නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Business එක මොකක් වුණත් Register කරලම වැඩේ පටන්ගන්න.
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

Business එක මොකක් වුණත් Register කරලම වැඩේ පටන්ගන්න.

Published August 19, 2024

ශ්‍රී ලංකාවේ මිශ්‍ර ආර්ථික ප්‍රතිපත්තිය කරළියට ගෙන ඒමෙන් අනතුරුව සිදු වූ සමාජ, ආර්ථික සන්ධර්භයේ විපරිවර්තනය සමඟ කතිකාවතට පැමිණි “පුද්ගලයාගේ ආර්ථික නිදහස” නම් සංකල්පය වඩාත් ශක්තිමත් කිරීම සඳහාත්, ආර්ථිකයේ දුර්වලයා ආරක්ෂා කර ගැනීම සඳහාත්, එනම් කුඩා පරිමාණ ව්‍යවසායකයින් ආර්ථික රාමුව තුළ ආරක්ෂා කර ගැනීමටත්, ඔවුන්ව වඩාත් දිරි ගැන්වීමටත්, ඔවුන් මුහුණ දෙන අභියෝග, ගැටලු, බාධාවන්ට විසඳුමක් වශයෙන් නෛතික රාමුවක අවශ්‍යතාව පැන නැගී තිබූ සමයක ඉහත සඳහන් අරමුණු වෙනුවෙන් වර්ෂ 1938 දී සමාගම් ආඥා පනතක් නිර්මාණය කරගෙන තිබූ අතර එය 1982 අංක 17 දරණ සමාගම් පනත නමින් සංශෝධනය වී ඇත. ඉන් අනතුරුව ශ්‍රී ලාංකීය ආර්ථික රාමුවේ ඇති වූ සාධනීය තත්ත්වයන් සහ ව්‍යවසායකයින් මෙන්ම ආයෝජකයින්වද දිරිමත් කිරීමේ අරමුණින් පෙර පැවති නීතියේ අඩුලුහුඩුතා මගහරිමින් ද පනත සංශෝධනය කර ඇති අතර මේ වනවිට සමාගම් ලියාපදිංචිය සම්බන්ධයෙන් 2007 අංක 07 දරණ සමාගම් පනත ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ පවතින සමාගම් ලියාපදිංචි කළහැකි ආකාර මොනවාද?

  • සීමා සහිත සමාගම් ලෙස
  • සීමා රහිත සමාගම් ලෙස
  • ඇපයෙන් සීමිත සමාගම් ලෙස

සීමා සහිත සමාගම් නැවත කොටස් දෙකකට බෙදා ලියාපදිංචි කළ හැකිය. එනම්,

පුද්ගලික සමාගම්

අක්වෙරළ සමාගම්

මෙතැන් සිට සීමා සහිත සමාගම් ලෙස ලියාපදිංචි කළ හැකි පුද්ගලික සමාගම් ලියාපදිංචිය සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳ විමසා බැලිය හැකිය.

සමාගමක් ලියාපදිංචි කළ යුත්තේ ඇයි?

සමාගමක් ලියාපදිංචි කිරීම තුළින් එකී සමාගමට නෛතික පුද්ගලභාවයක් හිමිවේ. එසේ නෛතික පුද්ගලභාවයක් ලබා ගැනීම තුළින් සමාගම විසින් නඩු පැවරීමටත් සමාගම වෙත නඩු පැවරීමටත් හැකියාව ලැබේ.

පුද්ගලික ව්‍යාපාර ලියාපදිංචිය සඳහා වර්තමානයේ බලපවත්නා නීතිමය තත්ත්වය කුමක්ද?

සංශෝධිත 2007 අංක 07 දරණ සමාගම් පනත ප්‍රකාරව පුද්ගලික සමාගම් ලියාපදිංචිය සිදුවේ.

සමාගමක් පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමේ සරල පියවර මොනවාද?

i. ව්‍යාපාරයට ඒකීය නාමයක් තෝරා ගෙන නාමය ලියාපදිංචිය සඳහා අයදුම් කිරීම.

ii. සමාගම් ලේකම්වරයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු හෝ කිහිපදෙනෙක් පත් කර ගැනීම.

iii. ආකෘති පත්‍ර 01, 18, 19 පුරවා බාරදීම.

iv. සමාගම් ව්‍යවස්ථාවක් නිර්මාණය කොට බාරදීම.

v. සමාගමට බදු අංකයක් ලබා ගැනීම.

vi. සමාගම කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම.

vii. සමාගම ලියාපදිංචි කළ බවට මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කිරීම.මෙකී සියලු ඉල්ලීම් සහ ලේඛණ නිශ්චිත ගාස්තුවකට හා/හෝ සේවා ගාස්තුවකට යටත්ව ලබාගත යුතුය.

ලියාපදිංචියේ දී ව්‍යාපාරික නාමයක් තෝරා ගන්නේ කෙසේද?

යම් ව්‍යාපාරයක් පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමේදී සිදු කළ යුතු පළමු පියවර වන්නේ සමාගම සඳහා සුදුසු ඒකීය (Unique) නාමයක් තෝරා ගැනීමයි. සමාගම් පනතේ 04 (ආ) වගන්තිය ප්‍රකාරව එකී නාමය දැනට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නොකරන ලද නාමයක් විය යුතුවාක් මෙන්ම පනතේ 06 සහ 07 වගන්තිවල සීමා කිරීම්වලට යටත් නාමයක් වියයුතුය.

තෝරාගන්නා ලද නාමය කොපමණ කලකට වලංගු වේද?

එලෙස තෝරා ගන්නා ලද නාමය මාස තුනක කාලයකට පමණක් වලංගු වේ. යම් අපහසුතාවයකින් මාස තුනක කාලය පසුවීමකදි නැවත අදාළ ගාස්තුව ගෙවා මාස තුනක කාලයකට තෝරාගත් නාමය වෙන්කරවා ගත හැකිය.

ලියාපදිංචිය සඳහා සමාගම් නාමය ලබාගැනීමෙන් අනතුරුව ලබාදිය යුතු අනෙක් ලේඛන මොනවාද?

සමාගම් නාමය අනුමත වීමෙන් පසුව ආකෘති අංක 01, 18, 19 යන ආකෘතින් පත්‍ර ගෙවිය යුතු යම් ගාස්තුවකට යටත්ව පුරවා සමාගම් මැදුරට ගෙනවිත් බාරදිය යුතුය. නමුත් මේ වනවිට ලියාපදිංචි කටයුතු සියල්ලක්ම සිදු වන්නේ අන්තර්ජාලය ඔස්සේ බැවින් සමාගම් මැදුරෙහි eroc.drc.gov.lk යන වෙබ් අඩවියට පිවිස අදාළ ලේඛන නිසි පරිදි පුරවා ඒවා ස්කෑන් කොට අප්ලෝඩ් (upload) කළ යුතුය.

ආකෘති පත්‍ර 01, 18, 19 යනු මොනවාද?

ආකෘති පත්‍ර 01-සමාගම් ලියාපදිංචිය පිළිබඳ සහතිකය ආකෘති පත්‍ර 18-සමාගම් අධ්‍යක්ෂවරයාගේ සහතිකය ආකෘති පත්‍ර 19- සමාගම් ලේකම්වරයාගේ සහතිකය.

සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා අනිවාර්යයෙන් අධ්‍යක්ෂවරයෙක් සහ ලේකම්වරයෙක් සිටිය යුතුද?

ඔව්. 2007 අංක 07 දරණ සමාගම් පනතේ 202 සහ 221 වගන්ති ප්‍රකාරව අනිවාර්යෙන් අධ්‍යක්ෂවරයෙක් සහ ලේකම්වරයෙක් සිටිය යුතුය. මෙකී තනතුරු සඳහා පත්කිරීම් කොට අධ්‍යක්ෂ සහ ලේකම් ලෙස කටයුතු කිරීමට ඔවුන් සිය කැමැත්ත පළ කර තිබිය යුතුය.

සමාගමට ව්‍යවස්ථාවක් අනිවාර්යෙන් තිබිය යුතුද?

2007 අංක 07 දරණ සමාගම් පනතේ 13 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය ව්‍යවස්තාවක් තිබිය යුතුය. එය “සංගාමික ව්‍යවස්ථාවලිය” නමින් හැඳින්වේ. සමාගම් පනතේ පළමු උපලේඛණයේ දක්වා ඇති ආදර්ශ ව්‍යවස්ථාව හෝ ඒ හා සමාන ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර නිශ්චිත ගාස්තුවකට යටත්ව සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත යැවිය යුතුය. එකී ව්‍යවස්ථාවේ සමාගමේ කළමනාකරණය හා පරිපාලනය පිළිබඳ විධිවිධාන අන්තර්ගත විය යුතුය.

සමාගම ලියාපදිංචි කිරීමේදී බදු අංකයක් ලබාගත යුතුද?

ඔව්. වර්තමාන තත්ත්වය අනුව සමාගම්  ලියාපදිංචියට අයදුම් කරන්නා හෝ ඔහුගේ නියෝජිතයෙක් විසින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගොස් සමාගම් ලියාපදිංචිය සඳහා ලබා ලබාදුන් ආකෘති පත්‍ර අංක 01, සමාගම් ව්‍යවස්ථාව සහ ලියාපදිංචි සහතිකය ලබාදී බදු අංකයක් (TIN-Taxpayer Identification Number) ලබාගත යුතුය.පහසුව සහ කාර්යක්ෂමතාවය උදෙසා බදු අංකය ලබාගැනීම සඳහා වන අයදුම්පත්‍රය ද සමාගම් ලියාපදිංචිය සිදුකරන වෙබ් අඩවියෙන්ම ලබාගෙන අදාළ ගාස්තුව ගෙවා බදු අංකයක් ලබා ගත හැකිය.

අදාළ සමාගම සමාගම් මැදුරෙහි ලියාපදිංචි කිරීමෙන් අනතුරුව වෙනත් දෙපාර්තමේන්තුවක හෝ ආයතනයක නැවත ලියාපදිංචි කළ යුතුද?

ඔව්. කම්කරු දෙපාර්තමේන්තුවේ ද අදාළ සමාගම ලියාපදිංචි කළ යුතුය. වර්තමානය වනවිට සමාගම ලියාපදිංචි කළ පසු කම්කරු දෙපාර්තමේන්තුව වෙත යෑමට අවශ්‍ය නොවේ. ඒ සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍රය ද සමාගම් ලියාපදිංචි කිරීම සඳහා වන වෙබ් පිටුවෙන්ම ලබාගත හැකිය.

සමාගම ලියාපදිංචි කළ පසු කළ යුතු අවසන් පියවර කුමක්ද?

සමාගම ලියාපදිංචි කළ බවට මහජනතාවට නිවේදනයක් කළ යුතුය. 2007 අංක 07 දරණ සමාගම් පනතේ 09 වගන්තිය ප්‍රකාරව වැඩ කරන දින තිහක් (30) ඇතුළත සමාගම ලියාපදිංචි කළ බවට පොදු නිවේදනයකින් මහජනතාවට දැනුම් දිය යුතුය. එම දැන්වීම සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම දිනපතා පළවන පුවත්පතක පළ කළ යුතු අතර ගැසට් නිවේදනයක ද පළ කළ යුතුය.

එකී නිවේදනයේ සඳහන් විය යුත්තේ මොනවාද?

සමාගම් නාමය, ලියාපදිංචි අංකය, ලියාපදිංචි කළ දිනය සහ ලියාපදිංචි ලිපිනය පැහැදිලිව සහ නිවැරදිව නිවේදනයේ සඳහන් කළ යුතුය.

විදේශිකයෙකුටත් ශ්‍රී ලංකාවේ පුද්ගලික සමාගමක් ලියාපදිංචි කළ හැකිද?

ඔව්. නමුත් 1978 අංක 04 දරණ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 16 සහ 17 වගන්තිවල ඇති සීමා කිරීම්වලට යටත්ව විදේශිකයෙකුට වුවත් ශ්‍රී ලංකාවේ පවතින සාමාන්‍ය කාර්යපටිපාටිය යටතේ ව්‍යාපාරයක් පුද්ගලික ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීමට හැකියාව ඇත.

නීතිඥ නවෝද්‍යා ගමගේ
navodyaagamage@gmail.com

TAGGED: business, Register
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?