නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දවසක සමනලයෙක් වෙන්නෙ දළඹුවෙක් බව අමතක කරන්න එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දවසක සමනලයෙක් වෙන්නෙ දළඹුවෙක් බව අමතක කරන්න එපා

Published August 12, 2024

කවදාවත් දළඹුවෙක් සහ සමනලයෙක් සමාන කරන්න බෑ. හැබැයි අපි දන්නවා කවදහරි දවසක සමනලයෙක් වෙන්නේ දළඹුවා කියලා. නමුත් දළඹුවෙක් දැක්කම අපිට හිතෙන්නේ වත්තක කොළයක් තියෙන්න දෙන්නැති විනාසකාරී සතෙක් විදිහට. හැබැයි සමනලයෙක් ඇවිත් අපේ වත්තේ තියෙන ගහක, මලක වහලා හිටියම අපිට එහෙම කවදාවත් හිතෙනවද? නැහැ. අපිට හිතෙන්නේ ‘අනේ හරිම ලස්සන සමනලයෙක් ඇවිත් අපේ වත්තෙ මල්වලින් පැණි බොනවා, මලින් මලට ගිහින් පරාගනය කරනවා, අහිංසක සතෙක්, ස්වභාවදහමේ රිද්මය තියාගන්න සමනලයා ගොඩක් උදව් වෙනවා වගේ සිතුවිලි. පුංචි ළමයෙක්ට වුණත් රචනාවක් ලියන්න මාතෘකාවක් දුන්නොත් දෙන්නෙ ‘සමනලයෙක් කතාකරයි’ කියන මාතෘකාවෙන් මිසක් ‘දළඹුවෙක් කතා කරයි’ කියන මාතෘකාවෙන් නෙවෙයි..ු ඒ කියන්නේ අපිට සමනලයා දකිද්දි දළඹුවාව සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. දළඹුවෙක් දකිද්දි අනාගතේ නිර්මාණය වෙන්න ඉන්න සමනලයව අමතක වෙනවා.

දළඹුවට පුළුවන් ඇවිදින්න විතරයි. හෙමීට හෙමීට ඇවිදගෙන ගිහින් කොළ කාලා තමයි අවසානෙදි සමනලයෙක් වෙලා පියෑඹීමේ ශක්‍යතාව ඉගෙනගන්නේ. දළඹුවා දන්නේ නෑ එයා මේ කන කොළේ මිනිස්සුන්ට කොච්චර වටිනවද කියලා. නමුත් අවසානයේදි හෙමීට ඇවිදපු දළඹුවට පියාඹන්න පුළුවන් වෙන දවසක් එනවා. එකම සත්ත්වයාගේ අවස්ථා දෙකක්.

මේ ලිපිය කියවන ඔයා ඔයාගෙම පැත්තටම හැරිලා බලන්න. එහෙම බලද්දි ඔයාට පෙනෙයි ඔයාගේ ඇතුළේ ඉන්න කුඩා දරුවව. හරියට සමනලයෙක් තුළින් දළඹුවෙක්ව පේනවා වගේ. පුංචි දරුවෙක්ව අපි හදන්නේ එයා අනාගතයේ දවසක ලෝකෙ පුරාම ඉගිලිලා යයි කියන බලාපොරොත්තුවෙන්.

නමුත් දරුවට ඉගිල්ලෙන්න පුළුවන් වෙනකල් ඒ දරුවා අතින් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. මොන වැරදි සිද්ධ වුණත් ඒ වැරදිවලින් දරුවා විනිශ්චය කරන්න යන එක වැරදි වැඩක්. විනිශ්චය කිරීම්වලින් වෙන්නේ අනාගතයේදි දරුවෙක් සමනලයෙක් වගේ පියාඹන්න තියෙන විභවිතාව අපි නැති කරන එක.

මේ ලෝකේ එක එක හැඩයේ එක එක පාට වල සමනල්ලු ඉන්නවා. මිනිස්සුත් ඒ වගේ. එකම මිනිස් කුලකයේ වුණත් මිනිස්සු විවිධාකාරයි. එහෙම වෙන්න තමන්ගේ මුල් අවධිය බලපානවා. දළඹුවා තමන් ඉපදුණ ගහෙන්ම පෝෂණය ලබනවා වගේම පුංචි දරුවත් පෝෂණය වෙන්නේ තමන් නිතර රැඳෙන පරිසරයෙන්. දළඹුවෙක් දළඹුවෙක් විදිහටම විනිශ්චය කරන්න යන්න එපා.

ඔයාලට මතකද අපි පුංචි කාලේ ස්නේක් ඇන්ඩ් ලැඩර් කියලා සෙල්ලමක් කළා? ඒ ගේම් එකේදි උඩට නගින්න තියෙන ඉනිමංවලට වඩා අපිට හම්බවෙන්නෙ සර්පයෝ. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතත්.

අපිව උඩකින් තියලා පෝෂණය කරන්න මිනිස්සු හරි අකමැතියි. එහෙම මිනිස්සු හොයාගන්න හරි අඩුයි. ඒ නිසා හැමෝම ගැන හිතන්න කවද හරි මේ ඉන්නේ සමනළයෙක් වෙන දළඹුවෙක් කියලා.

ලෝකෙ ලස්සන න්‍යායක් තියෙනවා ‘සමනල ආචරණය’ කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ ‘Butterfly effect’. මේ න්‍යායේ තේරුම එක තැනක සමනලයෙක් තටු ගහද්දි ඒක ලෝකෙ කොහේ හරි තැනක භූමිකම්පාවක් ඇති කරන තරමටම බලපෑමක් ඇති කරනවා කියලා. පුංචි දෙයකින් පුළුවන් විශාල වෙනසක් ඇති කරන්න.

ඒ තරමටම ස්වභාවධර්මය හරිම සමබරයි. මේකෙදි සමනලයෙක් තටු ගහද්දි භූමිකම්පාවක් ඇතිවෙන එක වැරදියට තේරුම් ගන්න එපා. එයින් අදහස් වෙන්නේ ස්වභාවධර්මය වෙනුවෙන් සමනලයට කරන්න පුළුවන් ලොකු දේවල් තියෙනවා. ඒ නිසා දළඹුවා ජීවිත කාලෙම දළඹු වේශයෙන්ම ඉන්නවා කියලා හිතන්න එපා.

මනෝ විද්‍යාඥ,
ආචාර්ය අශෝක් ප්‍රියදර්ශන


එරංදි කෞශල්‍යා ✍️

TAGGED: මනෝ විද්‍යාඥ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?