නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කවුද මේ ගස් දොස්තර
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

කවුද මේ ගස් දොස්තර

Published August 19, 2024

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කිව්වත් සමහර විට පැළ කාලයේදී බොහොම සෝමාරිව තිබුණ පැළ ලස්සනට අලු ගසා දාලා නැගිටිනවා. ඒ වගේම ගහකට වුණත් හැදෙන්නන් වාලේ හැදෙන්න ඉඩ නොදී ලස්සනට හැඩ වැඩ කරන්න පුළුවන්. නමුත් ඒ වෙනුවෙන් කලාත්මක ඇහැක් අවශ්‍යයි. පරිසරයට ආදරය කරන, පරිසරය ලස්සන කරන බොහොම සංවේදී අයත් අප අතර සිටිනවා. ඒ නිසාම ඔහු ‘ගස් දොස්තර ’කියන විරුදාවලියෙන් පවා හඳුන්වන්න සමාජය පුරුදු වුණා. ඉතින් ගහට හැඩතල දෙන මේ අපූරු පුද්ගලයා ගැනයි මේ කතාබහ.

ඔහුගේ පදිංචිය හම්බන්තොට කටුවල කියන ග්‍රාමයේ. නමින් ඒ. ජී. අසංක ප්‍රියදර්ශන. කුඩා කාලයේ මහනුවර දිස්ත්‍රික්කයේ අතරගල කණිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලද ඔහු එතැනින් පසුව වත්තේගම ජාතික පාසලේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හැදැරුවා.

උසස් පෙළ අවසානයෙන් අපි කවුරුත් රැකියා සොයනවා…

ඔව් මමත් රැකියාව සඳහා නාවික හමුදාවට බැඳුණා. මේ අතර මම බිම් සැකසුම් සහ උද්‍යානාලංකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව හැදැරුවා. නාවික හමුදාවේ ගබඩා පාලක තනතුරේ වසර 12 ක් සේවය කරලා එතැනින් පසුව විදේශීය වෙළෙඳ නැවක සේවයට සම්බන්ධ වුණා.

එය ජපන් නැවක්. නැවේ සේවය කරන කාලයේ මම රටවල් දහයකට දොළහකට ගියා. ඔය යන අතරේ ලස්සනට අලංකාර කරපු ගස් යොදාගෙන කරලා තියෙන උද්‍යාන, මංමාවත්, හෝටල්, නගර නිර්මාණ ආදී බොහෝ දේ දකින්න ලැබුණා.

නැව් සමාගමෙන් ඉවත් වුණා…

මම නැව් සමාගමෙන් ඉවත්වෙලා ආපහු ලංකාවට ආවා. මගේ බිරිඳත් මල් වගාවට කැමැති කෙනෙක්. ඒ නිසාම අපි පැළ වගා කරන්න උනන්දු වුණා.

අපි ඇගේ විස්තරත් දැනගනිමු

මම චන්දිමා ලක්මාලි. මම පුංචි කාලයේ ඉඳන්ම මල් වගාකරන්න කැමැතියි. අපේ වත්ත පුරාම මම හදපු මල් පිරිලා තිබුණා. එතැනින් පසුව මම විවාහ වුණා. මගේ සැමියා උද්‍යාන අලංකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාවක් හදාරා සිටියා.

ඔහු විදේශගතව සේවය කරද්දී මම නිවසේ පැළ තවානක් පටන් ගත්තා. ඒක ටික ටික සාර්ථක වුණා. ඊට පස්සේ මම හිතුවා මේක ව්‍යාපාරයක් විදිහට පටන් ගෙන දියුණු කරන්න. මම සැමියාටත් ඒ බව යෝජනා කළා. ඔහුත් කැමැති වුණා. 2012 වසරේ අපි මේ ව්‍යාපාරය ආරම්භ කළා.

උද්‍යාන අලංකරණයට යොමුවුණේ කොහොමද?

ඔය අතරේ ජපානයේ සේවය කරමින් සිට පැමිණි අපේ රටේ කෙනෙකුට එයාගේ ගෙවත්ත ලස්නට සකස් කර ගන්න උවමනා වුණා. මම ඒ කටයුත්ත බාරගත්තා. ඒ ගෙවත්ත බොහොම ලස්සනට හැදුවා. එතැනින් පසුව මට ඇනවුම් ලැබෙන්න පටන්ගත්තා. මැදමුලන වලව්වත් මගේ අතින් හැඩවුණ තවත් එක් උද්‍යානයක්. මම දැන් “ Nuwara Landscaping” කියන සන්නාමයෙන් මගේ ව්‍යාපාරය පවත්වා ගෙන යනවා.

ඊට අමතරව කොළඹ 7 සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, තිස්සමහාරාම වෝටර්ගේට් හෝටලය වගේම දැනට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රිඩකයන්, කලාකරුවන්, ව්‍යාපාරිකයන් වගේ බොහොම ප්‍රසිද්ධ චරිතවලට මම උද්‍යාන අලංකරණයෙන් දායකත්වය ලබා දී තිබෙනවා.

මේ වෙලාවේ ඔවුන් මා ගැන තැබූ විශ්වාසය පිළිබඳවත් ස්තුති කරන්න අමතක කරන්නේ නැහැ. ලංකාවේ ප්‍රසිද්ධ වටරවුම් නගර අලංකරණ නිර්මාණ රාශියක්ද ඔබට දැක බලාගන්න පුළුවන්.

ඔබ මේ හැඩගැන්වීම කරන්නේ කොහොමද?

එකම ක්‍රමයක් නැහැ. ගස් කප්පාදු කිරීමෙන් තැලීමෙන් ඇලවීමෙන් වේලීමෙන් ඇඹරීමෙන් ආදී නොයෙක් විදිහට සජීවි බව ආරක්ෂා කරමින් මේ නිර්මාණ කරනවා. අපි කියමු ඔවුන්ට අවශ්‍ය ශාකවලින් සතෙකුගේ මනුස්සයෙකුගේ හෝ වෙනත් කුමන හෝ දෙයක ආකෘතියක් කියලා. අපි විශ්වාසයෙන් ඔවුන්ගේ නිර්මාණය කර දීමට වගකීමෙන් බැඳී සිටිනවා.

මීට ටික කාලයකට පෙර විදේශික ජාතිකයකුට පෙම් යුවළකගේ ආකෘතියක් අවශ්‍ය වුණා. ඔවුන් සිමෙන්තියෙන්, යකඩෙන් හෝ ෆයිබර්වලින් මේ නිර්මාණය කරන්න කැමැති වුනේ නැහැ.

ශාක ඇලවීමෙන් හැඩගන්වලා හදාගන්න ඕන වුණා. මම ලස්සනට ඒ වැඩේ කරල දුන්නා. ඔවුන් සතුටට පත්වුණා විතරක් නොවෙයි මේ ගැන කටින් කට ප්‍රචාරය කළා. ඒ නිසාත් මගේ කලාත්මක කටයුතු තවත් ප්‍රචාරය වෙන්න පටන්ගත්තා.

ඔබෙන් වෘත්තීය පුහුණුව ලබන අය…

මම දැනට විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණු අධිකාරිය, කෘෂිකර්ම පුහුණු ආයතනය සහ වෙනත් රජයේ හා පුද්ගලික ආයතනවල පාසල් සිසුන් උදෙසා මෙන්ම යුද, නාවික, ගුවන් හමුදා සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ වගේම ගෙවීම් ලබා පුහුණුව ලබාදෙනවා.

ලංකාවේ ඕනෑම තැනක මෙම විෂය ඉගෙනගැනීමට කැමැත්තෙන් ඉන්න අය ඉන්නවා නම් ඒ අය වෙනුවෙන් මෙම විශිෂ්ඨ ප්‍රායෝගික පුහුණුව නොමිලයේම ලබාදෙන්න සූදානම්. ඒ වගේම ඔබේ ගෙවත්තේ ශාඛයක් ලෙඩ වුණොත් ඒ වෙනුවෙන් ප්‍රතිකාර කරන්න පුළුවන්. හම්බන්තොට කටුවන ප්‍රදේශයේ පවත්වා ගෙන යන ලෝකයේ පළමු ශාඛ රෝහල වෙත ගෙනැවිත් බාරදෙන්න වගේම ඒ ස්ථානයට ඇවිත් ප්‍රතිකාර කිරීමටත් අපි සූදානම්.

දැනට අක්කර පහක පැළ තවානක් පවත්වාගෙන යනවා. අපි ළග සේවය කරන නව දෙනෙක් සිටිනවා. එයින් පස් දෙනෙක්ම කාන්තාවන්. උද්‍යාන අලංකරණය වෙනුවෙන් අවශ්‍ය පැළ අපි වගාකරන නිසා අපට ලාබදායක තත්ත්වයක් තිබෙනවා. අඩි 10, 20, 30 වුණත් ගැටලුවක් නැහැ. අපි ඇනවුම ලබාදෙන තැනැත්තාට අවශ්‍ය විදිහට හැඩගන්වලා දෙනවා. සම්පූර්ණ වගකීම අපි දරනවා.

විශාල ගහක් වුණත් Root balling ක්‍රමයට ගලවාගෙන හැඩ ගන්වලා අවශ්‍ය තැනට ලබාදෙන්නත් පුළුවන්. අපි කියමු අලුතින් ගෙයක් අරගෙන යනවා නම් පරණ තැන තිබුණ ගස් මුලින්ම ගලවලා ගිහින් දෙන්න විතරක් නොවෙයි.

ඒ ගහ ලසස්නට ඔවුන්ට අවශ්‍ය විදිහට හැඩ ගන්වලාත් දෙනවා. මේ ගැන සම්පූර්ණ පසුවිපරම මම කරනවා. ඒ වගකීම සම්පූර්ණයෙන්ම අපි දරනවා.ගහක් හැඩගන්වලා වවාගන්න අවුරුදු පහක් විතර ගතවෙනවා. එතෙක් අපි ආයෝජනය කරන මුදල ලැබෙන්නේ නැහැ. ඉතින් අපි ඉවසීමෙන් බලාගෙන ඉන්නත් ඕන.

ඔබ ලබාගෙන තිබෙන සම්මාන ගැන…

■ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් 2023 වසරේ දකුණු පළාතේ හොඳම ව්‍යවසායක සම්මානය.

■ 2024 දකුණු පළාත් කර්මාන්ත මණ්ඩලයේ ඉදිකිරීම් අංශයේ හොඳම සේවා සැපයීම වෙනුවෙන් දෙවැනි ස්ථානය.

■ 2023 මානව ගාල්ල මානව සමාජ සංවර්ධන පදනම මගින් පිරිනමන ලද ව්‍යාපාර විභූෂණ ගරු නාමය.

■ 2024 කර්මාන්ත අමාත්‍යාංශය මගින් ශ්‍රීි ලංකාවේ පිළිගත් කර්මාන්ත සහතිකය.

■ මේ වෙන විට රජය විසින් පවත්වන ‘The best brand awards – 2024 අවසන් අදියරට වගේම ඊ 500 ව්‍යාපෘතියටත් මගේ නම ඇතුළත් වෙලා තිබෙනවා.

ඔබේ අනාගත බලාපොරොත්තු ගැනත් කිව්වොත්…

මගේ මේ දැනුම සහ හැකියාව උපයෝගී කරගෙන ලෝකයේ උද්‍යාන අංලකරණයට අදාළ නිෂ්පාදන සහ සේවා සැපයීමට අවශ්‍ය පුද්ගලයින් සපයන ලෝකයේ තිබෙන ්‍යමඉ එකක් එහෙම නැත්නම් කේන්ද්‍රස්ථානයක් කිරීම මගේ බලාපොරොත්තුව. අපි ලෝක උරුම නිර්මාණ බිහිකරපු පරම්පරාවක වර්තමාන පුරුක්. ඒ නිසා මගේ ඉලක්කය හීනයක් වෙන්න බැහැ. මගේ ජීවිතේ අවසන්වීමට පෙරාතුව එය යථාර්ථයක් බවට පත්කරනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?