාරුක් ඛාන්ගෙ චිත්‍රත් ඇඳලා තියෙනවා. ලංකාවේ ශිහාන් මිහිරංග, කැලුම් ශ්‍රීමාල්, දිනේෂ් තරංග, මිෂෙල් දිල්හාරා වගේ ජනප්‍රිය චරිතවල චිත්‍රත් මම කවකටුවෙන් ඇඳලා තියෙනවා.

මේ අලුත් කන්සෙප්ට් එකත් එක්ක ඔයාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම සාමාන්‍යයෙන් අපි අඳින චිත්‍ර, නැත්නම් පෙන්සිල් ආර්ට් වගේ ඒවට වඩා වැඩි ප්‍රතිචාරයක් මේ කවකටුවෙන් අඳින චිත්‍රවලට ලැබෙනවා. මේක ලංකාවට අලුත් කන්සෙප්ට් එකක් නිසා එයාලගෙන් ලැබෙන ප්‍රතිචාර නම් ඉතාමත් ඉහළයි. සමාජ මාධ්‍යවලින්, විශේෂයෙන්ම ෆෙස්බුක් සහ ටික්ටොක් මාධ්‍යවලින් ලැබෙන ප්‍රතිචාර ගොඩක් වැඩියි.

අධ්‍යාපන කටයුතුත් එක්ක ඔයාගෙ මේ නිර්මාණ කටයුතුවලට කාලය වෙන්කර ගන්නෙ කොහොමද?

සාමාන්‍යයෙන් මේ එක නිර්මාණයකට පැය තුනක හතරක වගේ කාලයක් වැයවෙනවා. ඉතින් මම ඒ පැය ගානෙම එකම තැන වාඩිවෙලා මේ නිර්මාණය එක දිගට කරන්නේ නැහැ. මගේ අනිත් වැඩත් කරගන්න ගමන් මම නිදහසේ ඉන්න වෙලාවට, ඉඩ ලැබෙන වෙලාවට මම මගේ නිර්මාණ කටයුතු කරන්න වෙලාව හදාගන්නවා.

ඔයාගේ මේ වැඩකටයුතු කරගෙන යන්න ගෙදරින් ලැබෙන සහයෝගය ගැනත් මතක් කළොත්….

මගේ ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, නංගීයි. මගේ මේ ගමනේ හැම පියවරක්ම පිටුපසින් ඉන්න ලොකුම හයිය තමයි මගේ මේ පවුල. ඇත්තටම මේ කාලේ ආර්ට් බඩු උනත් ගොඩක් ගණන්නේ.

ඉතින් ලංකාවේ මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක මේ දේවල් ගන්නත් අමාරුයි. හැබැයි මට මේ වගේ ලස්සනට නිර්මාණ කරගෙන යන්න ඕන කරන හැම බඩුවක්ම අරන් දෙන්නේ මගේ ගෙදරින්. ඇත්තටම මේ වැඩ කටයුතු කරගෙන යන්න මට ලැබෙන ලොකුම සහයෝගය තමයි ඒක.

මොනවද අශේනිගෙ අනාගත බලාපොරොත්තු?

මගේ අනාගත බලාපොරොත්තුව Software engineer කෙනෙක් වෙන එක. ඒ වෙනුවෙන් මගේ ඩිග්‍රිය එක කම්ප්ලීට් කරන එක තමයි ලොකුම බලාපොරොත්තුව. ඒ වගේම තමයි මගේම නිර්මාණ එකතුවකුත් එක්ක මගේම කියලා චිත්‍ර ප්‍රදර්ශනයක් තියන එකත් මගේ ලොකු බලාපොරොත්තුවක්.

මේ වගේ නිර්මාණ කරන්න බලාගෙන මේ රටේ තවත් ගොඩක් අය ඇති. ඉතින් එයාලට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?

ඇත්තටම එයාලට මම මුලින්ම කියන්නේ තමන්ට පුළුවන් දෙයින් පටන් ගන්න. ඔයාට කවදාවත් වෙන කෙනෙක් වෙන්න බෑ. ඒ වගේම තමයි තව කෙනෙක් අඳිනවා වගේම චිත්‍ර අඳින්නත් ඔයාට බැහැ. ඒ නිසා ඔයාට මොකක්ද පුළුවන් අන්න එතනින් පටන් ගන්න. ඔයාට හොඳටම අඳින්න පුළුවන් ගසක චිත්‍රයක් නම් ඔයා මුලින්ම ඒක අඳින්න.

තව කෙනෙක් කරන දෙයක් අනුකරණය කරනවා වෙනුවට ඔයා ඔයාගේ දක්ෂතාවය හඳුනගෙන අන්න ඒ දේ දියුණු කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි අපි කිසිම දෙයකින් එක පාරම සාර්ථක වෙන්නේ නැහැනේ. චිත්‍ර අඳින එකත් ඒ වගේ අපිට ගොඩක් තැන්වලදී වරදිනවා. හැබැයි ඔයාට ආසාව, උත්සාහය, කැපවීම තියෙනවනම් ඔයා දවසක ඉන්න තැන ඔයාටවත් හිතාගන්න බැරිවේවි.

ටෂ්මි ගමගේ ✍️





 

TAGGED: සිත්තරාවී
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?