නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නිවසට එකතු කළ යුතු Laundry area
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නිවසට එකතු කළ යුතු Laundry area

Published August 12, 2024

නාගරික වටපිටාවක් තුළ කාර්යබහුල ජීවන රටාවක් ගත කරන ගෘහණියගේ වැඩ කටයුතු පහසු කිරීම සඳහා කුඩා ඉඩකඩක ඉදිකරන Washing area  එහෙම නැත්නම් Laundry area නිර්මාණය කිරීම දැන් නිවසක අත්‍යවශ්‍ය අංගයක් වෙලා අවසන්. මෙමඟින් ගෘහණියගේ වැඩ කටයුතු පහසුවෙන් හා කාර්යක්ෂම කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.

Laundry area එක නිවසට අලංකාරයක් ගෙනෙන ආකාරයෙන් නිර්මාණය කර ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා.

ස්ථානයක් තෝරා ගැනිම..

නිවසක් නිර්මාණය කිරීමේ දී මූලික සැලසුමේ දීම Laundry area  එකක් නිර්මාණය කරගැනීම වඩාත් උචිත වේ. එහිද Washing mashing එකට අවශ්‍ය ජලය ලබාගැනීම සදහා නළ යොදා ගැනීමට හා අපිරිසිදු ජලය පිටවන නළ නිවැරදිව ස්ථාපනය කර ගැනීම අවශ්‍ය වේ. Bath room එක අසල කුඩා කොටසක් හෝ Passage එකක් ඒ සඳහා සුදුසු වේ.උඩු මහලේ Balcony එකක් වුවද සුදුසු පරිදි ආවරණය කර ගනිමින් ඒ සඳහා නිර්මාණය කර ගැනීමට ඔබට පුළුවනි. Roof top සහිත නිවසක් නම් එහි කොටසක් යොදා ගනිමින් නම් පහසුවෙන් නිර්මාණය කරගැනීමට තව හිමි වේ.

Laundry නිර්මාණය කර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

මේ සදහා අඩි 6 ක් පමණ පටු පළල සහිත ස්ථානයක් වුව ද ප්‍රමාණවත් වේ. දිග 7 ක් 8 ක් වුවද ප්‍රමාණවත් වේ. ඉහත සටහන් කළ පරිදිම, රෙදි සේදීම සඳහා Washing mashing එකට ජලය ලබා දීමට හා අපවිත්‍ර ජලය පිට වීම සඳහා  පහසුකම් සපයා ගැනීම.නළ ජලය ලබාගැනීම බට හා කරාම Washing mashing එකට යොදා ගැනීමට පහසු උසකින් හා Washing mashing එක ස්ථානය අනුව ස්ථාපනය කිරීම මෙන්ම ඉවතලන ජලය සදහා ද බට නිවැරදි ස්ථානයේ යෙදීට ඔබ මතක තබා ගත යුතු වේ.

නිවස නිර්මාණය කිරිමේන් පසුව අප Laundry නිර්මාණය කරන අවස්ථාවේ දී යොදාගන්නා මෙම නළ එළීම සඳහා බිත්ති කැඩීමක් නොකර බිත්ති මතු පිටින් බට එලා ගැනීමට බොහෝ විට සිදුවේ. එවන් අවස්ථාවක PVC නලය එම වර්ණයෙන්ම නොතියා ඔබට ගැළපෙන අයුරින් කළු, අළු වැනි වර්ණ ආධාරයෙන් නළය වර්ණ ගන්වා මෙම ස්ථානයා අලංකාර කර ගැනීමට ඔබට පුළුවනි.

එම ස්ථානයේ ම රෙදි මැදින්ම සඳහා ස්ථානයක් නිර්මාණය කරගැනීම වඩාත් උචිත වේ. ඒ සඳහා සුදුසු උස අනුව Work top එකක් නිර්මාණය කර ගැනිමද, විදුලිය ලබාගැනීම හා අවශ්‍ය නිවැරැදි උසක් සහිතව විදුලි පේනු සවිකර ගැනීම. Iron කරගත් රෙදි එල්ල තැබීම සඳහා බිත්තියේ ආධාරකයක් සවිකර ගැනීම මඟින් එම කාර්ය පහසුවෙන් සිදු කළ හැකි වේ. ඒ සඳහා වෙළඳපොළ තුළ විවිධ ආධාරක තිබෙන. සෝදාගන්නා රෙදි වේලීම සඳහා හිරු රැස් මෙම ස්ථානයට ලැබෙන පරිදි නිර්මාණය කර ගැනීම වඩාත් යෝග්‍ය වේ.

නිවැසියන්ගේ තියෙන කාර්යබහුලතාවය නිසා නොතෙමෙන පරිදි නමුත් සූර්යයා ලෝකය ලැබෙන පරිදි තරමක් විශාල වීදුරු සහිත Aluminum partition wall යොදා ගැනීම හෝ Transparent roof shet  භාවිත කරමින් වහලය නිර්මාණය කිරීම හෝ වහලයේ යම් කොටසක් හෝ ආවරණය වන පරිදි නිර්මාණය කිරීම මගින් අවශ්‍ය සූර්යයා ලෝකය පමණක් ලැබෙන පරිදි සකස් කරගැනීමට ඔබට පුළුවනි. එහිදී ඔබට ගෙදරින් පිට යන අවස්ථාවක වුව ද වර්ෂාව ගැන බියක් නොමැතිව රෙදි වේලීම සඳහා තබා යෑමට හැකියාව ලැබෙයි. රෙදි වේලා ගැනීම සඳහා ආධාරකයක් ලෙස වෙළඳපොලේ පවතින Rack යොදා ගැනීමට ද ඔබට පුළුවන්.

බිත්ති මත අකුරු සටහන් කරමින් මේ ස්ථානය වඩාත් අපූර්ව ලෙස නිර්මාණය කිරීමට ද ඔබට පුළුවනි. එහෙත් ඒ කිලුටු රෙදි බකට්, සේදුව රෙදි බකට් හඳුනා ගැනීමේ පහසුව සඳහන් නම් කිරිම වැනි දා ඔබට කරන්න පුළුවන්.එමෙන්ම හොඳින් හිරු එළිය වැටෙන ස්ථානයක් බැවින් Indoor plant තබා ගනිමින් එම ස්ථානය තවත් අලංකාර කර ගැනීමට ඔබට පුළුවනි.

ඔබට Roof top එකක් සහිත නිවසක් හිමිනම් ඔබ අනිවාර්ය Laundry area එක Roof top එකෙහි නිර්මාණය කිරීමට වඩාත් උචිත වේ. නාගරික පරිසරයක ඉදිවන ඔබේ නිවස ඉතාමත් කුඩා බිම් කොටසක නිර්මාණය වී ඇති බැවින් අවට ඇති නිවාස හා ගස් නිසා ගේ ගෙදරට ලැබෙන ආලෝකය ඉතාමත් අඩු වේ. එවැනි අවස්ථාවක දී Roof top හොඳින් හිරු එළිය ලැබීම නිසා රෙදි වේලා ගැනීමේ දී ඔබට වඩාත් පහසුවක් ඇති කරයි.

නමුත් Laundry area එක ඔබ පහත මහලේ හෝ පළමු මහලේ නිර්මාණය කරන්නේ නම් සෝදන ලද තෙත රෙදි Roof top එක සඳහා ඔසවාගෙන ගෙන ඒමට ඔබට සිදුවේ. එහිදී Laundry area එක Roof top හී ඇති විට ඔබ කිලුටු රෙදි පමණක් ගෙනැවිත් Roof top එකේදී ම සෝදා වේලා නැවත පහත මහල සඳහා සැහැල්ලු වෙන් ගෙන යාමට ඔබට හැකියාව ලැබේ.ඉතිං තවදුරටත් රෙදි සේදීම හිසරදයක් නොකර ගෙන සතුටක් හා විනොදා පෙනෙන සොඳුරු ස්තානයක් ඔබම ඔබේ ගෙදර තළ නිර්මාණය කර ගන්න.

ගොඩනැගිලි සැලසුම් තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පිණී
කවිෂා පෙරේරා
Viharaa HomeDesign


අර්චිත ඉඳුවර ✍️

TAGGED: Laundry area
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?