නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලෝකයම දිනපු කෙට්ටු චිකන් ලෙග්ස් “ඇලිසන්”
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ලෝකයම දිනපු කෙට්ටු චිකන් ලෙග්ස් “ඇලිසන්”

Published August 12, 2024
ක්‍රීඩාව ගැන ලෝකයේම අවධානය යොමුවෙලා තියෙන කාලයක ලෝක ප්‍රකට ක්‍රීඩකාවක් ගැන තමයි අද අපි කතා කරන්නේ. සුසන්තිකා ජයසිංහ ලෝකඩ පදක්කම දිනාගත් 2007 ලෝක මළල ක්‍රීඩා කාන්තා මීටර් 200 තරඟාවලියේදී පහසුවෙන්ම රන් පදක්කමට උරුමකම් කියූ ඇලිසන් ෆෙලික්ස් ලංකාවේ ක්‍රීඩා ලෝලීන් අතරත් අතිශය ජනප්‍රියයි.

1985 නොවැම්බර් මස 18 වෙනිදා කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇන්ජලීස් නගරයේ ඉතාම සාමාන්‍ය පවුලක තමයි ඇලිසන් උපත ලබන්නේ. ඇය පාසල් යන කාලයේ කකුල් දෙක වැසෙන්නට දිග කලිසමක් ඇඳි නිසාත් ඇයගේ ඇඟට වඩා කකුල් දෙක කෙට්ටුවීම නිසාත් චිකන් ලෙග්ස් (Chicken legs) කියන නමින් පාසලේ හැමදෙනාම ඇයව හැඳින්වුවා.

කෙසේ වෙතත් ඇලිසන් අවුරුදු 14 දී මුළු ඇමරිකාවෙම ඉන්න වේගවත්ම කණිෂ්ඨ ක්‍රීඩිකාව බවට පත්වෙනවා. ඒවගේම ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම, 2004 ඔලිම්පික් තරගාවලියේ රිදී පදක්කම, 2005, 2007 ලෝක ශූරතා තරගාවලියේ මීටර 200 ප්‍රථම ස්ථානය, 2008 බෙයිජින් උළෙලෙහි දෙවන ස්ථානය, 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ රන් පදක්කම ආදී ලෝක ශූරතා රැසකට උරුමකම් කියන්නත් ඇය සමත් වෙලා තියෙනවා.

ඒ විතරක් නෙවෙයි අද වෙද්දි ලෝක මට්ටමේ ශූරතාවලදී වෙනත් කිසිම ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ඇලිසන් ෆෙලික්ස් තරම් පදක්කම් දිනාගෙන නැහැ. කිසිම තහනම් උත්තේජක චෝදනාවක් එල්ල නොවූ ලෝක මට්ටමේ එකම ක්‍රීඩකාව වගේම ලෝක ඉතිහාසයේ ඕනෑම ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩකාවක් දිනූ වැඩිම පදක්කම් සංඛ්‍යාවකට උරුමකම් කියන්නේත් ඇයයි.

විශේෂම කතාව වෙන්නේ 2018 අවුරුද්දේ විවාහ වූ ඇය සිවුමස් ගැබිනියක්ව සිටියදී පවා තරගවලට සහභාගි වීමයි. එහිදී ඇයට සිදුවූ අපහසුතාවයන් එක්ක ඇය තීරණය කරනවා ඇයගේ අනුග්‍රාහකයා වුණ නයික් සමාගමට විරුද්ධව නඩු පවරන්න. ඉතින් මෙහිදී ඇලිසන් තමන්ගේ අයිතීන් වෙනුවෙන් නිර්භයව කතා කළා විතරක් නෙවෙයි ගර්භනී ක්‍රීඩකාවන්ට එරෙහිව තිබුණු නීතිත් ඒ හරහා වෙනස් කරනවා. ගැහැනියකගේ ශක්තියෙන් පිළිබඳව හෑල්ලු කිරීමේ ආදීනව සැමට පසක් කරමින් ඇය අලුත් ක්‍රීඩා ඇඳුම් සමාගමක් ද පිහිටුවනවා.

ඒ සටනෙන් මාස ගණනාවකට පස්සේ ඇය දෝහා ලෝක මළල ක්‍රීඩා ශූරතාවයේදී තවත් රන් පදක්කමක් දිනාගත්තා. ඒ විතරක් නෙවෙයි ඔරෙගන් ප්‍රාන්තයේ පැවති ඔලිම්පික් තේරීම් තරගවලදී මීටර් 400 ඉසව්වෙන් ඔලිම්පික් සුදුසුකම් ලැබුවේ ඇය එහි දෙවැනි තැන හිමිකර ගනිමින්.ඉතින් දැන් ඇලිසන්ගේ වයස අවුරුදු 36 ක්.

ඇය මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේත් ඇයගේ දස්කම් පෙන්වන්න සූදානම්. මෙය ඇයගේ අවසාන ධාවන තරඟයත් වේවි. ඇය ක්‍රීඩාවට විතරක් නෙමෙයි මුළු සමාජයටම වටිනා පණිවිඩ රාශියක් ලබා දුන් ආදර්ශමත් ක්‍රීඩිකාවක්. ඉතින් මේ කෙට්ටුම කෙට්ටු චිකන් ලෙග්ස් ලෝකයම දිනපු හැටි මුළු මහත් සමාජයටම ලොකු ආදර්ශයක්.

ටෂ්මි ගමගේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?